ඇමරිකා එක්සත් ජනපදයේ වර්ජිනියා ප‍්‍රාන්තයේ දී තමයි, මේ අපූරු කුරුල්ලා දකින්න ලැබිලා තියෙන්නෙ. ඌ අයත් වන්නේ කුරුලූ ලෝකයේ කුඩා ම කුරුල්ලා අයිති හමිංබර්ඞ් කුරුලූ පවුලටයි. ඌ ඇළි පැණි කුරුල්ලෙක්. ඒ කියන්නේ සුදු ම සුදු පැහැති පිහාටු ඇති හමිංබර්ඞ් කුරුල්ලෙක්. උගේ හොට හා දෙපා රෝල පැහැතියි. ගෙල හා ඇස් රතු පාටයි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjswir4qhn6nwYFEsI4a4M4LXoPlQlcFiID29h8KxERKS84sZC-15hgj2Q834e_rnFTXzDAhwXwjB2YIjM6T8nsR3XHFj3nCUW7yTkSqwJdDq3_6z_NAzAOD0R0MsVkKRq5EgszgJEPglI/s1600/1.jpg)
මුලින්ම මේ කුරුල්ලාගේ පින්තූර අරන් තියෙන්නෙ පසුගිය අගෝස්තු 16 වැනිදා. කෙවින් ශෑන්ක් හා ඔහුගේ පුතුන් හතර දෙනාට (16 වියැති මාලින්, 14 වියැති ශෆාන්, 12 වියැති ඩැරන් හා 9 හැවිරිදි ඇලන්) තමයි, ඒ වාසනාව පෑදිලා තියෙන්නෙ. මේ රූප ගත කිරීම් සඳහා කැමරා දෙකක් විතරයි යොදා ගෙන තියෙන්නෙ. ‘ඩිස්කවරි නිව්ස්’ කියන්නේ, ඔවුන් වෙනස් කෝණවලින් රූප ගැනීම සඳහා සිටි තැන නොසැලී සිටිමින්, සීරුවෙන් කැමරා එකිනෙකා අතින් අත මාරු කර ගනිමින්, ඉතා නිහඬව ඉවසීමෙන් යුතුව මේ රූ ගත කිරීම් කරල තියෙනවා. ඒවා තමයි ඔබ මෙහි දකින්නේ.
ඔවුන්ට මේ කුරුල්ලා හමුවී තියෙන්නේ ඔවුන්ගේ නිවසේ සිට කිලෝමිටර් 30ක් විතර ඈතින් ස්ටෝන්ටන් නම් ප‍්‍රදේශයෙන්. මේ දර්ශනය පිළිබඳ ඊ-මේල් පණිවිඩයක් දකින්ට ලැබී සැණෙන් අවසර ලබා ගත් ඔවුන් ඒ කුරුල්ලා දර්ශනය වූ තැනට ගියා.
”ෆ්ලෑෂ් එකක්වත් පාවිච්චි කරන්න විදියක් තිබුණේ නෑ. ඒ සුළු ශබ්දයකින් වුනත් කුරුල්ලා ඉවතට ඉගිලී යා හැකි නිසා. මේ වගේ දුලබ කුරුල්ලෙක් දකින්නට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින් වන නිසා”යයි කෙවින් ශෑන්ක් ඒ අවස්ථාව සිහිපත් කරමින් හෆින්ටන් පොස්ට් පුවත්පතට කියා තිබුණා.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi2t1bXUi5kEjEFMPE5M2m5Bhx23_bIqP3h_pHuWyr7Ger6oD1561wIgY6S9no9puON_WQdLUbdLWMgln6bVcKZq22i4KKDQvMQf9GdYJLreJi_pW_ZlCp6-ySSRyl9_FlhLYGVNKSolkw/s1600/2.jpg)
ලෝකයේ හමිංබර්ඞ් කුරුලූ විශේෂ 330ක් පමණ හඳුනා ගෙන තියෙනවා. ඒ අතරින් මේ කුරුල්ලා අයත් වන්නේ ගෙල රතු හමිංබර්ඞ් විශේෂය උතුරු ඇමරිකාවේ බහුලව දකින්න පුළුවන්. ඒත් ඒ අතර සුදු පැහැති පිහාටු ඇති ඇළි කුරුල්ලකු දකින්නට ලැබීම ඉතාමත් දුර්ලභ දෙයක්. කුරුලූ විශේෂඥයන් කියන්නේ මෙසේ සුදු පැහැති පිහාටු ඇති වීම විලෝපිකයන්ගේ පහසු ගොදුරු වීමට මගක් වෙනවා පමණක් නොවෙයි, රෝගවලට ගොදුරු වීමේ ප‍්‍රවණතාවත් වැඩි වෙන බවයි. මෙසේ සුදු පැහැති වීම ජාන විකෘතියක් නිසා සිදුවන්නක්. මේ හේතූන් නිසයි, මෙවැනි ඇළි කුරුල්ලකු දැකීම ඉතා දුලබ දසුනක් වන්නේ.
2 Comments
සොභාදහමේ අපූරු නිර්මාණයක්..
ReplyDeleteHarima lassana kurullek.
ReplyDelete