HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ආදී ගල් යුගයේ මානවයන් භාවිතා කළ ලොව පැරණිම බට නළාව

ගල් යුගයේ මානවයෝ සතුන් දඩයම් කරගෙන සතුන්ගේ අස්ථි සූප්පු කරමින් අමු අමුවේ මස් ගිලදැම්මා විතරක් නොවෙයි ඔවුන් බටනලාවලින් සංගීත නාද රටා මැවීමටත් සමත් වුණා කියලා කීවොත් පුදුම වේවි නේද? මේ තොරතුරු අනාවරණය වුණේ අවුරුදු 35,000 ක් පැරණි බටනළාවක් හමුවීමත් සමඟයි. දැනට සොයා ගෙන ඇති ලොව පැරණිතම සංගීත භාණ්ඩය ලෙස සැළකෙන්නේ මෙයයි.



මේ ඉපැරණි බට නළාව හමුවී තිබෙන්නේ දකුණුදිග ජර්මනියේ ආච් නිම්නයෙනි. හොඳින් සුරැකි සිදුරු පහකින් සමන්විත වූ මෙම නළාව ඉතාමත් අපූර්ව ආකාරයෙන් සූක්ෂමව ගල් ආයුද උපයෝගී කරගනිමින් නිර්මාණය කළ එකක්. හැබැයි මෙය උණ බයටකින් නිර්මාණය කළ නළාවක් නම් නොවේ. මේ නළාව යෝධ ගිජුලිහිණියකුගේ පියාපතක අස්ථියකින් නිර්මාණය කළ එකකි. විද්‍යාඥයන් මේ සියලූ කරුණු කාරණා ලෝකයට ඉදිරිපත් කළේ බි‍්‍රතාන්‍යයේ ‘නේචර්’ සඟරාව හරහාය.

මෙම නළාව තිබූ ස්ථානයේ කළ කැණීම්වලදී එතරම්ම පැරණි නොවූවත් තවත් ඇත් දළවලින් නිමවූ නළා තුනක කැබලි පුරා විද්‍යාඥයන් විසින් ගොඩ ගෙන තිබේ. මේ අනුව ඩැනියුබ් ගංගාවට ඉහළින් පිහිටි නිම්නවලට පසු කලෙක සංක‍්‍රමණය වූ මෙම ආදී මානවයන් සංගීත සංස්කෘතියකින් පෝෂණය වූ බවක් පෙනී යයි.


මෙම පැරණිම නළා ඇට කැබැලි හමු වූ ස්ථානයට නුදුරින් චිත්තාකර්ෂණීය කාන්තා රූපයක් රැගත් පැරණි ගල් ලෙනක් හමු වී තිබේ. එය ගල් යුගයේ සිත්තරකුගේ කලාගාරයක් ලෙස දැන් හඳුන්වා ඇත. එහි දී කරන ලද කැණීම්වල දී මතු වී ඇති සුන්බුන් අතර මේ උපකරණ තැනීමට භාවිත කළ ශිලා මෙවලම් රැසක් ද හමු වී තිබේ. ඒ සමග ම මැමතයකුගේ හැඩගැස්වූ දළ හා අශ්වයකුගේ, පිණිමුවකුගේ, වලසකුගේ ඇට කැබලි ද පිළිස්සුණු ඇටයක් ද දැක ගත හැකි වී තිබේ. මේ සමග හමු වී ඇති චිත‍්‍ර ඇඳීමට ගන්නා අමුද්‍රව්‍ය වූ ඛනිජ, අඟුරු, රුධිරය හා සත්ව මේදය නිසා පිළිස්සුණු ඇට කැබලි ද චිත‍්‍ර ඇඳීමට ගත් අමුද්‍රව්‍යයක් තනා ගැනීමට යොදා ගත් දෙයක් බව දැන් හෙළිකර ගෙන තිබේ.

Post a Comment

3 Comments

  1. හප්පා හිතා ගන්නත් බෑ..මං පොඩිකාලේ තාත්තා මට ඇණයක් රත් කරලා බටයක් හිල් කරලා බට නලාවක් හදලා දුන්නා...

    ReplyDelete
  2. අපූරු විස්තරයක්.. බටනලාව සුසර කරන්නත් ඔවුන්ට හොද දැනුමක් තියෙන්න ඇති..

    ReplyDelete
  3. iparanima sangeetha bhandaya gana visthara dana gaththa. Sthuthiy!

    ReplyDelete