HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මකුළුවෝ හා කුරුමිණියෝ ගණන කියන්න පුළුවන්ද?: ගණිත විනෝදය සති අන්තයේ පැනය - පෙරෙල්මාන්ගේ විසඳුම


අප ඔබට ඉදිරිපත් කල ගණිත විනෝදය ගැටලුවට Comments වලින් සහය දැක්වු සියලු දෙනාට අපගේ ස්තුතිය...!. Anonymous, Sithuvam නිවැරදි පිලිතුරු ලබා දුන්නා.


මෙම ගැටලූව විසඳීමට පෙර මකුළුවන්ට හා කුරුමිණියන්ට පාද කීයක් තිබේදැයි මතක් කර ගන්න. මකුළුවාට පාද 8ක් ද කුරුමිණියාට පාද 6ක් ද තියෙනවා. පෙට්ටියේ සිටියේ කුරුමිණියන් 8 දෙනෙක් නම් පෙට්ටියේ ඇති පාද සංඛ්‍යාව 6×8 = 48ක් වෙනවා. පෙට්ටියේ ඇති පාද සංඛ්‍යාව 54ක් බව ගැටලූව ආරම්භයේ දී ම කියා තියෙනවා. දැන් ඇති සංඛ්‍යාව තිබිය යුතු සංඛ්‍යාවට වඩා හයකින් අඩුයි. ඒ නිසා අපි දැන් එක කුරුමිණියකු මකුළුවකුට මාරු කරමු. මකුළුවාට පාද 6ක් නොව 8ක් ඇති නිසා එවිට වැඩි වූයේ පාද දෙකක් පමණයි.

මේ විදියට තුන් වතාවක් කුරුමිණියන් වෙනුවට මකුළුවන් මාරු කළ විට දී ඇති පාද සංඛ්‍යාව ලැබෙනවා. එහෙත් එවිට කුරුමිණියන් 8 දෙනාගෙන් ඉතිරි වන්නේ පස් දෙනෙක් පමණයි. ඉතිරි ගණන මකුළුවන් වෙනවා, එවිට පෙට්ටියේ ඇත්තේ මකුළුවන් තුනක් හා කුරුමිණියන් පහක් පමණයි.

දැන් හරි වැරදි බලමු: කුරුමිණියන් පස් දෙනාට ඇති පාද ගණන 30කි. මකුළුවන් තුන් දෙනාට ඇති පාද ගණන 24කි. එකතුව 54කි.

මේ ගැටලූව තවත් විදියකින් විසඳිය හැකියි. පෙට්ටියේ ඇත්තේ 8ක් මකුළුවන් පමණක් නම් පාද ගණන 64ක් වෙයි. එය දී ඇති පාද ගණනට වඩා 10කින් වැඩියි. එක් මකුළුවකු වෙනුවට කුරුමිණියකු මාරු කළොත් පාද ගණන දෙකකින් අඩු කළ හැකියි. ඒ අනුව පස් වතාවක් මෙසේ කිරීමෙන් පෙට්ටියේ ඇති පාද 54 දක්වා ගේන්නට පුළුවන්. එවිට පෙට්ටියේ ඇති මකුළුවන් ගණන තුනක් හා කුරුමිණියන්ගේ ගණන පහක් ද වෙයි.

මෙය විසඳීම සඳහා තවත් කෙටි ක‍්‍රම තිබිය හැකියි. ඔබ දන්නවා නම් අනෙක් අයටත් දැන ගන්න Comments ඔස්සේ ලියා එවන්න.

Post a Comment

2 Comments

  1. makuluvan x kuruminiyan y nam,

    x+y=8

    makluvan mulu pada=8x
    kuruminiyan mulu pada=6y

    8x+6y=54

    samagami samikarana lesa visadeemen,palaveni sameekaranaya aten vadikara eyin deveni sameekaranaya adukara gath vita

    2y=10
    y=5
    x=3

    ReplyDelete