HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

බයිබලයේ එන ෂීබා රැජිනගේ රන් බිම සොයා ගැනේ - විස්මිත පුරාවිද්‍යා ගවේෂණයක්!

පසුගියදා බි‍්‍රතාන්‍ය පුරාවිද්‍යාඥවරියක් ඇතුළු පිරිසක් බයිබලයේ එන ෂිබා රැජිනගේ අබිරහස සැඟවී ඇති තැන සොයා ගැනීමට සමත් වුණා.

බයිබලයට අනුව ෂීබා රැජින රත්තරන් තලෙන්තු (ටැලන්ට්) 120ක් (ටොන් හතර හමාරක් පමණ) තුටුපඬුරු ලෙස රැගෙන ජෙරුසෙලමට ගොස් සොලමන් රජු බැහැදුටු බව බයිබලයේ සඳහන් වෙනවා. එකල ෂීබා රාජධානිය ලෙස හැඳින්වුණේ වත්මන් ඉතියෝපියාව හා යේමනය අතර ප‍්‍රදේශයයි.

දැන් ඒ ඉපැරණි රන් ආකරයත් දෙවොලක නටබුන් ආදියත් හමු වී ඇත්තේ උතුරු ඉතියෝපියාවේ ඝෙරල්ටා සානුව පිහිටි ප‍්‍රදේශයේයි. එය ආදි කාලයේ ෂීබා රැජිනගේ පාලනය යටතේ පැවති ප‍්‍රදේශයක්.

මෙහි කැනීම් කරන කණ්ඩායමට නායකත්වය දෙන්නේ ලූයිස් ස්කෝෆීල්ඞ්. ඇය දුටුවා එහි ඉදිරිපිට අඩි 20ක් උස ගල්ලෑල්ලකින් අවුරා තියෙනවා. ඒ වගේම ඇය දුටුවා එහි ඉරයි අඩ හඳයි කොටලා තියෙනවා. ඒ ෂිබා රැජනගේ ලාංඡුනය ලෙස ඇය හඳුනා ගත්තා.

පැරණි ප‍්‍රතිරූපණයක්: ෂීබා රැජින අතීතයේ දී පාලනය කළේ වර්තමානයේ ඉතියෝපියාව හා යේමනය අතර ප‍්‍රදේශයයි.


ස්කෝෆීල්ඞ් ඔබ්සර්වර් පුවත්පතට කීවේ, ”මං ඒ ගල අස්සට බඩගාගෙන ගියා. එහි අඩි 9ක් දිග පෙනය පුප්පාගත් නාගයකු සිටියා. ඊළඟට මට කෙළින්ම දැක ගත හැකි වුණේ සේබියන් බසින් ලියැවුණු වගන්තියක්. ඒ භාෂාව තමයි ෂීබා රැජින කතා කරන්නට ඇත්තේ ” කියායි.

ඒ අසලින් ඇයට හමුවුණා, සියුම් කැටයම් සහිත ගල් කුලූනු කීපයක්. ඇය විශ්වාස කරන්නේ ඒ තිබෙන්නට ඇත්තේ සඳ දෙවිඳුන් වෙනුවෙන් පැවති දේවාලයක නටබුන් කියලයි. ඒ අසල එක් තැනක මතුපිට කළ කැනීම්වලින් එහි යුද පිටියක් පැවති බවට සාධක වශයෙන් මිනිස් ඇට කටු රැසක් ඒ බිමෙන් හමුවුණා.
‘ප‍්‍රදේශයේ ජනතාව ඒ අසල ගෙඟහි රත්තරන් සොයමින් වෙහෙසෙනවා. ඒත් ඒ අය දන්නේ නහැ ඉපැරණි රන් ආකරයක් තමයි, ඔවුන් මේ පාගාගෙන ඉන්නේ කියා.’ ඇය තවදුරටත් කියනවා.

