HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ඩයිනසෝරයන්ට නෑකම් කියන ‘පැරැණි සොහොයුරිය’

මීට අවුරුදු මිලියන 240 කට කලින් ඈත අතීතයේ ජීවත් වූ ඩයිනසෝරයන්ට හා සමාන අපූරු සත්ත්වයෙකු සොයා ගන්න විද්‍යාඥයන් සමත් වුණා. ටැන්සානියාවෙන් සොයා ගැනුණු මිනිසෙකුගේ ඉණ තෙක් උස මේ ඩයිනසෝර සත්ත්වයා නම් කර තියෙන්නේ ඇසිලිසෝරස් කොංග්වේ (Asilisaurus Kongwe) යනුවෙනුයි. මේ සත්ත්වයා ඇසිලිසෝරස් කොංග්වේ යනුවෙන් නම් කිරීමට හේතු තිබෙනවා. ‘ඇසිලි’ යනු අපි‍්‍රකානු ස්වාහිලි බසින් ‘සොයා ගත්තා’ යන්නයි. ‘සෝරස්’ යනු ගී‍්‍රක බසින් ‘උරගයා’ යන්නයි. කොංග්වේ යන වදනත් ස්වාහිලි වදනක්. එහි අර්ථය ‘ඉපැරණි’ යන්නයි.



විද්‍යාඥයන් කියන්නේ මේ අපූරු සත්ත්වයා ඩයිනසෝරයන්ගේ ආදීමයෙක් කියලයි. එහෙනම් ඩයිනසෝරයන් මුලින්ම ලොව පහළ වී ඇත්තේ මීට අවුරුදු මිලියන 240 කට කලින් කියල ඔප්පු වෙනවා. ඩයිනසෝරයන් මිහිමත රජකළා කියලා කියන්නේ අවුරුදු මිලියන 165 කට කලිනුයි. එහෙමනම් ඇසිලිසෝරස් කොංග්වේ ජීවත් වූ කාලයේදීත් පෘථිවි මතුපිට ශාක හා සතුන්ගෙන් පිරිලයි තිබී ඇත්තේ.

ඇමෙරිකාවේ ඔස්ටින්හි ටෙක්සාස් සරසවියේ පර්යේෂක ස්ටර්ලිං නෙස්බිට් ඇසිලිසෝරස් කොංග්වේ හඳුන්වා දෙන්නේ සිලෙසෝරස් සත්ත්වයෙක් කියලයි. ඒ ඌ ඩයිනසෝරයන්ගේ ආදීතම සොහොයුරියක් යන අරුතිනුයි. ”ති‍්‍රයාසීක අවධියේ මිහිමත ජීවත් වූ සතුන් ලෙස සැලකෙන්නේ ටෙරාසෝරස් සත්ත්වයන් හා කිඹුල් විශේෂයි. දැන් සිලෙසෝරස් සත්ත්වයන් ද සිටි බව මේ අලූත් සාක්ෂිවලින් ඔප්පු වෙනවා” නෙස්බිට් කියයි.

ඇසිලිසෝරස් කොංග්වේගේ හා ඩයිනසෝරයන්ගේ සම්බන්ධය අපේ හා චිම්පන්සියන්ගේ ඇති සම්බන්ධය හා සමානයි කියලා නෙස්බිට් පෙන්වා දෙන්නේ. සිලෝසෝරස් ඩයිනසෝරයන් ජීවත් වූ බව පැවැසෙන්නේ වසර මිලියන 205 ත් 200 ත් අතර කාලයේදී යි.


දකුණු ටැන්සානියාවෙන් පොසිලකරණයට ලක්වූ සිලෝසෝරස් අස්ථි 14 ක් හමුවී ඇති අතර ඒවා උදව් කරගෙන පූර්ණ ඇට සැකිල්ලක් නිර්මාණය කර ගන්න විද්‍යාඥයන් සමත් වෙලා තියෙනවා. ඔවුන්ට හමු නොවුණේ හිසෙන් හා වල්ගයෙන් කොටස් කීපයක් විතරයි. හොඳින් වැඩුණු සිලෝසෝරස් සත්ත්වයෙක් දෙපයින් සිට ගත් විට අඩි 1.5 ක් හෝ 2 ක් උසය. උන් පාද හතරින්ම ගමන් කර ඇති බවත් බර කිලෝ ග‍්‍රෑම් 10 ත් 30 ක් අතර බවත් විද්‍යාඥයන් කියනවා. කුරුල්ලෙකුගේ හොටක් වැනි මුහුණේ උල් දත් පිහිටීමෙන් විද්‍යාඥයන් කියන්නේ මේ සතා සර්ව භක්ෂකයෙක් වෙන්න ඇති කියලයි.

මුලදී මාංශ භක්ෂකයන් ලෙස දිවි ගෙවූ මොවුන් ජීවත් වීම සඳහා පසුකාලීනව ශාක හා මස් අනුභව කරමින් සර්ව භක්ෂකයන් වන්නට ඇතැයි විද්‍යාඥයන් අනුමාන කරනවා. සිලෝසෝරස් පවුලට අයත් පළමු සත්ත්වයා සොයා ගැනුණේ 2003 දීයි. ”ති‍්‍රයාසික අවධියේ ජීවත් වූ අලූත් සත්ව විශේෂයක තොරතුරු තමයි, අපට මේ හමුවෙන්නේ. මොවුන් මීට කලින් හමුවෙලා තිබුනේ නැහැ.” නෙස්බිට් කියනවා.

Post a Comment

1 Comments

  1. Iparani Dinosaurs gana aluthma thorathuru malkakulu thulin danagaththa. Thanx.

    ReplyDelete