සිලේන් ස්ටෙනොෆිලා නම් පැළෑටියට ‘යළි උපත’ දුන්නේ මීට වසර 30,000කත් පෙරාතුව රුසියාවේ සයිබීරියානු නිත්‍ය තුහින ප‍්‍රදේශයේ විසූ ලේනුන් විසින් වළලන ලද බීජ (ඇට) වර්ගයක් සොයා ගැනීමෙන් පසුවයි. මේ බීජ අධික ශීත තත්වයක් යටතේ නොනැසී තිබුණු ‘මිදුණු ජාන සංචිතයක්’ ලෙස විද්‍යාඥයන් අතට පත් වුණා.
තවමත් හොඳින් වැඩෙනවා: වසර 30,500කට පෙර නිත්‍ය මිදුණු බිමක යටවී තිබී හමු වූ සිලේන් ස්ටෙනොෆිලා දැන් ‘යළි ඉපිද’ මල් පල දරන අයුරු.
මේ අපූරු සොයා ගැනීමෙන් පසු ‘මිහිමතින් වඳවී ගියේ යැයි කලක් තිස්සේ සැලකෙන මෙවැනි පුරාණ සජීවී ද්‍රව්‍ය තවමත් නිත්‍ය හිම මිදුණු බිම්වල තිබිය හැකි යැයි විද්‍යාඥයන් විශ්වාසය පළ කරනවා. ඒ අනුව අඟහරු ග‍්‍රහයාගේ හෝ වෙනත් හිමයාන ග‍්‍රහයන්ගේ හිම යට සැඟවුණු මෙවැනි අකි‍්‍රය ජීව ද්‍රව්‍ය තිබුණහොත් ඒවාට ද මේ ආකාරයෙන් ම පණ දිය හැකි වෙතැයි යන්න ඔවුන්ගේ අදහසයි.
මේ බීජ හමුවී ඇත්තේ ආක්ටික් බිම් ලේනුන්ගේ පොසිල බවට පත් වූ ගුල්වල තිබිලයි. වර්තමාන රුසියාවේ කොල්‍යමා අසල ගස් රහිත තුන්ද්‍රා ප‍්‍රදේශවලවල තිබූ ඒවා අයත් වෙන්නේ අයිස් යුගයේ නියැන්ඩර්තාල් මිනිසා හා මැමතයන් ආදීන් මිහිමත විසූ කාලයටයි.
ප‍්‍රබල අන්වීක්ෂවලින් බැලූ විට ඒවා සිලේන් ස්ටෙනොෆිලා බව පෙනී ගියා. මෙය හුරුබුහුටි සුදු මල් පිපෙන කුඩා සපුෂ්ප ශාකයක් බවත් ඒ කලාපයේ තවමත් ඒ පවුලේ ශාක වැඩෙන බවත් හඳුනා ගත්තා.
පැළ නොවේ යැයි සිතූ ඒ බීජවලින් නව රෝපණ ක‍්‍රමවේදයන් යොදා ගෙන විශාල ශාක සංඛ්‍යාවක් රෝපණය කර ගැනීමට විද්‍යාඥයන්ට හැකි වුණා.
එකම වෙනසකට ඇත්තේ මේ බීජ වර්තමානයේ ඒ වර්ගයේ ශාක බීජවලට වඩා ප‍්‍රමාණයෙන් කුඩා වීමයි. මේවා සුරැකිව තිබී හමු වී ඇත්තේ ඍන උෂ්ණත්වයක් යටතේ මීටර 38ක් (අඩි 125ක්) පොළොව යටදීයි.
රේඩියෝ කාබන් දින නිර්ණය අනුව මේවා වසර 31,500ත් 32,100ත් අතර කාලයට අයත් වෙතැයි හඳුනා ගෙන තියෙනවා. මේ බව රුසියාවේ ජාතික විද්‍යා ඇකඩමිය විසින් ද තහවුරු කර තියෙනවා.
