HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

කාලගුණ වෙනස්විම් සොයන්න ලෝකය වටේ යන පුංචි රුවල් නැව

පෘථිවියේ කාලගුණ විපර්යාස ගැන අධ්‍යයනය කරමින් ලෝකයේ සාගරවල ඉහළ යන කාබන්ඩයොක්සයිඩ  වායු ප‍්‍රතිශතයන් ගැන විමසීමක් කරමින් පුංචි රුවල් නැවක් මේ දිනවල ලෝකය වටේ සංචාරයේ යෙදෙනවා. මේ නැව තමයි ‘ටෙරා’ (Tara). ටෙරා කියලා කියන්නේ ‘මිහිකත’ යන අරුතයි. ටෙරා රුවල් නැවේ මේ අපූරු සාගර ගවේෂණ චාරිකාව නම් කරලා තියෙන්නේ ‘ටෙරා ඕෂන්ස්’ කියලයි.



‘ටෙරා’ රුවල් නැව සිය ගවේෂණ චාරිකාව ආරම්භ කළේ 2009 සැප්තැම්බර් ප‍්‍රංශයේ ලොරියෙන්ට් වරායෙනුයි. මේ ගවේෂණ චාරිකාවට මූලිකත්වය දෙන්නේ ප‍්‍රංශයයි. ‘ටෙරා’ අවුරුදු තුනක කාලයක් පුරා ගමන් කිරීමට නියමිතයි. ඒ අතරවාරයේ ස්ථාන 60 ක නැවැතී පර්යේෂණ සිදු කරනු ඇත. එය අවුරුදු තුනක් තිස්සේ යාත‍්‍රා කරමින් ලෝකයේ සාඟර සියල්ල ගවේෂණයට ලක් කිරීමට බලාපොරොත්තු වෙනවා. ගවේෂණ චාරිකාවට මූලිකත්වය දෙන්නේ ප‍්‍රංශය වුණාට ලොව රටවල් කීපයකින් තෝරා ගත් විද්‍යාඥයන් පස්දෙනකුගෙන් ටෙරා ඕෂන්ස් ගවේෂණ කණ්ඩායම සමන්විතයි. මීට අමතරව නැවේ ගමන් කටයුතු සඳහා සේලරුවන් හතර දෙනෙක් සහ මාධ්‍ය කණ්ඩායමක් ද ගවේෂණ කණ්ඩායමට ඇතුළත් වෙනවා.


ජීවයේ පැවැත්මට සාගර කොතරම් වැදගත්දැයි අප හොඳින් දන්නවා. නමුත් සාගර පරිසර පද්ධති ගැන අපි කරුණු කාරණා හැමදෙයක්ම දන්නේ නැහැ. පෘථිවි සාගර ගැන හොඳින් දැනුවත් වුනොත් ඒවා සුරැකීමට හැකිවනු ඇති බව ටෙරා ඕෂන්ස් ගවේෂණ කණ්ඩායම පෙන්වා දෙනවා. අප ආශ්වාස කරන ඔක්සිජන් ප‍්‍රමාණයෙන් හරි අඩක් පමණ නිෂ්පාදනය කරන්නේ සාගරවලිනුයි. ලොව පුරා සාගරවල විසිරී ඇති දැවැන්ත මුහුදු ශාක හෙවත් ප්ලවාංග සමග වෙනත් ක්ෂුද්‍රජීවීන් තමයි, ප‍්‍රභාසංශ්ලේෂණ කි‍්‍රයාවලිය මගින් ඔක්සිජන් නිපදවන යෝධ පොම්පයක් ලෙස කි‍්‍රයා කරන්නෙ. වායුගෝලයේ කාබන්ඩයොක්සයිඞ් ප‍්‍රමාණය වැඩි වීම නිසා ප‍්‍රධාන වශයෙන් හානියට පත් වන්නේ මේ සාගර ජීවී පද්ධතියයි. ඒ නිසා අපේ අනාගතය රැඳී ඇත්තේ සාගර සුරැකුම මතයි.


කෙසේ වෙතත්, මේ සංකීර්ණ පරසර පද්ධතිය තවමත් අපේ සාගර විද්‍යාව මගින් නිසි ලෙස ගවේෂණය කර නැහැ. විස්මිත ජෛව විවිධත්වයක් මේ පරිසර පද්ධති තුළ තියෙනවා. එය තවමත් මිනිසා විසින් හරිහැටි හඳුනා ගෙන නැහැ. අද මේ ජෛව විවිධත්වයට තර්ජන එල්ල වී තියෙනවා, ප‍්‍රධාන දේශගුණික වෙනස්වීම්, ගෝලීය උණුසුම් වීම් හා පරිසර දූෂණය වැනි කි‍්‍රයා නිසා. දැනට උද්ගතව ඇති තත්ත්වය නිසා මෙවැනි ගවේෂණ චාරිකාවක් සුවිශේෂ වැදගත්කමක් උසුලනවා. අපේ පෘථිවියේ අතීතය හා වර්තමානය ගැන හදාරන්නත් ඒ තුළින් අනාගතය ආරක්ෂා කර ගන්නත් අපට මඟක් පෑදේවි. ඒ අතින් මේ ගවේෂණය චාර්ල්ස් ඩාවින්ගේ බීගල් නැවෙන් කළ ඒ ඓතිහාසික චාරිකාව තරම්ම වැදගත්.

Post a Comment

4 Comments

  1. වැදගත් ‍තොරතුරක්. අන්තිම පොටෝ එක සිත් ගන්නා එකක්

    ReplyDelete
  2. Ruval neva punchi vunata lokaya surakinna baaragath karyaya nam hari vishaala vatinaakamak thiyanava.

    ReplyDelete
  3. රුවල් නැව හුලං නැති උනාම නවතින්නෙ නැද්ද දන්නෙ නෑනේ..

    ReplyDelete
  4. වැදගත් තොරතුරක්.. ස්තූතී :)

    ReplyDelete