HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

කොයිතරම් ප‍්‍රමාණයක් නින්ද අවශ්‍ය ද? නවතම අධ්‍යයනයක්!

තරුණ ළමයින් බොහෝ විට තමන්ට තවත් වැඩිපුර වෙලාවක් නිදා ගන්නට යැයි කියන අවස්ථා අප දැක තියෙනවා. පාඩම් කරන්නට යැයි දෙමාපියන් දරුවන් පාන්දරින් ඇහරවන එක නිතරම සිදු වන්නක්. ඒත් ඒක සුදුසු ද?

ඒත් පමණට වඩා නිදා ගැනීම තරුණ ළමුන් පාසල් කටයුතුවල දී පසුගාමී විය හැකි බව පර්යේෂණයේ පෙන්වා දීල තියෙනවා.

අධ්‍යයනයෙන් සොයා ගෙන ඇත්තේ ඇඳේ වැතිර සිටීම අඩු කොට හොඳින් නිදා ගැනීමට පුරුදු වීමෙන් ඉගෙනීමේ දී වැඩි සාර්ථකත්වයක් ලබා ගත හැකි බවයි.

 
පරීක්ෂණවලින් පෙනී ගොස් ඇත්තේ 16 හැවිරිදි අයට අනුමත කර ඇති පරිදි දිනකට පැය 9ක් නිදා ගන්නා අයට වඩා 7ක් නිදා ගත් අය විභාගවලින් වැඩි දක්ෂතා පෙන්නුම් කරන බවයි.


කොයිතරම් ප‍්‍රමාණයක් නින්ද අවශ්‍ය ද?
බොහෝ අධ්‍යයනයන්ගෙන් යෝජනා කර ඇත්තේ යොවුන් වියේ අය අඩු තරමින් පැය නවයක්වත් නිදා ගත යුතු බවයි. මෙයට කලින් පවත්වන ලද අධ්‍යයනයන්ගෙන් කියැවුණේ අවුරුදු 7-12 අතර ළමුන් පැය 11ක් වත් නිදා ගතයුතු බවයි.

නමුත් ඇමරිකාවේ ඌටාහි බි‍්‍රන්හැම් යොවුන් විශ්ව විද්‍යාලය විසින් කරන ලද නවතම පර්යේෂණයකට අනුව විභාගවලදී හොඳින් ප‍්‍රතිචාර දැක්වීමට නම් වයස් අනුව ලබා ගත යුතු නින්දේ ප‍්‍රමාණය පහත දැක්වෙනවා.

අවුරුදු 10 දී: පැය 9-9.5ත් අතර
අවුරුදු 12 දී: පැය 8-8.5ත් අතර
අවුරුදු 16 දී: පැය 7 ක්

එසේ වුවත්, නින්ද පිළිබඳ අධ්‍යයනයන්ට අනුව අවශ්‍ය උපරිම නින්දේ ප‍්‍රමාණය වෙනස් වෙනවා. ඒ නිසා තරුණ දරුවාට අවශ්‍ය නින්දේ උපරිම සීමාව තෝරා ගැනීම තම සිතැඟි පරිදි කිරීම වඩාත් සුදුසුයි.

මේ නවතම විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන්ට අනුව වයස අවුරුදු 16ක දරුවකුට එක් රාති‍්‍රයකදී ලැබිය යුතු උපරිම නින්ද පැය 7ක් බව පැහැදිලියි.

මෙම අධ්‍යයනය කළ ප‍්‍රධාන පර්යේෂක එරික් අයිඞ් කියන්නේ, ”අප මෙහිදී දරුවාගේ නින්ද අහිමි කිරීමක් අදහස් කරන්නේ නෑ. අප යෝජනා කරන්නේ ඒ වයසේ දී පැය 7ක හොඳ නින්දක් හොඳටම ප‍්‍රමාණවත් බවයි.”

මේ පිළිබඳ වාර්තාවක් ‘ඊස්ටර්න් ඉකොනොමික්ස් ජර්නල්’ නම් සඟරාවේ පළ කර තියෙනවා. අවශ්‍ය නින්දේ උපරිම ප‍්‍රමාණය වයසට යාමත් සමග අඩු වෙනවා.

