HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

දෙකේ කොළේ හිටිය හිකනලා දැන් අංක එකට ගිහිල්ලා!

ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තවමත් සංසරණයේ ඇති රුපියල් දෙකේ මුදල් නෝට්ටුවේ අප රටට පමණක් ආවේණික වූ අංක එකේ සත්ව නාමාවලියට ඇතුළත් කිරීමට අවස්ථාව සැලසී තිබෙනවා. අලූතින් නිකුත් කළ මුදල් නෝට්ටු අතර රුපියල් දෙකේ නෝට්ටුවක් නිකුත් කර නැති අතර ඒ සඳහා නිකුත් කර ඇත්තේ දෙකේ කාසියක් විතරයි. එහෙත් පැරණි නෝට්ටුව තවමත් වලංගුයි. මේ නව තත්වය යටතේ එම නෝට්ටුවට නෝට්ටු හා කාසි එක්රැස් කරන්නන් අතර වැඩි ඉල්ලූමක් ඇති විය හැකියි. 1979 දී සත්ව හා වෘක්ෂලතා ආදිය ඇතුළත් කොට නිකුත් කළ මුද්දර කාණ්ඩයට අයත් වූ මෙම නෝට්ටුව අලූතින් මුද්‍රණය නෙකෙරුණු අතර ඒ වෙනුවට 1984 දී ලෝහ කාසියක් නිකුත් කරනු ලැබුවා.



මෙම නෝට්ටුව නිකුත් කළ සමයේ දී එම හිකනල් විශේෂය ඉන්දියාවේ ද ඇති බවට ඉන්දීය පරිසරවේදීන්ගෙන් මතයක් පළ වූයෙන් සත්ව විද්‍යාත්මකව ඬේසියා හෙලියානුස් Dasia haliianus නමින් හැඳින්වෙන මේ හිකනලාගේ ආවේණිකත්වය පිළිබඳ ප‍්‍රශ්නයක් පැන නැඟුණා. පසුගිය වසරේ දී මෙරටෙහි දී මෙන් ම ඉන්දියාවේ දී කළ විද්‍යාත්මක පර්යේෂණයකදී මේ පිළිබඳව නිරාකරණය කර ගැනීමට හැකි වී තියෙනවා. ශී‍්‍ර ලංකා පරිසර විද්‍යාඥයන් තිදෙනකු විසින් කරන ලද මෙම පර්යේෂණයේ දී හෙළිවී ඇත්තේ මෙතෙක් එකකැයි සිතා සිටි ඉන්දියානු හිකනල් විශේෂය සත්ව විද්‍යාත්මකව ඬේසියා සබ්කේරුලියම් Dasia subcaerulenum නමින් හැඳින්වෙන වෙනත් හිකනල් විශේෂයක් බවයි. මේ පර්යේෂණය සිදු කර ඇත්තේ අපේ පරිසර විද්‍යාඥයන් වන මෙන්ඩිස් වික‍්‍රමසිංහ, නෙතු වික‍්‍රමසිංහ හා ලලිත් කාරියවසම් යන තිදෙනායි.

(මේ ලිපියේ මූලික කරුණු අපට හමු වූයේ අලූත් ම ජාතික පුවත්පත වූ ‘අද’ ජනවාරි 12 වැනිදා නිකුත් වූ පත‍්‍රයෙනි.)

Post a Comment

1 Comments

  1. hikanalatath prasidyiak labena ratak SriLankava!

    ReplyDelete