HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

පැළෑටිවලට එකිනෙකා හා කතාබහ කරන්න පුළුවන්! ශාක සන්නිවේදනය ගැන සෙවීම ඇරඹේ!

අප කුඩා කාලෙ අපට විද්‍යාව සිංහලෙන් කියා දෙන්න මහන්සි ගත්ත ලේඛකයෙක් හිටියා. ඔහු ලේඛකයෙක් විතරක් නෙවෙයි, ගුරුවරයෙක්. කෙළින්ම ඔහුගෙන් ඉගෙන ගන්න නොලැබුණත් ඔහු ලියූ පොතපත්, ලිපිලේඛන ඔස්සේ විද්‍යාව ගැන හුඟක් දේ අපි සිංහලෙන් ඉගෙන ගත්තා. ඔහු ‘විද්‍යා’ කියල සිංහල මාසික සඟරාවකුත් කළා. පත්තරවලට ලිපි ලිව්වා. ගුවන්විදුලි වැඩ සටහන්වලට විද්‍යාව එක්කළා. ඔහු තමා ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම්. පුවත්පත් කලාවේදියෙක් වුණාට පස්සේ මටත් අවස්ථාව ලැබුණා, ඔහු මුහුණට මුහුණ හමුවන්න.

දවසක් මම ඔහු හමුවෙන්න යන කොට ඔහු රෝස පඳුරක් එක්ක කතා කර කර හිටියා. මට ටිකක් ඒක පුදුමයක් වගේ වුණා. මං ඒ ගැන අහන්නත් ඉස්සරින් ඔහු කටහඬ අවදි කළා. ‘මේ මල් පැලවලට කතා කරන්න පුළුවන්. ඒවා අපේ කතාවට ප‍්‍රතිචාර දක්වනවා. මේ බලන්න මං කතා කළාම එයා මං දිහාට නැවෙනවා’ ඔහු කීවා.

මට මේ සිද්ධිය මතක් වුණේ ගිය සතියේ ‘ඬේලි මේල්’ ඔන්ලයින් පුවත්පතේ පළ වූ ප‍්‍රවෘත්තියක් නිසයි. ඒ වාර්තාව ලියා තිබුණේ, චාල්ස් කුමාරයා අමතමින්. ‘ඔව්, චාල්ස් ඔබ හරි. පැළෑටිවලට එකිනෙකා සමග කතා බස් කරන්න පුළුවන්’ කියලයි. අපේ අදිකාරම් මහත්තයා වගේ ඉස්සර චාල්ස් කුමාරයත් ශාක සමග කතා බහේ යෙදිල තියෙනවා. ඒත් අදිකාරම් තුමා වගේ රෝස පඳුරුවලට නෙවෙයි, චාල්ස් කුමාරයා කතා කළේ ගෝව පඳුරුවලට. චාල්ස් කුමාරයාගේ ඒ ‘හීනය’ හැබෑ කරන්න දැන් එරට විද්‍යාඥයන් සමත් වී සිටිනවා. ඒත් ගෝවා ශාකවලින්මයි.


 
චාල්ස් කුමාරයා 1993 දී පතොක් ශාකයක් ළංවී පරීක්ෂාවට ලක් කළ අයුරු.

එක්සන් හෙවත් එක්සෙටර් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් තමයි, මේ අපූරු පර්යේෂණය කරල තියෙන්නෙ. ඒ පර්යේෂකයන් මෙයට මග පාදා ගත්තේ ගෝවා ශාකවල ඞීඑන්ඒවල වෙනසක් ඇති කිරීමෙනුයි. ඒ සඳහා ඔවුන් කළේ ශාකයේ ඞීඑන්ඒවලට ලූසිෆරේස් නම් ප්‍රෝටීනයක් ඊට එක් කිරීමයි. එවිට එහිදී ඇති වන ප‍්‍රතිකි‍්‍රයාවක් නිසා ආලෝකයක් නිකුත් කෙරෙනවා. කලාමැදිරියන් අඳුරේදී දීප්තියක් නිකුත් කරන්නේ මේ ක‍්‍රමයටයි.

