අනාගත සජීවී වර්ණ සංඥා පුවරු තැනීමට බැක්ටීරියා යොදා ගත හැකිද? විස්මිත සොයා ගැනීමක්

සජීවී වර්ණ සංඥා පුවරු සඳහා 13000ක ජීව පික්සල සඳහා බැක්ටීරියා මිලියන 60ක් - ආලෝකය සෑදෙන්නේ සෛලබද්ධප්‍රෝටීන විශේෂයකින් - විශාල බැක්ටීරියා ගහනයක් එක විට දීප්තිමත් වෙනවා - එපමණක් නොවෙයි මේ ක‍්‍රමය වායුගෝලයේ ඇති විෂ ද්‍රව්‍ය හඳුනා ගන්නත් යොදා ගත හැකියි.

 
(බැක්ටීරියා මගින් වර්ණ සංඥා පුවරු දීප්තිමත් කෙරෙන ආකාර)


ඇමරිකාවේ සැන් දියෝගෝහී කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් බැක්ටීරියා යොදා ගෙන ‘නියොන්’ (neon) පහන් විශේෂයක් - විද්යුත් සංඥා පුවරු සඳහා නිර්මාණය කරල තියෙනවා. මිලියන ගණනක් බැක්ටීරියාවල ජීව චක‍්‍ර එක තැනක දී එක් මොහොතක දී සමකාලික (synchronize) කර අවශ්‍ය ආකාරයෙන් දීප්තියක් මතු කර ගන්නට මේ ක‍්‍රමයෙන් පුළුවන්. මේ ආකාරයට නිවි නිවී දැල්වෙන සංඥා පුවරුවලට ආලෝකය සපයන්නේ ‘ජීව පික්සල’ 13,000ක් මගින්. ඒ සඳහා බැක්ටීරියා මිලියන 60ක් අවශ්‍ය වෙනවා.

බැක්ටීරියාවේ ජීවන චක‍්‍රය හා ප‍්‍රතිදීප්ත ප්‍රෝටීන බද්ධ කිරීමටත් බැක්ටීරියා ගහනය සමකාලිකකරණය කොට එක විට දැල්වීමට හා නිවීමට සැලැස්වීමටත් මෙහි දී ඔවුන් සමත් වුණා. ඊළඟ ඔවුන් කර ඇත්තේ එසේ ප‍්‍රතිදීප්ත සංඥා ලෙස කි‍්‍රයා කළහැකි එවැනි බැක්ටීරියා ගහණ අති විශාල ප‍්‍රමාණයක් එක විට එක රටාවකට අනුව නිවි නිවී, දල්වීමට සැලැස්වීමයි.

මේ බැක්ටීරියා ගහණවල කි‍්‍රයාකාරිත්වය එකම රටාවකට සිදු කෙරෙන්නේ පරිගණක චිප් භාවිත කර ගෙනයි. මෙම චිප් මගින් කෙරෙන පෙලඹවීම අනුව ඒ ඒ බැක්ටීරියානු ගහණයන් රසායනික වායුව නිකුත් කිරීමෙන් එකිනෙකා හා සන්නිවේදනය කර එක විට දැල්වීම නිවීම සිදු කරනවා. මෙහි ප‍්‍රතිඵලය ටිකක් මන්දගාමීයි. ඒත් මෝහනයට පත් කළ හැකි තරම් නිවි නිවී දැල්වීමක් සිදු වෙනවා.

 
(රසායනාගාරය තුළ ප‍්‍රතිදීප්ත බැක්ටීරියාවක් පරීක්ෂා කරන අවස්ථාවක්)

මෙය කෙතරම් අපූරුවට හසුරුවා ගන්නට ඒ පර්යේෂකයන් සමත්වූවාද කීවොත් ඔවුන්ගේ විශ්ව විශ්වවිද්‍යාලයේ වර්ණ සංඥා පුවරුව මේ ක‍්‍රමයෙන් ඉතා සාර්ථකව සකසකන්න ඔවුන්ට හැකි වුණා.

පර්යේෂකයන් කියන්නේ මේ දීප්ත බැක්ටීරියා මෙවැනි දැන්වීම් ප‍්‍රචාරක කටයුතුවලදී භාවිත කරන අධි තාක්ෂණික ‘නියොන්’ සංඥා පුවරුවලට යොදා ගන්නවාට වඩා වැඩි ඵලදායී කටයුත්තකටත් යොදා ගන්න පුළුවන් බවයි. මෙම දීප්ත බැක්ටීරියා විෂ හඳුනා ගැනීමේ සංවේදක ලෙස යොදා ගන්න හැකියාව තියෙනවා. අප වර්තමානයේ භාවිත කරන ඉලෙක්ට්‍රොනික සංවේදක වෙනුවට කෘති‍්‍රම ජීව විද්‍යාව මගින් නිපදවන මේ සංවේදක වඩා සාර්ථකව යොදා ගත හැකියි.

‘මෙවැනි සජීවී සංවේදකවල කි‍්‍රයාකාරිත්වය විස්මිතයි. ඒවාට හැකියාව තියෙනවා දෙනු ලබන ඕනෑම නියැදියක් ඉතා දිගු කාලයක් තිස්සේ අඛණ්ඩව ආවේක්ෂණය කර තොරතුරු ලබා දෙන්න. දැනට භාවිත කෙරෙන පරීක්ෂණ කට්ටල බොහොමයක් එක් වරක් පමණක් භාවිත කර ඉවතලන ඒවායි.’ මෙසේ කියන්නේ සැන් දියෝගෝහී කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යා හා ජෛව ඉංජිනේරු විද්‍යා අංශයේ මහාචාර්ය ජෙෆ් හේස්ටියි. ඔහු තමයි, ඒ විශ්ව විද්‍යාලයට අයත් ජීව විද්‍යා අංශයේ හා ජීවපරිපථ ආයතනයේ පර්යේෂක පිරිසේ නායකත්වය දැරුවේ.

 
(පර්යේෂකයන් විසින් සැකසූ ඔවුන්ගේ විශ්වවිද්‍යාල සංඥා පුවරුවට යොදා ගත් බැක්ටීරියා දීප්තිය පතුරුවන ආකාරය)

‘මේ බැක්ටීරියාවල ප‍්‍රතිචාර දැක්වීම විවිධාකාරයි. ඒවා විවිධ සාන්ද්‍රණවල දී ඔවුන්ගේ නිවි නිවී දැල්වෙන රටාව වෙනස් කරමින් ප‍්‍රතිචාර දක්වනවා. ඒ නිසා එක් එක් අවස්ථාවල ව්‍යධිජනක (රෝග කාරක) බැක්ටීරියා හෝ විෂ ද්‍රව්‍යවල අනතුරුදායක විය හැකි තත්වය ගැන නිරන්තරව අවේක්ෂණය කරමින් යවත්කාලීන කරමින් අප විසින් නියම කරනු ලබන ඕනෑම අවස්ථාවක අපට අවශ්‍ය තොරතුරු ලබා දෙන්න ඒවා පුළුවන්.’ යැයි මහාචාර්ය ජෙෆ් හේස්ටි තවදුරටත් කියනවා.

Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

1 Comments

  1. Thanks Malkakulu!
    Bacteria valata me tharam hapankam karanna puluvan kiyala api hithuve nehe.

    ReplyDelete