ලෝකයේ උද්භිද විද්‍යා නාමාවලියට අලූත් ශාකයක් එක් කිරීමට ශී‍්‍ර ලංකා උද්භිද විද්‍යාවරියක් සමත් වී තියෙනවා. මේ පිළිබඳ වාර්තාවක් Srilankamirror වෙබ් අඩවියේ සටහන්ව තියෙනවා. මෙම නව ශාක විශේෂය සොයා ගැනීමේ ගෞරවය හිමි කර ගෙන ඇත්තේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් උද්භිද විද්‍යා උපාධියක් ලබා දැනට කොළඹ විශ්ව විද්‍යාලයේ උද්භිද විද්‍යාපති උපාධිය සඳහා පර්යේෂණවල නිරතව සිටින ප‍්‍රභා අමරසිංහ මෙනෙවියයි.
මෙම නව පැළෑටියට අදාළ පර්යේෂණය ඇය පටන් ගත්තේ 2008 වසරේ දීයි. ඇගේ උපදේශකයා වූයේ ආචාර්ය ඞී. එස්. ඒ. විජේසුන්දරයි. ස්ථිරව ම නව ශාකයක් ලෙස මෙය ප‍්‍රකාශයට පත් වූයේ 2011 මැයි මාසයේ දියි. මේ පිළිබඳ විද්‍යාත්මක වාර්තාව 2011 ඔක්තෝබර් 18 වැනිදා නිකුත් වූ Edinburgh Journal of Botany උද්භිද විද්‍යා සඟරාවේ 68 වැනි වෙළුමේ 3 වැනි කලාපයේ 333 -337 පිටුවල ඒ. පී. ආර්. අමරසිංහ හා ඞී. එස්. ඒ. විජේසුන්දර නමින් පළ වී තියෙනවා. මෙය කේම්බි‍්‍රජ් ඔන් ලයින් ජර්නල ඔස්සේ බලාගන්න පුළුවන්.
මේ පිළිබඳව Srilankamirror වෙත ප‍්‍රකාශයක් කරමින් ප‍්‍රභා මෙසේ කියනවා: ”මා අලූතෙන් සොයා ගත් ශාක විශේෂය විද්‍යාත්මකව මෙතෙක් වර්ගීකරණයට ලක් වී තිබුණේ නැහැ. මෙය සිංහලෙන් ‘අනිත්ත’ කියාත් දෙමළෙන් ‘නාගමුල්ලි’ කියාත් ඉංගිරිසියෙන් ‘වයිට් ක්රේන් ෆ්ලවර්’ (සුදු කොක් මල්) කියාත් හැඳින්වෙනවා. අකන්තාසේ Acanthaceae කුලයට අයත් මේ නව ශාක ප‍්‍රභේදය උද්භිද විද්‍යාත්මකව හඳුන්වා ඇත්තේ Rhinacanthus flavovirens (Amarasinghe & Wijesundara) කියායි.”
”අකන්තාසේ කුලයට අයත් රයිනකැන්තස් ගණයේ ශාක ප‍්‍රභේද 30ක් පමණ දැනට හඳුනා ගෙන තියෙනවා. මේ ගණයට අයත් ශාක දෙකක් කලින් හඳුනාගෙන ඇති අතර ඒවා රයිනකැන්තස් නසුටස් R.nasutus හා රයිනකැන්තස් පොලොන්නරුවෙන්සිස් R.polonnaruwensis කියා නම් කර තියෙනවා. මින් දෙවැන්න ශී‍්‍ර ලංකාවට ආවේණිකයි.”