පර්යේෂණයේ දී ඔවුන් ගෝවා ශාකයක පත‍්‍ර කැබැල්ලක් කපා දැමූ විට හෝ සිදුරු කළ විට හෝ ඒ අනුව ශාකය මතුපිට මීතයිල් ජැස්මනේට් නම් වායුවක් නිපදවනු ලැබුවා. ඔවුන්ගේ දීප්තිමත් කිරීමේ උපක‍්‍රමයෙන් ඒ වායුව ආලෝකමත් වන නිසා ශාකයේ ප‍්‍රතිචාරය කැමරාවට නැඟිය හැකි වුණා. ඒ වායුව නිසා අසල තිබුණු ගෝවා පැල දෙකකට, අතවත් නොතබාම, මේ පණිවිඩය ගියා. ඒ අනතුරක් ළඟ ඇති බව හා ආරක්ෂා විය යුතු බව කියන පණිවිඩයයි. ඒ පැල වහාම කළේ පත‍්‍රවලට විෂ සහිත රසායනයක් නිකුත් කිරීමයි. වෙනදා එසේ කරන්නේ ඔවුන් කා දමන දළඹුවන් වැනි සතුරු සතුන් ආ විටයි.

එවැනි කි‍්‍රයාවලියක් විද්‍යාඥයන් විසින් ප‍්‍රථම වතාවටයි, මෙසේ කැමරාවට හසුකර ගනු ලැබුවේ. විද්‍යාඥයන් කියන්නේ මේ අනුව ශාක එකිනෙකා අතර ‘අපට නොපෙනෙන’ බසකින් කතාබහ කරන බවට පැහැදිලි සාක්ෂි තිබිය හැකි බවයි. ඒත් අප තාමත් ඒ බස ගැන දන්නේ නැහැ.

මේ පිළිබඳ විස්තරයක් ඇතුළත් ශාක ලෝකයේ රහස් හෙළිකරන වාර්තා වැඩසටහනක් පසුගිය සතියේ BBC2 සේවයෙන් විකාශය කෙරුණා. How to Grow a Planet ‘ග‍්‍රහ ලොවක් වවන හැටි’ නම් වූ කොටස් තුනකින් යුත් මේ වැඩසටහන ඉදිරිපත් කළේ මහාචාර්ය ඉයන් ස්ටුවට් විසින්. ඔහු එංගලන්තයේ භූවිද්‍යා සන්නිවේදනය පිළිබඳ මහාචාර්යවරයෙක්. එක්සෙටර් Exeter විශ්ව විද්‍යාලයේ මේ සම්බන්ධයෙන් කළ පර්යේෂණ ගැන ඔහු එහි දී විස්තර කළේ මෙහෙමයි:


”එක් ශාකයකින් නිකුත් වූ වායුවක් මගින් අසල්වැසි පැළැටි දෙකක ජෛව කි‍්‍රයාවලියේ වෙනසක් ඇති කෙරුණා. එයින් ඔවුන් දැන ගත්තා ආරක්ෂා විය යුතු අනතුරක් මග එන බව. ඇත්තෙන්ම විස්මිත දෙයක් විවිධ ශාක අතර නිරන්තර කතාබහක් සිදුවෙන බව දැන ගන්නට ලැබීම. ඔවුන්ට කෙසේ හෝ ක‍්‍රමයකින් රසායනික මගින් දැන ගන්නවා අනිත් අයට වෙන දේ ගැන. අප අවට අපට නොතේරන බසකින් මේ සන්නිවේදනය නිතරම සිදුවෙමින් පවතිනවා.

”බොහෝ අය දන්නේ ශාකවලට ඇත්තේ අකි‍්‍රය ජීවන ක‍්‍රමයක් කියලයි. ඒත් ඇත්ත නම් ඔවුන් තුළත් චලනය, සංවේදනය හා සන්නිවේදනය වැනි හැකියාවන් ඇති බවයි. මෙය කිසියම් ආකාරයක බුද්ධිමය හැකියාවක් ඇති බව පෙන්වීමක්’ මහාචාර්ය ඉයන් ස්ටුවට් එම වැඩසටහන ඉදිරිපත් කරමින් කීවා.