පර්යේෂකයන් කියන්නේ මේ බිම් ලේනුන් හිම පතුරු යොදා වට කළ අවසාදිත හිම මත තැනූ ආහාර ගබඩාවල මේ බීජ ගෙන ගොස් තැන්පත් කළ පසු ඒවා නැවත වාතයට විවෘත නො වී මිදී ඒ අයුරින් ම මෙතෙක් කලක් තිබෙන්නට ඇති බවයි.
මොස්කව්හි පාංශු හිමායන විද්‍යා රසායනාගාරයේ (Soil Cryology Laboratory) ප‍්‍රධාන පර්යේෂක ආචාර්ය ඬේවිඞ් ගිලිචින්ස්කි කියන්නේ ‘මේ අවසාදිත අයත් වන ප්ලීස්ටෝසින යුගයේ අවසාන හරියේ දී මේ කලාපයේ පැවති ඍන අංශක හතක උෂ්ණත්වය නිසා හිම දිය වී මේවා වායුගෝලයට නිරාවරණය නොවන්නට ඇති බවයි.’
මේ විදියට අඟහරු මත ඇති නිත්‍ය හිම යට සිර වී ශාක හෝ ජීවී ද්‍රව්‍ය තිබිය හැකිද? විද්‍යාඥයන් ඉදිරියේ ඇති එක් ප‍්‍රශ්නයක්.
පැළ නො වන තත්වයක් පැවති නිසා ශාක ප‍්‍රරෝහණ නවතම ක‍්‍රමවේදයන් යොදා ගනිමින් එක පැළයකින් සාපේක්ෂකව අඩු කාලයක් තුළ දී විශාල පැළ සංඛ්‍යාවක් රෝපණය කර ගැනීමට ඔවුන් සමත් වුණා.
මයික්‍රො ප‍්‍රරෝහණ ක‍්‍රමය (micropropagation) යොදා ගෙන බීජ බන්ධක පටකවලින් යළි සකි‍්‍රය කර ගත් සිලේන් පැළෑටි බිහි කර ගත්තේ ලේනුන් විසින් සඟවන ලද ඒ ගෙඩිවල ඇට හා බැඳුණු පටකවලිනුයි.
වසරකට පසු අවුරුදු 31,000ක් පැරණි ඒ පැළෑටියේ මල් හා ගෙඩි හට ගත්තා පමණක් නොව යළි රෝපණය කළ හැකි බීජ ද හට ගත්තා. මෙය එතෙක් නො කළ විස්මිත දෙයක් වුණා.
සිත් ගන්නාසුලූ දෙයක් වූයේ මේ යළි උපන් පැළෑටිය වර්තමානයේ දක්නට ලැබෙන සිලේන් ස්ටෙනොෆිලස් ශාකයට බොහෝ සේ වෙනස් වීමයි.
ආචාර්ය ඬේවිඞ් ගිලිචින්ස්කි කියන්නේ, ”යළි උපදවන ලද ශාක මල් හා ගෙඩි හට ගන්නා තත්වයට පත් වූ පසු රෝපණය කළ හැකි බීජ ලබා ගන්නට අපට හැකි වුණා.
”ශාක පටක මෙසේ ස්වාභාවික හිමායන සංරක්ෂණයට ලක් ව වසර දහස් ගණනක් තිබීමෙන් පෙනී යන්නේ ඉතා පුරාණ ජාන සංචිත නොනැසී කාලාන්තරයක් තබා ගත හැකි ක‍්‍රමයක් ලෙස නිත්‍ය තුහින ඉතා වැදගත් වන බවයි.”
”එසේ ම මෙයින් අපට සිතා ගත හැකියි, පුරාණ ආසියාව හා අපි‍්‍රකාව යා වී තිබුණේ යැයි සැලකෙන ගොඩබිම් පාලම වූ බෙරින්ජියාව (Beringia) පුරා ම නිත්‍ය තුහින යට පුරාණ ජීවීන් සැඟවී සිටිය හැකි බව.” ඔහු වැඩිදුරටත් කියනවා.
3 Comments
වැදගත් ලිපියක්
ReplyDeleteYali ipaduna palaatiyen thava vadagath thorathuru heli karaganna puluvan vei.
ReplyDeleteNIyama lipiyak niyamayi.
ReplyDeleteThanks for sharing