HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

පෙට්ටියක ජීවත්වෙනවා වගේද...ඇත්තෙන්ම නැහැ: මේක තමයි ලෝකයේ ඇති පරිසර හිතකාමී කුඩාම නිවස.

පුංචි හුරුබුහුටි නිවසක්. ඝන අඩි දහයයි. විසිත්ත කාමරයක්, නාන ෂවරයක්, කුස්සියක් ලොකු නිදන කාමරයක් තියෙනවා.

ඔබේ නිවස ඉඩකඩ මදියි කියල හිතනව නම්, මේක දිහා බලන්න.

පුංචි ඉඩක ලොකු අදහසක්! මේ ලෝකයේ පුංචිම පුංචි පරිසර හිතකාමී නිවසයි. දැන් එඩින්බර්ග්වල ප‍්‍රදර්ශනය කරනවා.


ඒ කොහොම වුනත් මේ සැලසුම්කරුවන් මේ ඝන අඩි දහය ඇතුළෙ මේසයක් පුටු දෙකක් ඇතුළු විසිත්ත කාමරයක්, අඩි 4ක් පළල ඇඳක්, නාන වතුර මලක්, මුළුතැන්ගෙයක් සකසා තියෙන හැටි බලන්න.
මෙහි වහලෙ සවි කර ඇති සූර්යකෝෂ මගින් ගෙදරට අවශ්‍ය විදුලි බලය නිපදවිය හැකියි. අවශ්‍ය නම් අතිරික්ත විදුලි බලය රටේ විදුලි බල ජාලයට විකුණලා වසරකට පවුම් 1000ක් (රුපියල් 1,82,000ක්) විතර හම්බ කරන්නත් පුලූවන්.

මේ කුඩා නිවස ඉදිරිපත් කර තියෙන්නෙ එක්සත් රාජධානියෙ එඩින්බර්ග් විද්‍යා ප‍්‍රදර්ශනයටයි. මේ නිවස සැලසුම් කර තියෙන්නෙ පරිසර හිතකාමී විදියටයි. හරියටම කියනවා නම් මේක තමා ලෝකයේ ඇති පරිසර හිතකාමී කුඩාම නිවස.

මෙහි නිමැවුම්කරු ඉංජිනේරුවෙක්. හර්ට්ෆෝඞ්ෂයර් විශ්ව විද්‍යාලයේ ඥානක මනෝවිද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයෙක්. නම ආචාර්ය මයික් පේජ්. ඔහු මේ ගැන කියන්නේ: ”අදහන්නත් බැරි තරම් සුව පහසුයි” කියායි.

පුංචි කුස්සිය - විදුලි බලය පිරිමහින විදියට හදලා තියෙන්නෙ.

අති හරිත නිවාසයක් ලෙස සැලකිය හැකි මෙහි භාවිත කර ඇත්තේ අඩු බලයක් භාවිත කළ හැකි නිෂ්පාදනයි.
මෙහි කුස්සියේ තියෙන්නෙ බලශක්තිය පිරිමහින ශීතකරණයක්. කුස්සියේ පිසීමේ දී පරිසරයට කිසිම හානියක් නොවන පරිදි, අඩු තරමින් දුමක්, තාපයක් පිටත වාතයට එක් නොවන ආකරයටයි, මෙය සැලසුම් කරල තියෙන්නෙ.

නිවස තනන්න වැඩි හරියක් යොදා ගෙන තියෙන්නෙ දැව වර්ග පරිසර සමතුලිතතාව රැක ගත හැකි ද්‍රව්‍ය. ඒත් මෙහි දී පරිසරය වගේම සැපපහසුව හා විලාසිතා ගැනත් සැලකිල්ලක් දක්වල තියෙනවා මෙය නිර්මාය කිරීමේ දී. හැම විට ම යොදා ගෙන තියෙන්නෙ.

පුංචි නිවස ඉදි කරන අයුරු - හර්ට්ෆෝඞ්ෂයර් විශව විද්‍යාලයේ ආචාර්ය මයික් පේජ් ගේ සංකල්පනාවක්.

ආලෝකය සඳහා යොදා ගෙන තියෙන්නෙ විදුලි බලය පිරිමහින LED බල්බ්, නිවසේ උණුසුම රකින්නෙ කාමරයෙන් පිටතට යවන රත් වූ වාතය යොදා ගත හැකි ඊකෝඩන් වායු තාප පොම්පයක් මගින්.

නිවසේ වහලයට හා බිත්තිවලට සූර්යකෝෂ සවි කරල තියෙනවා. ඒවාට පුළුවන් වසර පුරාම විදුලි බලය සපයන්න.

පුංචි වුනත් විසිත්ත කාමරයක්.

රජයේ ලියාපදිංචි වුණොත් පරිසර හිතකාමී නිවසක් නිසා බි‍්‍රතාන්‍ය රජයේ අයබදු හා වෙනත් බිල්පත් වලින් නිදහස් වෙන්නත් පුළුවන්. ඒ විතරක් නොවෙයි, මේ නිවසේ අතිරික්තව නිපදවෙන විදුලි බලය රජයට විකුණලා අවුරුද්දකට පවුම් 1000ක් (රුපියල් 1,82,000) විතර හම්බකරන්නත් පුළුවන්.

Post a Comment

5 Comments

  1. මේ ගැන වැඩි දුර බලන්න පුළුවන් ලින්ක් එකක් දෙන්න පුළුවන්ද..?

    ReplyDelete
  2. Ge punchi vunata avashya pahasukam serama thiyanava!

    ReplyDelete
  3. @ මාරයාගේ හෝරාව : වැඩි දුර බලන්න....
    http://www.dailymail.co.uk/sciencetech/article-1384635/10ft-cube-home-includes-lounge-shower-kitchen-DOUBLE-bedroom.html#ixzz1lw6nlirE

    ReplyDelete
  4. බොහෝමත්ම ස්තූතියි...

    ReplyDelete