 
එංගලන්තයේ වනවගාව වැඩසටහනක් මහරැජින අතින් ඕක් පැළයක් රෝපණය කොට ආරම්භ වූ අවස්ථාව

මෙම පර්යේෂණයෙහි මූලිකත්වය ගත් ජෛවරසායන විද්‍යාඥයකු වූ මහාචාර්ය නික් ස්මිර්නොෆ් ඒ ගැන කියන්නේ මෙහෙමයි: ”අපට මේ පර්යේෂණයෙන් අවස්ථාව ලැබුණා, දෘශ්‍ය මාධ්‍යයෙන් පෙන්වන්න, ශාකයක් තමන්ට තුවාලයක් සිදු වූ විට අවට ඇති ශාකවලට රසායනික මගින් ඒ බව දන්වන බව. ඒත් මෙයින් අදහස් කෙරෙන්නේ නැහැ, ශාකවලට වේදනාව දැනෙන බව, මොකද ඒවාට ස්නායු පද්ධතියක් නැති නිසා.”

”දැනට අපි දන්නේ නැහැ ඒ ඇයිද කියා. සමහර විට ශාකය තමන්ගෙ පත‍්‍රයකට සිදු වූ හානිය ගැන තමන්ගෙම අනික් පත‍්‍රවලට දැනුම් දෙන්නට කරන උත්සාහයක් ‘අසල්වැසි’ පැළෑටි විසින් අල්ලා ගත්තා විය හැකියි. එහෙමත් නැත්නම් කිසියම් හේතුවක් නිසා අනික් ශාකවලට ඒ බව දැන්වීමට ඒ ශාකයට අවශ්‍ය වුණා විය හැකියි.”

”මෙයින් ශාකවලට ඇති වාසිය කුමක්දැයි අපට සිතා ගන්න බැහැ, විශේෂයෙන් ම ඔවුන් අතර එකිනෙකා පරයා නැඟී සිටීමට තරගයක් ඇතැයි අප සිතනවා නම්. මේ ගැන නම් තවත් ගොඩක් පර්යේෂණ කරන්න තියෙනවා.” ඔහු වැඩිදුරටත් කියනවා.

- පර්සි ජයමාන්න

Post a Comment

7 Comments

  1. මේක හරි ගියොත් ඉතින් CCTV වලට ආයුබෝවන් කියන්න පුලුවන්... :P

    ReplyDelete
  2. මම 7 හරි 8 හරි පන්තියේ ඉගෙන ගනිද්දි අපේ ඉංග්‍රීසි පෙළ පොතේ මේ හා සම්බන්ධ පාඩමක් තිබුණා. ගෙවල් ළඟ හැදෙන ගස් හොඳින් සශ්‍රීකව වැඩෙන බවත්, මිනිස් කටහඩට ශාක ධනාත්මක ප්‍රතිචාර දක්වන බවත් එහි සඳහන් වුණා. මේ ලිපිය දැක්කම ඒ පැරණි මතකය අලුත් වුණා.

    මේ විශ්වය ඇතුළේ මොන තරම් සැඟවුණු රහස් තියෙනවාද? අපිට ග්‍රහනය වෙන්නේ ඒ අතරින් මොනතරම් කුඩා අංශු මාත්‍රයක්ද? සමහරවිට ගස්වලට අපිට වඩා සිතීමේ හැකියාවක් තියෙන්නත් පුළුවන්. අපි ලෝකය දිහා බලන්නේ අපිට ආවේණික වූ ආකෘතියකින්නේ. හැබැයි සමහර දේවල්වල ක්‍රියාකාරිත්වය අපිට හිතෙන, අපිට දැනෙන රාමුවට වඩා ගොඩාක් ඈතින් තියෙන්න පුළුවන්. සමහරවිට කිසිම දවසක ඒවා අපේ සංවේදනයන්ට හසු නොවන්නත් ඉඩ තියෙනවා.

    ReplyDelete
  3. Me lipiye karunu gana apey pavle aya kavadath unandui.Apey vadihitiyo kiyanava Narang vage palathuru gas hitavala palathuru pramaada vana vita,podi daruvan gus vate sathutin sellam kaloth gus ikmanata poodinava! palathuru hadenava!kiyala.

