HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ඈත අතීතයේ සාගරයේ අණසක පැතිරවූ දැවැන්තයෝ


නපුරු පොඞ්ඩා: ‘මෙසොසෝර්
සාගරයේ අණසක පැතිරවූ තියුණු දත්වලින් සහ දිගුවල්ගයකින් යුත් ‘මෙසොසෝර්’ සත්ත්වයන් ජීවත් වුණේ වසර මිලියන 125 ක් තරම් ඈත අතීතයේදී සිලූරියානු අවධියෙන් පසු ඇතිවූ පර්මියානු අවධියේදීයි. ශාක සහ ජීවීන් ගොඩබිමට පැතිර යන්න පටන් ගන්නේ පර්මියානු අවධියේදීයි.  ඩයිනසෝරයන් පෘථිවියේ රජ කිරීම ඇරඹෙන්නේද මේ අවධියේදීයි. ඒත් මුහුදෙන් ඇරඹුණු ජීවය මුහුදේ තව තවත් හොඳින් පරිණාමය වී වර්ධනය වුණා. මුලින්ම පහළ වූ උරග විශේෂ අතරින් කීප දෙනකු ජලජ ජීවිතය තෝරා ගත්තා. සමහරු ගොඩබිම වැව් පොකුණු ගංගා ආශ‍්‍රිත මිරිදියට පි‍්‍රය කළා. තවත් සමහර උරගයන් මහා සාගරය තෝරා ගත්තා. ‘මෙසොසෝර්’ යනු එලෙස සගරයේ ජීවිතයට හුරු වූ සත්ත්වයෙකි. පෙනුමෙන් නපුරෙක් වුනාට උන්ගේ දිග අඟල් 28 ක් පමණයි, කියලා කීවොත් පුදුම වේවි. උන් කිඹුල්ලූන්ට හුඟක්ම සමානයි. නමුත් පරිණාම චාරිකාවේ අපට අහිමි වී වඳවී ගිය සත්ත්වයෙක් හැටියට ‘මෙසොසෝර්’ හඳුන්වා දෙන්න පුළුවන්. මොවුන්ගේ මෘදු පොසිල අස්ථි කැබැලි අපි‍්‍රකාවෙන් හා දකුණු ඇමෙරිකාවෙන් හමුවී තිබෙනවා. මේ මහාද්වීප ඈත අතීතයේ එකට යාවී තිබුණු බවට මේ අස්ථි කැබැලි හොඳ සාධකයක්.



උරග මාලූවෝ 
ති‍්‍රයාසික යුගය වෙද්දී, ඒ කියන්නේ පර්මියානු අවධියේ සිට මිලියන 230 ක් ගතවුණාට පස්සේ, සාගරයට ගිය උරගයන් බොහොමයක් මත්ස්‍යයන් බවට පරිණාමය වුණා. මේ ආකාරයට මුලින් ම බිහිවූ උරග-මත්ස්‍යයන් වර්ගයක් තමයි, ඉක්තියෝසෝරස් කියලා කියන්නේ. එවැනි ඉක්තියෝසෝරස් උරග-මත්ස්‍ය ගණයට අයත් විශේෂයක් තමයි, ස්ටෙනොප්තෙරිගියස් කියලා කියන්නේ. උරගයින්ව සිටි අවධියේ මොවුන්ට තිබුණු දිගු වල්ගය කෙටි වී ශක්තිමත් පසුපස වරල් නිර්මාණය වුණා. ගොඩබිමේදී උපකාරී වූ සිහින් පාද ජලයේ පිහිනා යාමට හැකි පැඩල ලෙස පරිණාමය වුණා. ස්ටෙනොප්තෙරිගියස් සත්ත්වයන්ට පෙනහලූ තිබුණු නිසා හුස්ම ගන්න ජල මතුපිටට ඒමට සිද්ධ වුණා. මවගේ කුසෙන් එළියට පැමිණෙන ස්ටෙනොප්තෙරිගියස් පැටවුන්ට පුංචි වලිගයක් තිබෙන්න ඇති බව පොසිල විද්‍යාඥයන් පොසිල සාක්ෂි අනුව පෙන්වා දෙනවා. හුස්ම ගන්න ඉක්මනින් ජල මතුපිටට යන්න මේ වල්ගය උපකාරී වෙන්න ඇති. මේ වල්ගය තිබෙන්නේ සති කීපයකට පමණක් බවත් විද්‍යාඥයන් කියනවා. ඉක්තියෝසෝරස් සත්ත්වයන්ට පැහැදිලිව දැකීමට ලොකු ඇස් මෙන්ම ලිස්සා යන පුංචි මාළු ගොදුරු කර ගන්න තියුණු දත් තිබුණා.


කි‍්‍රටේසීය යුගයේ මූදු මකරුන්
උරග දැවැන්තයන් අවසන් වරට මිහිපිට දකින්න ලැබුණේ කි‍්‍රටෙයිසීය අවදීයේදී. ඒ කියන්නේ අවුරුදු මිලියන 63 ක් ඈත අතීතයේදීයි. ඒ වන විට මිහිමත රජකළේ දැවැන්ත ඩයිනසෝරයන්. මුහුදේ රජකළේ දැවැන්ත උරගයින් තමයි, මූදු මකරුන්. පොසිල විද්‍යාඥයන් මොවුන්ට මකරුන් කියලා කීවාට උන්ව නම් කරලා තියෙන්නේ ටයිලෝසෝරස් යනුවෙනුයි. මේ කාලයේ ගුවනේ රජකළේ ටෙරන්ඩෝන් හෙවත් පියාඹන උරගයින්. කි‍්‍රටේසීය අවසන් වෙන්නේ ඩයිනසෝරයන් වඳවී යාම ඇරමීමත් සමඟයි. උරග විශේෂ බොහොමයක් මේ යුගය අවසන් වෙද්දී මියගොස් සදහටම වඳ වී ගියා. අද සාගර උරගයන්ගෙන් අපට දකින්න ලැබෙන්නේ පරිණාමය වූ මුතුන් මිත්තන් කීප දෙනකු පමණයි. මූදු සර්පයින්, සාගර උරගයින් ඒ අතර සිටිනවා. ඒ විතරක් නොවේ ඩයිනසෝරයින් හා සමකාලීනව ජීවත් වූ කරදිය කිඹුලන් ද ඒ අතර වෙනවා.

Post a Comment

1 Comments

  1. මෙච්චර විසාල සත්තු පරිනාමයෙදි වද වෙලා නොගියානම් මිනිසා කියන ජීවියට ඉන්න අමාරු වෙනවා..

    ReplyDelete