අනිත්ත යනු අකන්තාසේ හෙවත් වාසා කුලයට අයත් රයිනකැන්තස් ගණයේ ශාකවලට යොදන පොදු නාමයයි. ඒ පිළිබඳව ශී‍්‍ර ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ ඖෂධීය ශාක සංග‍්‍රහයෙහි දක්වා ඇත්තේ නසුටස් ප‍්‍රභේදය තුවාල සුව කිරීමේ පුදුම ගුණයක් ඇති ශාකයක් ලෙසයි. සර්ප විෂ නසන නිසා උරග මුල්ලි කියාත් නයි විෂ නසන නිසා නාග මුල්ලි කියාත් දෙමළ බසින් හැඳින්වෙනවා. කිරි කොකකුගේ හැඩැති අලංකාර මල් හට ගන්නා මෙම ශාකය මිදුලේ අලංකාරයට බඳුන්ගතව වවාගත හැකි එකකි. වසර පුරා ම මල් පිපෙන ශාකයකි.
ඉන්දුනිසියාවේ ජාවා හා පිලීපීනය නිජබිම කරගත් මෙම ශාකයේ ප‍්‍රභේද ඉන්දියාව, ශී‍්‍ර ලංකාව, මාලදිවයින, මැඩගස්කරය හා නිවර්තන අපි‍්‍රකාවේ රටවල ද දැකිය හැකියි. ශී‍්‍ර ලංකාවේ පහතරට වියළි කලාපීය වනාන්තරවල සෙවණ සහිත ජලාශි‍්‍රත ප‍්‍රදේශවල වැවෙයි. පේරාදෙණිය උද්භිද උද්‍යානය, නාවින්නේ පර්යේෂණායතනය, බත්ගොඩ, පට්ටිපොළ, පල්ලෙකැලේ හා ගිරාඳුරුකෝට්ටේ ඔසු උයන්වල මේ ඇතැම් ශාක සජීවීව සංරක්ෂණ කර තියෙනවා.
3 Comments
මෙම නව ශාක විශේෂය සොයා ගැනීමේ ගෞරවය හිමි කර ගෙන ඇත්තේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් උද්භිද විද්‍යා උපාධියක් ලබා දැනට කොළඹ විශ්ව විද්‍යාලයේ උද්භිද විද්‍යාපති උපාධිය සඳහා පර්යේෂණවල නිරතව සිටින ප‍්‍රභා අමරසිංහ මෙනෙවියයි.
ReplyDelete------
she s from Agriculture faculty ... not science fac.
Articles
ReplyDeleteA NEW SPECIES OF RHINACANTHUS (ACANTHACEAE) FROM SRI LANKA
A. P. P. R. Amarasinghea1 and D. S. A. Wijesundaraa2
a1 Department of Agricultural Biology, Faculty of Agriculture, University of Peradeniya, Peradeniya, Sri Lanka. E-mail: praagri@gmail.com
a2 National Botanic Department, Royal Botanic Gardens, Peradeniya, Sri Lanka. E-mail: dirnbg@sltnet.lk
Abstract
A new species, Rhinacanthus flavovirens Amarasinghe & Wijesundara (Acanthaceae), from Sri Lanka, is described and illustrated. It is compared with the closely allied Rhinacanthus nasutus and R. polonnaruwensis. A key to Rhinacanthus species in Sri Lanka is also presented.
(Received October 22 2010)
(Accepted May 06 2011)
මහාචාර්ය කැල්කියුලස්,
ReplyDeleteඔබ හරි ඇය පේරාදෙණියේ කෘෂි විද්‍යා පීඨයෙන් තමයි උපාධිය ලබා තියෙන්නේ. ඇයට උපදේශකත්වය සැපයූ ආචාර්ය සිරිල් විජේසුන්දර ජාතික පේරාදෙණියේ ජාතික උද්භිද විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වරයායි. එසේම මේ කටයුත්තේ දී ඇගේ පියා වූ කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ මහාචාර්ය ගුණපාල අමරසිංහ ගේ මග පෙන්වීමත් උදවූ බව ඇය ජනවාරි 30 වැනිදා ‘අද’ පුවත්පතට ප‍්‍රකාශ කර තියෙනවා.
- පර්සි ජයමාන්න