ස්ටෝන්හෙන්ජ් Stonehenge: පැරැන්නන්ගේ විශ්ව කැලැන්ඩරයේ අබිරහස

පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත්, කැපී පෙනෙන, ශ්‍රේෂ්ඨ නිර්මාණ බි‍්‍රතාන්‍යයේ දකින්න ලැබෙන්නේ නැහැ. ඒත් පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුක්ත අබිරහසක් නම් එංගලන්තයේ තියෙනවා. මේ අබිරහස තමයි, ස්ටෝන්හෙන්ජ් Stonehenge ගල්කනු. අද නම් ඒක ස්මාරකයක් ලෙස සැලකෙනවා. ඒක ඇත්තෙන්ම හරිම අපූරුයි. හැබෑම අබිරහසක් බවට කිසිම සැකයක් නැහැ. ඉතිං මොක්කද ඒ අබිරහස? ඒ අබිරහස තමයි, මේ ගල් කනු ස්මාරකය මොකක්ද? කවුද හැදුවේ? මොකටද හැදුවේ? කවදාද හැදුවේ? ආදී ප‍්‍රශ්නවලට හරිහැටි පිළිතුරු ඉදිරිපත් කරන්න විද්‍යාවට නොහැකි වීමයි. නමුත් පුරාවිද්‍යාඥයන් කියන්නේ එය ලොව පැරණිම දින දර්ශනයක් එසේත් නැතිනම් කැලැන්ඩරයක් කියලයි.



ස්ටෝන්හෙන්ජ්: තාරකා විද්‍යා කැලැන්ඩරය
ශතවර්ෂ ගණනාවක් තිස්සේ ස්ටෝන්හෙන්ජ් ගැන නොයෙක් විධියේ පැහැදිලි කිරීම් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ අතුරින් ස්ටෝන්හෙන්ජ් ඉදිකළ කාලය ගැන තොරතුරු සොයා ගැනීමට හැකිවුනත් ස්ටෝන්හෙන්ජ් හරියටම කුමක් දැයි කියන්න පැහැදිලි කළ හැකි වී නැහැ. සමහර බි‍්‍රතාන්‍ය ජාතිකයන් විශ්වාස කළේ එය පැරණි රජවරුන්ගේ සොහොන් බිමක් ලෙසයි. සමහරුන් කීවේ පේගන් දෙවියන්ට පුද පූජා පැවැත්වූ දෙවොලක් කියායි. තවත් අය කීවේ සුප‍්‍රකට ආතර් රජුගේ මායාකරු මර්ලින් විසින් නිර්මාණය කරන ලද්දක් කියායි. අතීතයේ කවුරු කොහොම කීවත් ඒත් මෑත කාලයේදී නම් තවත් අපූරු තර්කයක් ඉදිරිපත් වුණා. ඒ ස්ටෝන්හෙන්ජ් උසස් තාක්ෂණික දියුණුවක් ඇති පිටසක්වල ජීවී කොට්ඨාශයකගේ අපූරු නිර්මාණයක් ලෙසයි. වර්තමාන විද්‍යාඥයන්ගේ මතය ස්ටොන්හෙන්ජ් පුරාණ තාරකා විද්‍යාඥයන් විසින් භාවිතා කළ ඉතාමත් සංකීර්ණ දිනදර්ශනයක් යන්නයි.

ස්ටෝන්හෙන්ජ් ගැන වැරදි වැටහීම්
16 වැනි සියවසේ විසූ බි‍්‍රතාන්‍ය පුරාවස්තු රැස්කරන්නන් කීවේ ස්ටෝන්හෙන්ජ් ගල්කනු යනු ඩෲයිඞ් පූජකයන් වැඳුම් පිදුම් කළ පූජනීය දේවාලයක් කියලයි. ඩෲයිඞ් කියලා කියන්නේ කෙල්ටික් පූජකයන් පිරිසකි. කෙල්ටික් සංස්කෘතිය බටහිර යුරෝපයේ මුල් බැසගෙන තිබුණේ රෝම අධිරාජ්‍ය සමයේදීයි. මේ ඩෲයිඞ් පූජකයෝ ඇදහූයේ පේගන් ආගමයි. ඔවුන්ගේ දෙවිවරුන් වුණේ සොබාදහමයි. ගස්වැල්, ගංගා ඇළදොළ, අහස පොළොව ආදිය. ඔවුන් දක්ෂ මායාකරුවන් බවට ප‍්‍රචලිතයි. ඒ නිසා ස්ටෝන්හෙන්ජ් ඩෲයිඞ් උරුමයක් කියලා විශ්වාස කරලා ආදරේ කරන්න බි‍්‍රතාන්‍ය වැසියෝ බොහොමයක් පෙලඹුණා. කවියන් ස්ටෝන්හෙන්ජ් ගැන කවි ලීවා. 1960 දශකයේදී ඩෲයිඞ් පූජකයන්ට ඇලූම් කළ පිරිස් ඔවුන් වගේ දිගු ලෝගුවලින් සැරසිලා සෑම වසරකම ගී‍්‍රස්ම සෘතුවේ ස්ටෝන්හෙන්ජ් වටා එක්රොක් වී පැරැන්නෝ කළාක් මෙන් යාගහෝම උත්සව පවත්වන්න වුණා.