10 හැවිරිදි දරුවකුට අවශ්‍ය නින්දේ ප‍්‍රමාණය එක් රැයක දී පැය 9ක් වන අතර වයස අවුරුදු 12ක් වන දරුවකුට පැය 8ක් ප‍්‍රමාණවත්.

පර්යේෂකයන් මේ සඳහා ප‍්‍රාථමික හා ද්විතීයික පාසල් සිසුන් 1724ක් යොදවා ගෙන ඇති අතර ඔවුන් ලැබූ නින්දේ ප‍්‍රමාණය හා විභාගවලදී ගත් ප‍්‍රතිඵල සැලකිල්ලට ගෙන තියෙනවා.

සාමාන්‍යයෙන් ක‍්‍රමවත් නින්දක් ඇති දරුවන් විභාගවලින් හොඳ ප‍්‍රතිඵල ලබනවා.

විභාග ප‍්‍රතිඵලවලට නින්දේ බලපෑම සිදුවන්නේ කරුණු මුල් කර ගෙනයි. එහි දි ළමයාගේ මාපියන්ගේ අධ්‍යාපන මට්ටමත් බලපානවා.

මෙම අධ්‍යයන වාර්තාවේ සම ලේඛක වන ආර්ථික විද්‍යා මහාචාර්ය මාක් ෂෝවෝල්ටර් කියන්නේ, ”අපේ  විශ්ව විද්‍යාලයේ ළමයින්ගෙන් වැඩි දෙනෙක් උදේ උසස් විදුහලේ ආගමික පන්තිවලට යන අයයි. ඒ අයට දැන් අවබෝධ වෙලා තියෙනවා පන්තියේ හොඳම ළමයින්ට පැය නවයක නින්දක් අවශ්‍ය නොවන බව.” කියායි.

චිකාගෝ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන්ට අනුව රාති‍්‍රයකට පැය පහකට අඩු ප‍්‍රමාණයක නින්දක් සතියකට වැඩි කාලයක් ලබන අයගේ ටෙස්ටොස්ටෙරෝන් මට්ටම් සම්පූර්ණ රැයම නිදි විවේකය ලබන අයට වඩා සැලකිය යුතු මට්ටමින් පහත වැටෙනවා.

එසේම ටෙස්ටොස්ටෙරෝන්වල බලපෑම නිසා පුරුෂයන්ගේ කාම ශක්තිය හීන වී යනවා පමණක් නොව ශක්ති මට්ටම් හා ජවය ද පහත වැටෙනවා.

ඇමරිකන් මෙඩිකල් ඇසොසියේෂන් ජර්නල් හෙවත් ඇමරිකානු වෛද්‍ය සංගමයේ සඟරාවට ලිපියක් ලියන චිකාගෝ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් කියන්නේ අවුරුදු 15ට වැඩි අයට අදාළව මෙවැනි තත්වයක් ඇති වීම හෝමෝන මට්ටම් පහත වැටීමට තදින් බලපාන බවයි.

මේ අතර 10 අවුරුද්දක් තිස්සේ කාන්තාවක් දහස් ගණනක් යොදා ගෙන කරන ලද අධ්‍යයනයකට අනුව කායිකව ඉතා කි‍්‍රයාකාරී කාන්තාවන් අතර පියයුරු පිළිකා ඇතුළු පිළිකාමය තත්වයන් ඇති වීම සැලකිය යුතු ප‍්‍රමාණයකින් අඩු බව හෙළි වී තියෙනවා.

ඇමරිකානු රජයේ අරමුදල් යොදවා පවත්වා ගෙන යන ජාතික පිළිකා ආයතනයේ පර්යේෂකයන් විසින් 10 වසරක් තිස්සේ ඔවුන්ගේ සෞඛ්‍යය ගැන කළ එම අධ්‍යයනය ආරම්භ කරන්නට පෙර ඒ කාන්තාවන් 6000කගේ ව්‍යායාම් ගැනීමේ හා නින්ද ලබන ආකාරයන් ගැන විමසුම් කර සටහන් කර ගෙන තිබුණා.

Post a Comment

2 Comments

  1. Ninda gana lipiyata Sthuthiy! Malkakulu thulin danuma vadi venava.

    ReplyDelete