ඩ‍්‍රැකියුලා සහ ලේ පිපාසිත වැම්පයර්වරුන්ගේ අබිරහස, මිථ්‍යා කතාවල ඇත්ත නැත්ත : ලෝකයේ නොවිසඳුණු අබිරහස්

අපේ ලෝකය හරිම පුදුමාකාර තැනක්. ජීවයෙන් පිරුණු සුන්දර තැනක් මෙන්ම හරිම අපූරු අද්භූත දේවල්වලිනුත් පිරිලයි, තියෙන්නේ. අමුතු අද්භූත දේවල් අහන්න දකින්න අකමැති කවුරුද? අපේ මිහිතලයේ ඇති සමහර අබිරහස් විසඳීමට විද්‍යාවට හැකිවී නැහැ. ඒවා විද්‍යාත්මක න්‍යායන්ට හසුවන්නේ නැහැ. සමහර දේ ගැන විද්‍යාත්මකව විග‍්‍රහ කරන්නට තැත් කළත් ඒවා ද එතරම් සාර්ථකවී නැහැ. දිනෙන් දින මෙම අබිරහස් ගැන තොරතුරු හෙළිදරව් වෙනවා. ඒවා ගැන කතා වෙනවා. ඒ අතරින් මිථ්‍යා කතා, මිථ්‍යා විශ්වාස මුල් තැනක් ගන්නවා.


ලේ උරා බොන්නෝ !
”මිනිසා රුධිරය ගැන උනන්දුවක් දැක්වූයේ අද ඊයේ නොවේ. වාර්තා ගත ඉතිහාසය ආරම්භයේ සිටයි.” මෙහෙම කියන්නේ ඇමෙරිකාවේ බොස්ටන් සරසවියේ මහාචාර්ය රේමන්ඞ් මැක්නැලි. ඔහු ලේ උරා බොන වැම්පයරයන් හා බැඳුණු ජනශ‍්‍රැති ගැන පුළුල් ලෙස අධ්‍යයනය කළ විද්වතෙක්. ”මිනිස් සිරුරේ රුධිරය පිටතට යද්දී ඒ සමඟ ජීවයත් නැතිවී යන හැටි නූගත් මිනිසුන් දැක්කා. ඒ නිසා ඔවුන් විශ්වාස කළා, සිරුරට යළිත් ලේ පිරවූවොත් ජීවය දෙන්න පුළුවනි කියලා” මැක්නැලි කියනවා. මේ හේතුව නිසාම වෙන්න ඇති බොහෝ රටවල සංස්කෘතීන් තුළ ලේ උරා බී අමරණීයව ජීවත්වන්නට හදන අය ගැන මිථ්‍යා කතා නිර්මාණය වී තියෙන්නේ. අපේ රටේ බලිතොවිල්වල දී අසන්නට ලැබෙන ‘රීරියකා’ත් එවැනි මිථ්‍යා චරිතයක්.  ඇස්ටෙක් මිථ්‍යා කතාවල හමුවන ‘සිවටේටියෝ’, පුරාණ ගී‍්‍රක පුරාවෘත්තවලින් කියැවෙන ‘ලමීයා’ එවැනි අමනුෂ්‍ය වැම්පයරයන් දෙදෙනෙක්. චීනයේත් ලේ බොන අමනුෂ්‍ය සත්ත්වයෙක් ඉන්නවා. එයාව හඳුන්වන්නේ ‘ජියංග් ෂී’ කියලයි. පිලිපීනයේ පිටිසරබද ගැමියන් බියවද්දමින් ලේ උරා බොනවායැයි කියන සත්ත්වයා වැම්පයරයකුට හුඟක්ම සමානයි. ‘මනන්ගාල්’ ලෙස හැඳින්වෙන මේ සත්ත්වයා මිනිසුන්ගේ ලේ උරා බොනවා විතරක් නොවේ. ඌට පියාඹා යෑමට වවුලකුගේ මෙන් පියාපත් දෙකක් ද තිබෙනවා. ඒ විතරක් නොවේ, සුදු ලූනුවලට බියක් හා පිළිකුලක් දක්වනවා.


