HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

යළි ඉපදුන බෝනියෝවේ ඞ්රැකියුලා වඳුරා!

ලෝකයෙන් සදහටම වඳ වී ගියා යැයි වසර හතක් තිස්සේ සලකනු ලැබූ වඳුරකු ඉන්දුනීසියාවෙන් විද්‍යාඥයන් කණ්ඩායමකට හැකිවී තියෙනවා. කැනඩාවෙන්, ඇමරිකාවෙන් ගිය සත්ව හා පරිසර විද්‍යාඥයන් පිරිසක් මේ අපූරු සොයා ගැනීම කර ඇත්තේ ඉන්දුනීසියානු විද්‍යාඥයන් හා පරිසර වේදින්ගේ සහය ඇතිවයි.

මෙසේ සොයා ගෙන ඇත්තේ ඉන්දුනිසියාවේ බෝනියෝ දූපතේ වැසි වනාන්තරවලදී මෙතෙක් කලක් වඳ වී ගියේ යැයි සැලකනු ලැබූ ඞ්රැකියුලා වඳුරා නම් දුර්ලභ සත්වයායි. මේ සොයා ගැනීම කර ඇත්තේ ඔවුන් එරට වැසි වනාන්තරවල ගවේශනයේ යෙදෙද්දීයි.

(බෝනියාවෙන් සොයා ගත් අති දුලබ ඞ්රැකියුලා වඳුරා)


ලෝකයේ ආදීම වානරයන් හෙවත් පි‍්‍රමාටේසයන් අතර ඉතා දුර්ලභ සත්ව විශේෂයක් ලෙස සැලකෙන මේ සත්ව විශේෂය ගැන අප දන්නා තොරතුරු ඉතාමත් අල්පයි. මිල්ර්ගේ සුදුකෙහෙමුසු ලැන්ගූර් Miller's Grizzled Langur, නම් වානර විශේෂයයි. 2004 දී මේ සතුන් මුළුමනින්ම වඳ වී ගියේ යැයි සලකනු ලැබුවා. මේ සත්ව විශේෂයෙහි  කළු හිසක් හා ඞ්රැකියුලාගේ ලෝගුවේ කොලරයේ හැඩය ඇති සුදු ලෝම පොකුරක් ඇති නිසයි, ඌට ‘ඞ්රැකියුලා වඳුරා’ කියලා කියන්නේ. සත්ව විද්‍යාත්මකව හැඳින්වෙන්නේ ප්රෙස්බයිටිස් හොසෙයි කානික‍්‍රස් Presbytis hosei carnicrus කියලයි.

මේ සතාගේ දැනට ඇති එකම පින්තූර වන්නේ අටවපු කැමරා උගුල්වලින් ගන්නා ඡායාරූප පමණයි. මේ දුර්ලභ සත්වයා සොයා ගෙන ඇත්තේ බෝනියෝ දූපතේ නැගෙනහිර කලිමන්තාන් ප‍්‍රදේශයේ වීහේ වනාන්තරයේ වාසය කරද්දීයි. මෙය නොඉඳුල් වැසිවනාන්තරයක් වන අතර මෙයට කලින් ඌ වෙසෙතැයි වාර්තා නොවුණු ප‍්‍රදේශයක්.

(ලෝකයේ පි‍්‍රමාටේසයන් අතර අති දුලබ මිලර්ගේ සුදු කෙහෙ ඇති ලැන්ගූර් වඳුරා)

කැනඩාවේ සයිමන් ෆේ‍්‍රසර් විශ්ව විද්‍යාලයේ පරිසර විද්‍යාඥ බ්‍රෙන්ට් ලෝකන් කියන්නේ මේ වගේ අදහසක්: ”අප සොයා ගත් තොරතුරු අනුව නැගෙනහිර කලිමන්තාන් ප‍්‍රදේශයේ මේ සතා ජීවත්වන බව තහවුරු වුණා. දැන් ලෝකයේ වඳ වී යාමේ තර්ජනයට ලක්වී ඇති ප‍්‍රිමාටේසයන් අතරින් මුලට ම ගැනෙන සත්වයා මේ විය හැකියි. මේ බෝනියෝ දූපතේ මෙවැනි දුලබ සතුන් ගණනාවක් ම සිටිය හැකියි. වඳවී යාමේ තර්ජනයෙන් ඔවුන් බේරා ගැනීමට සැලසුම් සකස් කිරීමට කාලයක් නැති තරම්. මේ සතුන් ඉතා ඉක්මනින් වඳවී යා හැකියි. විශේෂයෙන්ම මේ වඳුරන් ජීවත්වන ප‍්‍රදේශයේ ප‍්‍රමාණය වත් දැනට දිවිරැක ගෙන ඉන්නා සතුන් ගණනත් අප තවමත් හරිහැටි දන්නේ නෑ.”

