HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ඩයිනසෝර වසුරුවලින් ඔරලෝසුවක්

යුවාන් අර්පා කියලා කියන්නේ සුප‍්‍රසිද්ධ ස්විට්සර්ලන්ත අත් ඔරලෝසු නිර්මාණකරුවෙක්. යුවාන් අර්පා සඳෙන් ගෙනා පස් යොදාගෙන ඔරලෝසු නිර්මාණය කළා. ගිලූණු ටයිටැනික් නැවෙන් ගත් ලෝහවලින් ඔරලෝසු හැදුවා. දැන් ඔහු තවත් අපූරු දෙයකින් අලූත් ඔරලෝසුවක් නිර්මාණය කරලා තිබෙනවා. එය සාදා තියෙන්නේ පොසිල වූ ඩයිනසෝර වසුරුවලිනුයි. ඒ කියන්නේ බෙටිවලිනුයි.



”මම තීරණය කළා ඔරලෝසු නිර්මාණයේ තවත් පියවරක් ඉදිරියට යන්න. මේ සඳහා මා යොදා ගත්තේ සාමාන්‍යයෙන් භාවිතා නොකරන ලෝහයක්. ඒ තමයි කොප්‍රෝපයිට්.” යුවාන් අර්පා කියනවා. ඩයිනසෝරයන් ඇතුළු පුරාණ සත්ත්වයන්ගේ පොසිල කරණයට ලක්වූ වසුරුවලට කියන විද්‍යාත්මක නාමය තමයි ‘කොප්‍රෝපයිට්’ කියලා කියන්නේ.

”ඔරලෝසුව ඇතුළත වර්ණය හරිම අපූරුයි. ඒ විතරක් නොවේ ඒක හුඟාක් පැරැණියි. වසර මිලියන 100 ක් පැරැණියි. ඔරලෝසුවට යොදා ගෙන තිබෙන්නේ වසර මිලියන 100 ක් පැරැණි ප‍්‍රතිපදාර්ථ තමයි.” යුවාන් අර්පා කියනවා.

”සාමාන්‍යයෙන් ඔරලෝසු නිෂ්පාදකයන් යොදා ගන්නේ රන් සහ රිදී ලෝහ. මා කල්පනා කළා සාමාන්‍ය සාම්ප‍්‍රදායීක උසස් ලෝහ ද්‍රව්‍ය යොදා ගන්නේ නැතිව වැඩිය කාගේත් අවධානයට ලක් නොවූ ද්‍රව්‍යයකින් ඔරලෝසුව නිර්මාණය කළේ.” යුවාන් අර්පා මේ බව හෙළි කළේ උතුරුදිග ස්විස් නුවර ‘බේසල්වර්ල්ඞ්’ ප‍්‍රදර්ශනයේදී ‘ඩයිනසෝර වසුරු ඔරලෝසුව’ ප‍්‍රදර්ශනය කරමිනුයි. ‘බේසල්වර්ල්ඞ්’ තමයි ලොව විශාලතම ඔරලෝසු හා ස්වර්ණාභරන ප‍්‍රදර්ශනය.

මේ නව ඔරලෝසුව ෆරෑන්ක් 12,000 ක්. ඇමෙරිකා ඩොලර්වලින් නම් ඩොලර් 11,265 ක්. මේ අත් ඔරලෝසුවේ පටි ගෙඹි සමකිනුයි නිර්මාණය කරලා තිබෙන්නේ. ඉතිහාසයෙන් කොටසක් තමා ළඟ රඳවා ගන්න කැමැති අයට නම් මේ අත් ඔරලෝසුව මුදලට වඩා හුඟාක් වටිනවා කියලයි යුවාන් අර්පා කීවේ.

ඔරලෝසුව තැනීමට යොදා ගත්තේ කුමන වර්ගයක ඩයිනසෝරයින්දැයි තවමත් හරියටම කීමට නොහැකි බවත් ඒ ගැනත් වෙනම පරීක්ෂණයක් සිදුවෙන බවත් යුවාන් අර්පා පැහැදිලි කළා. කොහොම වුනත් ඒ වසුරු අයත් වන්නේ ශාකභක්ෂක ඩයිනසෝරයකුට යැයි යුවාන් අර්පා සහතික වෙනවා.

Post a Comment

3 Comments

  1. ඔරලෝසුවට යොදා ගෙන තිබෙන්නේ වසර මිලියන 100 ක් පැරැණි ප‍්‍රතිපදාර්ථ තමයි.” යුවාන් අර්පා කියනවා.

    ප‍්‍රතිපදාර්ථ=Antimatter OMG

    ReplyDelete
  2. නියම අදහසක්..

    ReplyDelete