    Gus vala Aura(res maalava) penena shakthiya athi kenek kiyala thibuna,Eucalyptus gahak yata podi daruvek adana vita gusey Aura deepthimath vela daruva desata harila eya nidi kerevva kiyala!

    Apita hithanna aluth yamak hamavitama malkakulu thulin labenava! Obata pin!

    ReplyDelete
  4. වැදගත් ලිපියක්... ඒ වගේම තවත් ප්‍රශ්ණයක් එනවා... විද්‍යාවට අනුව ශාඛ කියන්නේ ජීවියෙක්... මේ වගේ පර්යේෂණ වලින් තහවුරු වෙන්නේ ශාඛ ජීවියෙක් විතරක් නොවෙයි, බුද්ධිමත් ජීවී ලක්ෂණත් පෙන්නුම් කරනවා කියලයි... මේක ආගම් දර්ශණ වලට කොච්චර බලපෑමක් කරයි ද ?

    ගස් වලට ආදරෙන් කථා කලාම, අතපත ගාලා සාත්තු කලාම ගස් වලින් වැඩිපුර ඵල, මල් ලබාගන්න පුළුවන්... ඒක අත්දුටු සත්‍යයක්...

    ස්තුතියි !!!

    ReplyDelete
  5. සිතුවම් දක්වලා තිබුණු අදහස කියෙව්වා.හැබැයි ඒ අදහසේ මේ කොටස මට හරියටම තේරුණේ නැහැ.

    Gus vala Aura(res maalava) penena shakthiya athi kenek kiyala thibuna,Eucalyptus gahak yata podi daruvek adana vita gusey Aura deepthimath vela daruva desata harila eya nidi kerevva kiyala!

    අවුරා කියන්නේ මොකක්ද? ඒ මොන බසින්ද? ගස්වල රැස් මාලාව දැක්කේ කවුද? පොඩ්ඩක් ඒ ගැන පැහැදිලි කරන්න.

    ReplyDelete
  6. සිතුවම් කීවෙ ඕරා කියන වදනයි. ඒක ඉංගිරිසි වදනක්. ලතින් හා ගී‍්‍රක බසින් තමයි ඉංගිරිසියට ඇවිත් තියෙන්නෙ. මඳ පවන, ඇඟ දැවටෙන සුළඟ, හුස්ම පොද යන අරුත් තමයි, ගී‍්‍රක ලතින් බස්වලින් දෙන්නෙ. ඉංගිරිසියට එන විට එය ශරීර රශ්මිය, ප‍්‍රභාව, රශ්මි මණ්ඩලය, අරුණාලෝකය, ඌෂා ලෝකය යන තේරු දෙනවා. ගසක් ගැන කතා කරන විට එය ගස වටේට අපේ ඇසට නොපෙනෙන ප‍්‍රභාවක්. බුදුන්ට, දෙවියන්ට මෙවැනි රශ්මි මාලාවන් තියෙනවා. ගස් වලට තියෙනව කියල කියන්නේ ගස් දේවත්වයට නංවන්න කියලයි මට හිතෙන්නෙ. - පර්සි

    ReplyDelete
  7. Aura pahadili kalata godak sthuthiy.

    Katahande balayen leda suva vena bava kiyala audio tape ekak mithurek dunna. Australian lady kenekuta GUS vala AURA penena shakthiya athi bavath, Eucalyptus kathavath eke thibuna.

    Dolphins samaga pihinana vita cancer suva venava! vage thava vismitha katha godak thibuna.

    Oppu karanna saadhaka nethath, apita e katha prathikshepa karannath beri vuna. Hethuva, Eucalyptus gahak yata tika velavak vivekeeva hitiyoth, e gasey sisilasata hitha nivila, apitath ibema nidhimatha vena nisa.

    Lankave vadiya senaga nogavasena Bo gasak,Na gasak yata koi tharam sisilasak danenavada?
    Bo gus valin Res Mala dakapu ayath innava.

    Asata nopenunata,AURA nodakkata,Gus yata amuthu shakthiyakin apey sith nivena bava piliganna oney.Bo Gasak yatadhine budu bava labuveth apey Budhu Hamuduruvo.

    ReplyDelete