පුරාවිද්‍යාව: ලූයිස් ස්කෝෆීල්ඞ් ඉතියෝපියාවේ ඇය විසින් සොයා ගන්නා ලද ෂීබා රැජිනගේ රන් ආකරයට ඇතුළුවන දොරකඩ පිහිටි තැන දී.

එහි කඳු මුදුනක අඩි 4ක් පමණ උසට රිටක් සිටුවා තියෙනවා. ඒ වටා ගිජුලිහිණියන් කැරකෙනවා. දොරටුවෙහි ඉපැරණි හිස් කබලක සටහනක් තියෙනවා. එහි සේබියානු නෙළීම් ලක්ෂණ තියෙනවා.

ෂීබා නගරය අයත් වන්නේ කි‍්‍රස්තු පූර්ව 8 වන සියවසටයි. ඒ ශිෂ්ඨාචාරය වසර දහසක් පමණ පැවති එකක්. එය පොහොසත් රාජධානියක් බවට පත් වූයේ ජෙරුසෙලමත් රෝම අධිරාජ්‍යයත් අතර සුවඳ කුළුබඩු වෙළදාමෙනුයි.

ෂීබා රැජින ගැන කුරානයේත් බයිබලයේත් දෙකෙහිම සඳහන් වෙනවා. ඒවායේ දක්වා ඇති විස්තර අනුව ඇය සොලමන් රජු හමුවීමට ගොස් ඇත්තේ විශාල සපිරවරක් සමඟයි. ඒ සපිරිවර රැගෙන ගියේ කුළුබඩු, විශාල රත්තරන් තොගයක් හා වටිනා මැණික් රැසක් ආදියයි.

පුරාවෘත්තය: ෂීබා රැජිනගේත් සොලමන් රජුගේ පුරාවෘත්තය අනුව 1959 දී තැනුනු ‘සොලමන් ඇන්ඞ් ෂිබා’ චිත‍්‍රපටයේ ජවනිකාවක ඉතාලි ජාතික නිළි ජිනා ලොලොබි‍්‍රජිඩා සහ ටිරොන් පවර් රඟපෑ අයුරු.

බයිබලයේ සඳහන් ආකාරයට අනුව ෂීබා රැජින සොලමන් රජුගේ ප‍්‍රඥාව හා ඔහුගේ රාජධානියේ සමෘද්ධිය ගැන කෙතරම් පැහැදුනේ ද යත් ඇය ආපසු සිය රටට ගියේ රජුට ටැලන්ට් 120ක රත්තරන් එනම් ටොන් හතර හමාරක රත්තරන් පරිත්‍යාග කිරීමෙන් පසුවයි.

බයිබලයේ ලියා නොතිබුනත් පුරාවෘත්තයට අනුව සොලමන් රජු හා ෂිබා රැජින අතර පේ‍්‍රම සම්බන්ධයක් පැවති අතර ඉන් ලද පුත‍්‍රයා වූ මෙනෙලික්ගෙන් පවත එන්නන් ඇබිසීනියවේ රජකම් කළ බව සඳහන් වෙනවා.
ලන්ඩන් ඔබ්සර්වර් පුවත්පතට ප‍්‍රකාශයක් කරමින් ලූයිස් ස්කෝෆීල්ඞ් කියා ඇත්තේ ඇයට අරමුදල් ලැබුණු වහාම එහි කැනීම් ආරම්භ කරන බවයි. ”පුරාවිද්‍යාවේ මා ඉතා පි‍්‍රය කරන දෙයක් තමා එය පුරාවෘත්ත හා මිථ්‍යාවන් හා බැඳී පැවතීම. ඒ අතරිනුත් මේ ෂිබා රැජිනගේ රන් ආකර සොයා ගැනීම සුවිශේෂ දෙයක් වෙනවා නිසැකයි.”

Post a Comment

1 Comments

  1. Meya puravidya gaveshana vala ihalama jayagrahanayak lesa salakiya hakiy. Ran aakara kaneem valata loku aarakshavakuth denna vei. Thanks Malkakulu me lipi valata!

    ReplyDelete