HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

කුරුල්ලන්ගේ සිරුරු තුළ වේග පාලකයක්, තාක්ෂණය අනාගත යානාවලටත් - අලූත්ම අධ්‍යයනයකින් හෙළිවේ!

විද්‍යාඥයන් සොයා ගෙන තියෙනවා, ඉවෙන් මෙන් තමන් පියාසර කළයුතු වේගය හඳුනාගෙන බාධක සහිත පරිසර තුළ දී ඒවායේ නොගැටී, හිස් තැන් සොයා ගෙන පියාඹා යන බව. විශේෂයෙන් ගස් බහුල වනාන්තර ප‍්‍රදේශවල දී කුරුල්ලන්ට තමන් ජීවත්වන පරිසරයේ ඝනත්වය ගැන අවබෝධයක් ලබා ගත හැකි ක‍්‍රමවේදයක් තියෙනවා. මෙම ක‍්‍රම වේදය හඳුනා ගෙන ඒවා මිනිසුන් රහිතව පියාසර කරන යානාවලට යොදා ගැනීමට විද්‍යාඥයන් බලාපොරොත්තු වෙනවා.

(කුරුල්ලන් තදබදයක් ඇති පරිසරයකදී මග සොයා ගෙන යන අයුරු මිනිසුන් රහිත යානාවලටත් යොදා ගැනීමට විද්‍යාඥයන් බලාපොරොත්තු වෙනවා)
ඇමරිකාවේ මැසචුසෙට්ස් තාක්ෂණික ආයතනයේ අභ්‍යවකාශ හා ගගන විද්‍යා මහාචාර්යවරයකු වන එමිලියෝ ෆ්රෑසෝලි ඇතුළු පර්යේෂකයන් පිරිසක් තමයි, කුරුල්ලන්ගේ පියාසර චර්යාවන් හා මිනිසුන් රහිතව පියාසර කරන ඩ්‍රෝන යානාවල පියසැරි රටාවන් පිළිබඳව අධ්‍යයනය කරන්නේ.

පර්යේෂකයන් පිරිස සොයා ගෙන තියෙනවා, කුරුල්ලකු හෝ වෙනත් පියසැරි වස්තුවක් හෝ නොගැටී යන්නට නම් නිශ්චිත අවම වේගයකින් ඒ ගමන සිදු කළයුතු බව. ඒ වේගය ඉක්මවුවහොත් අනිවාර්යයෙන් ම යමක් හා ගැටෙන්නට සිදු වෙනවා. මෙම වේග සීමාව යන මාර්ගයේ ඇති බාධක හෝ වනාන්තරයක නම් ගස් ගණන අනුව අඩුවැඩි වෙනවා.

(නිශ්චිත අවම වේගයකින් පියාසර කිරීමෙන් එකිනෙකා හා නොගැටී යන මේ ක‍්‍රමවේදය හඳුනා ගන්නයි, විද්‍යාඥයන් සූදානම් වන්නේ)

ෆ්රැසෝලි කියන්නේ මෙය හිම කන්දක් මත සිට පහළට රූටා යාමේ දී අන්ගමනය කරන ක‍්‍රමවේදයකට සමාන ක‍්‍රමවේදයක් බවයි. ‘හිම මත ලිස්සා යාමේ දී, විශේෂයෙන් ම කන්දක් මුදුනක සිට පහළට යාමේ දී, ගසක් දුටු විට වහාම ගමන් මග වෙනස් කළ හැකි වේගයකිනුයි අපි යන්නේ. එහිදී බාධකය මග හැර ඉන්පසු ඉඩ ඇති තැන් බල බලා ගමන් කිරීම සිරිතයි. ඒ විදියේ දෙයක් තමයි, මෙහිදීත් සිදු වන්නේ’ ඔහු ‘යුරෙක්අලර්ට්’ (EurekAlert) සඟරාවට කීවා.

‘මිනිසුන් රහිතව පියාසර කරන යානාවලත් පෙරළියක් කළ හැකියි, මේ ක‍්‍රමවේදය යොදා ගැනීමෙන්. දැනට භාවිත කෙරෙන්නේ ඒ යානාවල ඇති සංවේදකවලට හසුවන මානයට ගැළපෙන වේගයක් විතරයි. මෙහිදී අදාළ පරිසරයේ ඇති බාධක පිළිබඳව අවබෝධයක් දුන් විට රෝබෝවරයකුට පියාසර කළ යුතු උපරිම වේගය තීරණය කර වේගය අඩුවැඩි කරමින් අතරමග දී හමුවන බාධක මඟ හැර යානය හැසිර විය හැකියි.’ ඔහු තවදුරටත් කියනවා.

(මෙවැනි මිනිසුන් රහිත යානා අනාගතයේ දී මේ නව තාක්ෂණය යොදා ගනීවි)

මේ ක‍්‍රමය මිනිසුන්ට යොදා ගත හැකි ආකාරය ගැන පර්යේෂණය කරන්නයි, ඔවුන් බලාපොරොත්තු වන්නේ. මේ ක‍්‍රමය යොදාගෙන පරිගණක කී‍්‍රඩාවක් නිර්මාණය කර ඒ ඔස්සේ මිනිසුන් ඊට ප‍්‍රතිචාර දක්වන ආකාරය ගැන විමසන්නට දැන් ඔවුන් සැරසෙනවා.

Post a Comment

3 Comments

  1. ඒකනම් අපූරු අදහසක්.. ඒ කියන්නේ අනාගතේ අපිට මේ වගේ යානා තවත් දකින්න පුළුවන් වේවි..

    ReplyDelete
  2. Hoda lipiyak.kurullangen thamay piyasara karana hondama krama igena ganna puluvan.ahasyana mulinma haduveth eyalagen igena genane.

    ReplyDelete
  3. වටින විස්තරයක් හැමදාම වගේ.....

    ReplyDelete