වැම්පයරයෝ
වැම්පයරයන් පිළිබඳ ජනශ‍්‍රැති බහුලව අසන්න ලැබෙන්නේ ස්ලේවික් රටවලින් හා නැගෙනහිර යුරෝපයෙනුයි. ස්ලේවික් හා රුමේනියානුවන් අමනුෂ්‍ය, මනුෂ්‍යයන්ගේ ලේ උරාබොමින් ජීවත් වන සත්ත්වයන් විවිධ ආකාරයෙන් නිරූපණය කර තිබෙනවා. ඒක හරියට ඇස්කිමෝවරුන් ‘හිම’ යන්න 30 ආකාරයකින් හඳුන්වනවා හා සමානයි. වර්තමානයේ අප හොඳින් දන්නා වැම්පයරයන් පිළිබඳ පුරාවෘත්ත නිර්මාණය වුණේ ඒ අනුවයි. ඒ මිථ්‍යා කථාවලට අනුව මේ වැම්පයරයන්ගේ රූප මූණ බලන කන්නාඩිවලින් දකින්න බැහැ. ඔවුන් සුදුලූනුවලට බියක් දක්වනවා. හිරු එළිය සහ කුරුසිය දැක්කාම මරණ බියෙන් පලා යනවා. දිගට වැඩුණු කෘන්තක දත් දෙක යොදා ගනිමින් තමයි, සිරුරු සිදුරු කර ලේ උරා බොන්නේ. ඒ මිථ්‍යා කතාවලට අනුව වැම්පයරයකු විනාශ කරන්න නම් ලී උලකින් හදවත සිදුරු කරන්න  ඕනෑ. මිනිසාට ළං නොවන ආකාරයේ වැම්පයරයන් විශේෂයක් ගැනත් ස්ලේවික් ජනශ‍්‍රැතිවලින් නිරූපණය වෙනවා. ඒ මිථ්‍යාවනට අනුව ඔවුන්ට දුමක් හෝ දූවිලි වලාවක් බවට පෙරළෙන්න පුළුවන්. ආරාධනාවක් නොමැතිව කිසිම නිවසකට ඇතුළු වෙන්න ඔවුන්ට බැහැ. ඔවුන් ගංගා ඇළදොළ මඟ හරිනවා. ඔවුන්ව විනාශ කරන්න පුළුවන් වන්නේ බොරු උප්පරවැට්ටියකින් රැවටීමෙන් විතරමයි.

ලේ බොන වැම්පයර් වවුලෝ
ලේ උරා බොන වවුලන් යුරෝපයේ හිටියේ නැහැ. ඔවුන්ව මුලින්ම දකින්න ලැබුණේ මධ්‍යම හා දකුණු ඇමෙරිකාවට ගිය ස්පාඤ්ඤ නාවිකයන්ටයි. ඔවුන් තමයි, මේ වවුලන්ව ‘වැම්පයර් වවුලන්’ කියලා නම් කළේ. මේ වවුලන් ගොවිපළවල සතුන්ගේ ඒ කියන්නේ එළුවන්ගේ හා ගවයන්ගේ සිරුරුවල එල්ලී ලේ උරා බොනවා. ඒක හරියට කූඩැල්ලෙක් හරි මදුරුවෙක් හරි අපේ සිරුරුවල එල්ලී ලේ බොනවා වගේ. ලේ උරා බීවා කියලා ගොවිපළ සතුන් මැරෙන්නේ නැහැ. වැම්පයර් වවුලන් බොන්නේ උන්ට අවශ්‍ය ලේ ප‍්‍රමාණයට ලේ විතරයි.

බ‍්‍රෑම් ස්ටෝකර් සහ ඩ‍්‍රැකියුලා
ස්ලේවික් පුරාවෘත්තවලින් බි‍්‍රතාන්‍යයේ හා අමෙරිකාවේ පාඨකයන්ගේ සිරුරු කිළිපොළා යන්න පටන් ගත්තේ ‘ඩ‍්‍රැකියුලා’ නම් චරිතය සාහිත්‍ය ලොවේ පහළ වීමත් සමඟයි. ඩ‍්‍රැකියුලාට පණ දුන්නේ බි‍්‍රතාන්‍ය ලේඛක බ‍්‍රෑම් ස්ටෝකර් විසින්. ඒ 1897 වසරේදීයි. ස්ටෝකර්ගේ ඩ‍්‍රැකියුලා චරිතයට පාදක වුණේ තුන් වන ව්ලැඞ් ටෙප්ස් Vlad Tepes නම් රුමේනියානු කුමාරයායි. එයා ජීවත් වුණේ 15 වැනි සියවසේදීයි. ඒත් සත්‍යය හා ප‍්‍රබන්ධය කියන්නේ එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස් දෙකක්. ව්ලැඞ් කුමාරයා අති දක්ෂ රණශූරයෙක්. සතුරන් නසන්නට සමතෙක්. ඔහුව ‘ව්ලැඞ් ඩ‍්‍රැකියුලේ’ යන නමින් ද හැඳින්වුණා. ඒ නමේ සරල තේරුම තමයි ‘ඩ්‍රේගන්වරුන්ගේ පුත‍්‍රයා’ යන්නයි.

