HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

තායිවාන රජය සමනලූන්ට පාර පනින්න ඉඩ දෙයි - අධිවේගී මාර්ග අනතුරු වලට පිලියමක්

තායිවානයෙන් යුන්ලින් ප‍්‍රාන්තයෙන් හරිම අපූරු පුවතක් වාර්තා වුණා. වාර්ෂිකව පර්යටනයේ යෙදෙන තායිවාන සමනල විශේෂයකට අනතුරක් නොවී පාර මාරුවෙන්න ඉඩකඩ සලසා දීමයි ඒ. සමනලූන් පාර හරහා යන ස්ථානවල පාර දෙපස උස දැල් යොදා ආවරණය කළ අතර අධිවේගී මාර්ග කීපයක වාහන සඳහා වේග සීමා ද පනවනු ලැබුවා.

සීතල මාර්තු මාසයේ මැද සිට මාසයක් පුරා දස දහස් ගණනින් ‘මිල්ක්වීඞ් සමනලූන්’ මධ්‍යම තායිවානයේ ප‍්‍රධාන පෙළේ අධිවේගී මාර්ග කීපයක් හරහා උතුරු දෙසට පර්යටනයේ යෙදෙන්නේ උණුසුම සොයමිනුයි. මේ දීර්ඝ පර්යටන සංචාරයේ අරමුණ පැටවුන් බිහි කිරීමයි.



‘කාලගුණය වෙනස් වීමත් සමග එක පරිසරයක හෝ ප‍්‍රදේශයකට සිට සතුන් විශාල සංඛ්‍යාවක් අනෙක් පරිසරයකට හෝ ප‍්‍රදේශයකට සංක‍්‍රමණය වීම’ පර්යටනයට කියා හැඳින්වෙනවා.

‘මිල්ක්වීඞ් සමනලූන්’ දකින්න ලැබෙන්නේ චීනය අසළ පිහිටා ඇති  දුපත්වලයි. දුඹුරු පැහැති පියාපත්වලින් සමන්විත මේ සමනලූන්ට සුදු ලප දකින්න ලැබෙනවා.

‘තායිවාන ජාතික මාර්ග කාර්යංශය’ මේ සමනලූන්ට පාර පනින්න ආරක්ෂාව සැලසීම ඇරඹුණේ 2007 වසරේදීයි. 2007 වසරට කලින් අධිවේගයෙන් පාරේ ගමන් කරන වාහනවල හැපීමෙන් සහ ඒ වාහන ගමන් කරන වේගය නිසා ඇති වන සුළඟට හසුවීමෙන් සමනලූන් දහස් ගණනකගේ ජීවිත අහිමි වුණා. ඒ නිසයි සමනලූන් ආරක්ෂා කරන්නට මෙවැනි ආරක්ෂිත පියවර අනුගමනය කරන්න තායිවාන බලධාරීන් උනන්දු වී තියෙන්නේ.

”සමනළයන් 10,000 ක් නිර්භීතව අධිවේගී මාර්ග හරහා යන්නේ දිවි පරදුවට තියලයි. සමනලූන් පාර හරහා යන ස්ථාන අපි හඳුනාගෙන තියෙනවා. සමනලූන් රෑනක් හැමවිටම ගමන් ගන්නේ එක ම තැනින්. ඒ නිසා අපි ඒ ස්ථානවල මාර්ගයේ අඩි 13 ක් උස දැල් දමා තියෙනවා. ඒ නිසා සමනලූන් වාහන ගමන් ගන්නා සීමාවට ඉහළින් පියාසර කරන්න පෙලඹෙනවා. උන්ට අනතුරක් වෙන්නේ නැහැ. ජීවිතය පරදුවට තියලා සෑම වසරකට ම වරක් සමනලූන් සිදුකරන මේ පර්යටන කි‍්‍රයාවලිය හරිම විස්මයජනකයි. සමනලූන් ගමන් කරන ස්ථානවලදී සෙමින් වාහන ගමන් කරන ලෙස අපි වේග සීමා පනවා තිබෙනවා.” තායිවාන ජාතික මාර්ග කාර්යංශය ප‍්‍රකාශ කරනවා.

2007 වසරේ සිට සමනලූන් ආරක්ෂා කිරීමේ මෙම වැඩපිළිවෙළ සඳහා තායිවාන රජය වැය කරන මුදල ඇමෙරිකානු ඩොලර් 83,000 කි. මේ අතර දීර්ඝ කාලීන පියවරක් ලෙස මාර්ගය දෙපස රුක් රෝපණ ව්‍යාපෘතියක් ද ආරම්භ කර තියෙනවා.

දැන් අධිවේගී මාර්ග සහිත ශ්‍රී ලංකාවටත් මේක හොද අදර්ශයක් නොවේද?

Post a Comment

3 Comments

  1. ලංකාවේ අධිවේගී මාර්ගයේ බල්ලන්ට පාර පනින්න මං තීරු ටිකක් පාර හරහා දැම්මොත් කොහොමද? ලාල් කාන්ත මහත්තයට මේක යෝජනා කරන්න පුළුවනි!

    ReplyDelete
  2. Adhivegi marga api patangaththa vitharay. Ithin kalak thibuna ratavalin apita boho de ugatha hakiy.samanal kathava rasavath.Thanks Malkakulu!

    ReplyDelete
  3. Lalkantha mahattaya mokatada Raigamatama puluwanne?

    ReplyDelete