පුරාවිද්‍යාත්මක වටිනාකමක්
පාෂාණධාතු විද්‍යාඥයන්ගේ මතයේ හැටියට ස්ටෝන්හෙන්ජ් හුඟක් පැරණියි. අවස්ථා තුනකදී කොටස් තුනකින් ඉදි වී ඇති එහි මුල් කොටස කි‍්‍රස්තු පූර්ව 3100ට අයත්. ඩෲයිඞ්වරුන් පහළ වෙන්නට බොහොම ඉස්සරින්. එංගලන්තයේ සැලිස්බරිහී සිට කි.මී. 15ක් පමණ දුරින් පිහිටා ඇති මේ ස්ටෝන්හෙන්ජ්හී ප‍්‍රධාන ලක්ෂණය වන්නේ දැවැන්ත ගල් කුලූනු පෙළක් කවාකාරව තැන්පත් කර තිබීමයි. මේවා නව ශිලායුගයට (කි‍්‍රස්තු පූර්ව 4500ත් 1500ත් අතර කාලයට) අයත් ඒවා ලෙසයි සැලකෙන්නේ.

ඕබ්රි සිදුරු 
පැරණි කොටසේ තියෙනවා වටකුරුව තැනූ ඉවුරක් හා විශාල ප‍්‍රදේශයක් පුරා පැතිරුණු වළක්. එහි විශ්කම්භය මීටර් 10ක් පමණ වෙනවා. ඒ වටා තියෙනවා, වළල්ලක් ආකාරයට විහිදුණු, සෙ.මී 130ක් පළල කුඩා සිදුරු පෙළක්. ඒවා 1666 දී ජෝන්  ඕබ්රි විසින් මුලින්ම සොයා ගත් නිසා ‘ඕබ්රි සිදුරු’ කියා හැඳින්වෙනවා. දෙවන අදියරට අයත් මේ සිදුරුවලින් හෙළිවන්නේ මෙහි දැවවලින් කළ දැවැන්ත ඉදිකිරීමක් පැවති බවයි.


ස්ටෝන්හෙන්ජ් තුන්වන අදියර
අද දක්නට ලැබෙන්නේ මේ ස්ටෝන්හෙන්ජ් තුන්වන අදියරයි. එහි දැවැන්ත ගල් කුලූනු 30ක් කවාකාරව තැන්පත් කර තියෙනවා. ඒ කාලයේ රෝදය ගැන දැනීමක් මේවා ඉදි කළ අයට නොතිබුණු නිසා මේවා මෙහි ගෙන ඒමත් විස්මයක්. මේ එකක් මීටර් 4ක් උසයි. මේ තරම් විශාල ගල් කුලූනු මෙහි ගෙන එන්නට ඇතැයි සැලකෙන්නේ මෙහි සිට කි.මී. 40ක් පමණ එපිට ගල්වළකින්. ප‍්‍රධාන කවය ඇතුළේ ඇති අශ්ව ලාඩමක හැඩයට තබා ඇති නිල් පැහැ ගල් විශේෂය මෙහි ගෙනැවිත් ඇත්තේ වේල්සයෙන්. එය කි.මී. 248ක් දුරින් පිහිටි තැනක්.

ජෙරල්ඞ් හෝකින්ස් කියන දේ
1963 දී ජෙරල්ඞ් හෝකින්ස් කියන තාරකා විද්‍යාඥයා විසින් පළ කරන ලද ‘ස්ටෝන්හෙන්ජ් ඩිකෝඩඞ්’ නම් පොතෙන් එයා කරුණු දක්වා තියෙනවා, පැරැන්නන් මේ ස්ටෝන්හෙන්ජ් ඉදි කර ඇත්තේ අහස නිරීක්ෂණය කිරීමට කියා. සූර්යයා කේන්ද්‍ර කර ගෙන ඉදි කර ඇති මෙහි එක් ගල් කුළකින් සූර්යයා සමකයෙන් ඈත්වන අවස්ථා හඳුනා ගත හැකියි. ඔහු දක්වන ආකාරයට මෙය ගල්යුගයේ පැවති සූර්ය කැලැන්ඩරයක්. මේ මගින් පැරණි මිනිසුන් සූර්ය ග‍්‍රහණ සිදුවීම පිළිබඳ අනාවැකි පවා කියන්නට ඇතැයි හෝකින්ස් ඔහුගේ පොතෙන් හෙළිදරවු කර තියෙනවා.

Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

3 Comments

  1. ගල් වලක් තියෙන්නෙ කිමී 4ංකින් නම් කෝමද ගල් ගෙනාවෙ?? ලංකාවෙ පුරාවස්තු සමහරක් තියෙනව ඔය වගේ පලාතට කිසිසේතම අදාල නැති විශාල ගල් කොටස් වලින් නිර්මාණය වුනු..

    ReplyDelete
  2. me thorathuru hoyalaa idiripath karana vidiya hari apoorui!
    Thanks.

    ReplyDelete
  3. Stone Henge කියන්නෙත් මම කුඩා කළ සිට කුතුහලයෙන් සිටි අභිරහසක්.

    ReplyDelete