ඩ්‍රේගන්වරුන්ගේ පුත‍්‍රයා 
ඩ්‍රේගන්වරු යනු කි‍්‍රස්තියානි නයිට්වරුන්ගේ නිකායක්. 15 වැනි සියවසේදී නැගෙනහිර යුරෝපයේ ඉස්ලාමීය පුනරුදයක් ඇති වෙනවාට එරෙහිව මේ ඩ්‍රේගන්වරු ඒ කාලේ නිතරම සටන් වැදුණා. රුමේනියානුවන් නිතරම සටන් වැදුණේ හංගේරියාව හා තුර්කිය එක්කයි. මේ සටන්වලට නායකත්වය දුන් එක් අයකු ලෙසයි, ව්ලැඞ් කුමාරයා සැලකෙන්නේ. මේ නිසා දේශපාලනික වශයෙන් විතරක් නොවේ, ආගමික වශයෙනුත් ව්ලැඞ් කුමාරයා පැසසුමට ලක් වුණා. එතුමා සැලකුම් ලැබුවේ, රුමේනියාවේ ජාතික වීරයකු හැටියටයි. ව්ලැඞ් කුමාරයා සතුරන්ට පොඞ්ඩක්වත් අනුකම්පාවක් දැක්වූයේ නැහැ. අල්ලා ගත් සතුරන් වධ හිංසා කර මරා දැම්මේ පපුව ලී උලකින් සිදුරු කරලයි. ඒ විතරක් නොවේ, ජය සැමරීම සඳහා සතුරන්ගේ ලේ පානය කරන්නත් ව්ලැඞ් කුමාරයා පුරුදු වෙලා හිටියා කියලා පුරාවෘත්තවල සඳහන් වෙනවා. මේ දේවල් තමයි, බ‍්‍රෑම් ස්ටෝකර් ඔහුගේ ‘ඩ‍්‍රැකියුලා’ නව කතාවේ ලේ උරා බොන ඩ‍්‍රැකියුලා සිටුවරයාගේ චරිතය නිර්මාණය කරන්න පාදක කරගෙන තිබෙන්නේ.

ලේ බොන්න පුරුදු වෙලා
අද රුමේනියාව් ඈත පිටිසරින් පවා වැම්පයරයන් ගැන අහන්න ලැබෙන්නේ නැහැ. ලේ උරා බොන්නන් ගැන ස්ටෝකර් ලොවට දායාද කළ ප‍්‍රබන්ධය රූපවාහිනී, චිත‍්‍රපටවලට හැරුණා විතරක් නොවේ, ඒවා ඇත්තෙන් එක්තරා පිරිසකගේ ජීවන රටාවක් බවටත් පත් වෙලා අවසන්. මේ පිරිස හැඳින්වෙන්නේ ‘සැන්ගුයිනේරියන්ස්’ Sanguinarians කියලයි. මේ පිරිස ලේ බොනවා. හැබැයි මිනිසුන්ගේ උගුර සිදුරු කරලා නම් නොවේ. ඔවුන් ලේ බොන්නේ ලේ බැංකුවලින් ලේ මිලදී ගැනීමෙනුයි. ඒක ඔවුන්ගේ ජීවන රටාවේ කොටසක්. සැන්ගුයිනේරියන්වරු ජීවත් වන්නේ යුරෝපාකරයේ රටවලයි.


