HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

කෘමි ලොවේ නුදුටු පැති - කෘමීන් තනන විස්මිත පාලම්


මේ රූප පෙළෙන් ඔබ දකින්නේ පුංචි කුහුඹුවන් රංචුවක් දිය කඩිත්තක් හරහා යන ගමනකදී දුෂ්කරතා ජය ගන්නා හැටියි. මැක්රෝ ඡායාරූප ශිල්පය යොදා නොගෙන කැමරාවේ කාචය අනික් පැත්ත හරවා ගත් අපූරු රූප පෙළක් තුළින් කෘමි නුදුටු මුහුණු දුට හැටි ඔබට මතක ඇති. ඒත් පින්තූර කැමරාවට නගා ඇත්තේ මැක්රෝ ඡායාරූප ශිල්පය යොදා ගෙනයි.

දිය කඩිත්තෙහි ඇති බාධක ගල්පරවලින් මාරු වීමේ දී කුහුඹුවන් ගන්නා උත්සාහයේ දී ඔවුන්ගේ සිරුරු ජලය මත පරාවර්තනය වී දැක්වෙන අයුරු සිත්ගන්නාසුලූයි.

මේ පින්තූර කැමරාවට ගත්තේ ඉන්දුනීසියාවේ කෙපුලෟව්වාන් රි ඕවල වෙසෙන වින්සන්ටියස් ෆර්ඩිනන්ඞ් කියන කැමරා ශිල්පියායි. ”මගේ නිවස අසල තැනකයි, මං මේ පින්තූර ගත්තේ.” ඔහු කියනවා.


”මං කුහුඹු ලෝකයේ පින්තූර ගන්න ආසයි. ඔවුන්ගේ හැසිරීම් රටා හරිම අපූරුයි. ඔවුන් දහස් ගණනක් එක් වෙලා එකමුතුව තමන්ගෙ ජනපදයෙ යහපතට වැඩ කරන හැටි දැක්කම හරිම පුදුමයි. මං මේ කෘමි සතුන් කැමරාවට නඟන්න පටන් ගත්තෙ 2009 සිටයි. මැක්රො  ඡායාරූප ශිල්පය භාවිත කිරීමෙන් මං ලොකු ආශ්වාදයක් ලබනවා. මේ මං ගත්ත පින්තූවලින් මං ආසාම කරන ඒවා කීපයක්. මේ කුහුඹුවන්ගේ වර්ණය පසුබිමත් එක්ක හොඳටම ගැළපෙනවා. ඒ නිසා ඔවුන්ගේ ලස්සන හොඳින් දැක ගන්න පුළුවන්.” ඔහු මේ පින්තූර ගැන කියන්නෙ එහෙමයි.

කෘමීන් ඇන්ටාර්ක්ටිකාවේ හැර මේ මිහිපිට හැම තැනකම ඉන්නවා. ලෝක ව්‍යාප්තිය අතින් මේ සතුන්ට සම කරන්න පුළුවන් තවත් සත්ව වර්ගයක් නැහැ. කෘමී ලෝකයට අයත් විවිධ සත්ව විශේෂ මිලියන ගණනක්. තවමත් අප හඳුනා නොගත් සත්ව විශේෂත් මහ ගොඩක් ඇති. සියලූ ම කෘමීන් අපෘෂ්ඨවංශිකයන්, ඔවුන් ඇතුළත් වන්නේ හැඳින්වෙන්නේ සන්ධිපාදකයන් හෙවත් ආත්‍රොපෝඩා ගෝත‍්‍රයටයි. මෙහි ඉන්නා කුහුඹුවන් අයත් වන්නේත් ඒ ගෝත‍්‍රයටයි. ඕනෑම පරිසරයකට හැඩ ගැසීමට ඇති හැකියාව, ආහාර සොයා ගැනීමට ඇති දක්ෂතාව, සමූහිකව සැලසුම් සහගතව වැඩ කිරීම, ආරක්ෂාව සගසා ගැනීමේ සුහුරු බව වැනි කරුණු නිසා කෘමීන් අනභිභවනීය සතුන් විශේෂයක්.

දැන් ඔක්කොම හරි! අනික් පැත්තට ගිය කුහුඹුවන් තිදෙනෙක්.

හොඳින් දිග ඇදුනාම අනෙක් පැත්තට යන එක ලේසියි

වද වෙන්න එපා! මං ඔයාට උදව් කරන්නම්. අනික් පැත්තට යන්නට අත දෙනවා

තිබහ හැදෙන වැඩක්: එක් කුහුඹුවෙක් මඳක් නැවතී දිය බොනවා

Post a Comment

6 Comments

  1. ලස්සන පින්තූර පෙළක්... ඇත්තටම ඉතින් සැනසිල්ලේ නැවතිලා මෙයාලා දිහා බලා ඉන්න අපට පුළුවනෑ...

    ඇත්තටම ටිකක් වෙලා බලා හිටියොත් ගන්න ආදර්ශ බොහොමයි..

    ReplyDelete
  2. පර්සි මහත්මයා,
    මේ ඡායාරූප ශිල්පියා ගත්තු කුහුඹුවන්ගෙ අනික් පින්තුරු බලාගන්න තැනක් තියෙනවද?

    ReplyDelete
  3. @ බුද්ධි : වැඩි විස්තර සදහා අප උපුටාගත් DailyMail ලිපියත් බලන්න
    http://www.dailymail.co.uk/sciencetech/article-2102104/Brilli-ant-close-photos-trials-faced-group-mini-beasts-try-cross-tiny-channel.html#ixzz1mjHjUbCR

    - වජිර ජයමාන්න (මල් කැකුළු)

    ReplyDelete
  4. @ බුද්ධි : ඡායාරූප ශිල්පියා ගත්තු අනික් පින්තුරු

    http://1x.com/artist/Ferdinand

    - වජිර ජයමාන්න (මල් කැකුළු)

    ReplyDelete
  5. ස්තුතියි වජිර මහත්මයා, ඉක්මන් ප්‍රතිචාරයට.

    ReplyDelete