(කැමරා උගුල් මගින් ඡායාරූපයට නඟන ලද මේ වඳුරන්ගේ අති දුලබ සේයාරූ)

මිල්ර්ගේ සුදුකෙහෙමුසු ලැන්ගූර් අයත් වන්නේ කුඩා පි‍්‍රමාටේසයන් අයත් වන ප්‍රෙස්බියිටිස් ගණයටයි. මේ ගණයට අයත් වෙනත් සත්ව විශේෂ කීපයක් ම අපට බෝනියෝ, සුමාත‍්‍රා, ජාවා සහ තායි-මැලේසියානු අර්ධද්වීපයෙන් හමුවෙනවා. මේ සතුන්ගේ ජීවන පරිසරය ගිනි ගැනීමෙන්, මිනිස් වාස ඇති වීමෙන්, කෘෂිකාර්මික හා කැණීම් කටයුතුවලට යොදා ගැනීමෙන් විනාශ වීම නිසයි, මෙතෙක් ඔවුන් ජීවත්වූ පරිසරවලින් වඳ වී ගියේ. 2004 සිට මේ දක්වා ඒ හැම ප‍්‍රදේශයකම සෙවීම් කළත් මේ සතා වඳ වී ඇතැයි නිගමනය කිරීමට සත්ව විද්‍යාඥන්ට සිදු වුණා. ඒත් දැන් කලින් හඳුනා නොගෙන සිටි ප‍්‍රදේශයකින් මෙසේ මේ සතා යළි හමුවීම වාසනාවක්.

”මෙතෙක් අප භාවිත කළේ මේ සතාගේ කෞතුකාගාරයෙන් ලබා ගත් නිදර්ශනයි. දැන් අපට වීහේවලින් අලූත් ම ඡායාරූප ලැබී තිබෙනවා. ඊළඟට තියෙන්නේ මේ ප‍්‍රදේශයේ ඔවුන් කොපමණ දෙනෙක් ජීවත්වෙනවාද කියන එක ගණන් බැලීමයි. ඒක ලෙහෙසි පහසු කටයුත්තක් නෙවෙයි.” ලෝකන් වැඩිදුරටත් කියනවා.

මේ ඞ්රැකියුලා වඳුරාගේ යළි උත්පත්තියට බටහිර විද්‍යාඥයන් විතරක් නොවෙයි, ඉන්දුනීසියානු විද්‍යාඥයන්, පරිසරවේදීන් රැසකගේ ම දායකත්වය ලැබුණා. මේ සමග පළවෙන්නේ ඔවුන් විසින් උපක‍්‍රම යොදා අරගත් අලූත්ම පින්තූරයි. මේ පිළිබඳ සවිස්තර වාර්තාවක් ‘ඇමරිකන් ජර්නල් ඔෆ් ප‍්‍රයිමටොලොජි’ සඟරාවේ පළ වී තිබෙනවා.

Post a Comment

6 Comments

  1. අදමයි මේ ගැන දැනගත්තේ....

    ReplyDelete
  2. නොදත් දේ ගෑන වෙනවදා වගේම අපිව දෑනුවත් කල ඔබට බොහොම ස්තුතී...

    ReplyDelete
  3. මේ වගේ දේවල් අපෙ ලංකාවෙත් කොච්චර ඇද්ද? ගොඩක් එවුන්ට අගයක් නැහැනේ!

    ReplyDelete
  4. Makulu wandura lankawe zoo eketh innawa. Me photo wala inne eyama thamai.

    ReplyDelete
  5. Yali ipaduna kivvama mata punaruthpaththi katha mathak vuna. davasaka e vage kathavak liyanna.

    ReplyDelete
  6. To em from Percy
    එක වගේ වඳුරු විශේෂ ගොඩක් ඉන්නවා. ඔවුන් හඳුනා ගන්නේ මුහුණේ හැඩතලවලින්, ලෝමවල පිහිටීම්වලින්, ඇටසැකිලිවල ස්වරූපයෙන්, චර්යා රටාවලින්, කන බොන දේවලින්, එකිනෙකාට තියෙන සමානකම්වලින්. ඒ ගැන ලිපියක් වෙනම පළ කරන්නම්. විකිපීඩියාවට ගිහින් බලන්න මකුළු වඳුරා ගැන විස්තරයක් වෙනම පළ වෙනවා. බෙල්ල පපු පෙදෙසේ ලෝම සුදු වුණාට බැලු බැල්මට එක වගෙයි. මකුළු වඳුරා වැටෙන්නෙ ඇටිලිස් ගණයට. අප පළ කළ දුර්ලභ වඳුරා ගැන විස්තරයක් තවම නැහැ. වෙනසකට තියෙන්නේ සුදු පාට කබා කොලරයක් වගේ ලෝම පිහිටීම විතරයි. සත්ව විද්‍යාත්මක විස්තර ලැබුණු විගස පළකරන්න බලාපොරොත්තු වෙනවා

    ReplyDelete