ඩ‍්‍රැකියුලාට පණ දුන් බ‍්‍රෑම් ස්ටෝකර්
විශ්ව සාහිත්‍යයේ එන බිහිසුණුම නවකතාව ලෙස සැලකෙන්නේ බ‍්‍රෑම් ස්ටෝකර්ගේ ඩ‍්‍රැකියුලායි. මරණින් පසු මිනීවළෙන් නැගිට ඇවිත් ජීවත් වන්නන්ගේ ලේ උරා බොමින් සදාකල් ජීවත් වන වැම්පයර්වරු ගැන ලොව පවතින විශ්වාසයන් ඉතාමත් විචිත‍්‍ර අයුරින් නිර්මාණය කළ කතා පුවතක් ලෙස ඩ‍්‍රැකියුලා නවකතාව ලෝක සාහිත්‍යයේ ඉතා වැදගත් තැනක් හිමිකරගෙන තිබෙනවා. ඒබ‍්‍රහම් (බ‍්‍රෑම්) ස්ටෝකර්ගේ ඩ‍්‍රැකියුලා ප‍්‍රකාශයට පත්වෙලා දැන් අවුරුදු 100 කට වැඩියි. අයර්ලන්ත ජාතිකයෙක් වූ ස්ටෝකර් උපන්නේ 1847 වසරේදීයි. ඔහු ඩ‍්‍රැකියුලා නවකතාව පළ කළේ 1897 අවුරුද්දේයි. ඩ‍්‍රැකියුලා කතාවෙන් කියැවෙන්නේ ශතවර්ෂ ගණනාවකට කලින් ට‍්‍රාන්සිල්වේනියාවේ (ඒ කියන්නේ අද රුමේනියාවේ) කාපේතියානු කඳුකරයේ ජීවත් වී යුද වැදී මැරුණු වංශවතෙක් ගැනයි. ඔහුගේ නම වොයිවෝඞ් ඩ‍්‍රැකියුලා. එසේත් නැතිනම් ඩ‍්‍රැකියුලා සිටුවරයායි. වැම්පයර් ආත්මයක් ලබා සිටින ඔහු මිනිසුන්ගේ ලේ උරා බී ජීවත්වෙනවා. ඔහු ට‍්‍රාන්සිල්වේනියාවේ සිට එංගලන්තයට පැමිණෙන අයුරු ඩ‍්‍රැකියුලා නවකතාවට පාදක වෙයි. රුමේනියා බසින් ඩ‍්‍රැකියුලා යන්නෙහි තේරුම ‘යක්ෂයාගේ පුත‍්‍රයා’ යන්නයි. ඩ‍්‍රැකියුලා නවකතාව ජනප‍්‍රිය වීමත් සමඟ එය වේදිකා නාට්‍ය රැසකට මුල් වුණා. 1923 අවුරුද්දේදී ප‍්‍රථම වරට ජර්මනියේ නිහඬ චිත‍්‍රපටයකට ඩ‍්‍රැකියුලා කතාව පාදක කර ගැනුණා. ඉන්පසු ඩ‍්‍රැකියුලා නමින් චිත‍්‍රපට කිහිපයක් ද වැම්පයරයන් පාදක කර ගනිමින් චිත‍්‍රපට ගණනාවක් ද නිර්මාණය කෙරුණා. ස්ටෝකර් මියගියේ 1912 දීයි. අවසන් කාලයේදී ඔහු ‘ඩ‍්‍රැකියුලාස් ගෙස්ට්’ නමින් නවකතාවක් ලියමින් හිටියා. පසුව ඒ නවකතාව අවසන් කළේ ස්ටෝකර්ගේ බිරිය විසිනුයි.

Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

5 Comments

  1. Godak baya hithenawa namuth godak prayojanawath dayak.Godak honda lipiyak.....

    ReplyDelete
  2. Sweet article... keep it up..

    ReplyDelete
  3. Mal kekulu Blog Adawiiya Mage Priyathama Blog Adviyai.

    ReplyDelete
  4. තොල් සුදු වෙලා රදනක දත් දිග වෙලා හම ඉර එලියට සංවේදී වෙන එක ජාන විකෘති වෙලා හැදෙන ලෙඩක්. අපිට මේ ගැන ඉගැන්නුවා මේරිලන්ඩ් යුනිවර්සිටියේදී. දැන් හරියටම මතක නැතත් මේ වෙනකොට mutate වෙන DNA segment එකත් හෙයාගෙන ඉවරයි. Dracula ල කියල කියන්නේ එහෙම mutate වෙච්ච මිනිස්සු. X-Men වගේ. ඒ අයගේ ලේ වල හිමොග්ලොබින් අඩු නිසා ලේ බිව්වා කියල තමයි විශ්වාසය. දැන්නම් උන් යකඩ පෙති බොනවා ඇති.

    ReplyDelete
  5. මාත් එකඟයි............ අනිවාර්යයෙන්ම යකඩ පෙති ගිලිනවා ඇති...... අද කාලෙ ලේ බොන්න ගියොත් ඉතින් දත් දෙක කඩාගෙන තමා එන්න වෙන්නෙ

    ReplyDelete