HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

දැනට ලෝකයේ හමු වී ඇති කිසිම සතෙකුට සමාන නැති - හර්ඩියා වික්ටෝරියා

ඇමෙරිකාවේ වොෂිංන්ටන්හී පිහිටි ස්මිත්සෝනියන් කෞතුකාගාරයේ රැස් කර ඇති සත්ත්ව පොසිල හා ඇට කැබලි අතරින් අමුතු සතෙක් මතුවෙලා. වසර 100ක් තිස්සේ එහි පොසිල අතර සැඟවී සිටි මේ අපූරු සත්ත්වයා වටකුරු හණුවක් හා හිසෙහි පිහිටි අඬු දෙකක් ඇති විලෝපිකයෙක්.



මේ සතාගේ කොටස් ගොඩ ගනු ලැබුවේ 1912 වසරේ කැනඩාවේ ‘බර්ජස් ෂේල්’ නමින් කැණීම් ප‍්‍රදේශයෙන්. එකල ඒ ඇට කැබලි හොඳින් පරීක්ෂා කළ විද්‍යාඥයන් තීරණය කළේ ඒවා වසර මිලියන 505 පැරණි කවචයකුට සමාන සතකුට අයත් ඒවා ලෙසයි. 1960 දශකයේ දී මේ ඇට කැබලි විලෝපික ආත‍්‍රපෝඩාවකුට අයත් යැයි තීරණය කෙරුණා. ඒ සතා ‘ඇනොමලෝකේරිස්’ යනුවෙන් නම් කරනු ලැබුවා. 1990 දශකයේදීත් මේ හා සමාන වූ තව තවත් පොසිල සාක්ෂි හා අස්ථි හමුවුණා. කලින් මෙම අස්ථි හා පොසිල ලොඩියන් හෙවත් ජෙලිෆිෂ්, මුහුදු කැකිරි හෝ වෙනත් ආත‍්‍රපෝඩාවකුට අයත් කීවත් දැන් ඒවා පරීක්ෂා කර බලන විද්‍යාඥයන් කියන්නේ මේ සතා සම්පූර්ණයෙන් ම වෙනත් එකකු බවයි.


දැන් මේ අමුතු සතා ‘හර්ඩියා වික්ටෝරියා’ කියා නම් කර තියෙනවා. බෙදුණු සිරුරක් ඇති මේ සත්ත්වයාගේ උඩු කබල හිසේ සිට පහළට දිගට විහිදෙනවා. ‘‘මෙය දැනට ජීවත්වන හෝ පොසිල වශයෙන් හමු වී ඇති කිසිම සතකුට සමාන නැහැ. හුඟක් සතුන්ට මෙවැනි කටුවක් පිහිටන්නේ සිරුරේ මෘදු කොටස් ආරක්ෂා කර දෙන්නයි. ඒත් මේ සතාගේ එහෙම නෙවෙයි. සිරුරේ මෘදු කොටස්වලට පිටින් තමයි මේ කටුව විහිදී තියෙන්නේ’’ මේ පිළිබඳ තොරතුරු හෙළි කර ගන්නට වෙහෙස වුණු ස්වීඩනයේ උප්සාලා විශ්ව විද්‍යාලයේ පර්යේෂිකාවක වූ ඇලිසන් ඬේලි කියනවා.

ඇය ස්වීඩනයේ උප්සාලා විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධියක් සඳහා වසර තුනක් තිස්සේ පර්යේෂණවල නියැළී සිටියා. ඇයට මේ සඳහා රටවල් ගණනාවක ම විද්‍යාඥයන්ගේ සහය ලැබුණා. ඒ විද්‍යාඥ කණ්ඩායමට කැනඩාවේ, බි‍්‍රතාන්‍යයේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ පර්යේෂකයන් පිරිසක් අයත් වුණා.

Post a Comment

2 Comments

  1. Kisima kenekuta samana nethi nam meya vishesha sathek.

    ReplyDelete
  2. වෙනදා වගේම කුතුහලය ඇතිකරන විස්තරයක්.....

    ReplyDelete