HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

සෙනසුරු චන්ද්‍රයාගේ රහස් සොයන්න ‘කේලමා’ (ඩ්‍රෝන යානයක්) සූදානම්

බැලූ බැල්මට නම් මේක ඇමෙරිකා හමුදා ඇෆ්ගනිස්තානයේ හමුදා මෙහෙයුම්වලට යොදා ගන්නා ඩ්‍රෝන ගුවන් යානයක් වගෙයි. ඩ්‍රෝන යානා කියන්නේ නියමුවන් රහිතව ස්වංකී‍්‍රයව හසුරුවන්න පුළුවන් කුඩා සැහැල්ලූ රොබෝ යානාවලටයි. ඇමෙරිකා හමුදා මෙවැනි ඩ්‍රෝන යානා කිහිපයක් ම භාවිතා කරනවා. ඇතැම් යානා යොදා ගන්නේ ඔත්තු බලන්නයි. අපේ රටේ අවුරුදු 30 කට ආසන්න කාලයක් තිස්සේ පැවැති කුරිරු යුද ගැටුම්වලදී අපේ හමුදා සේනාංක සතුරන් ගැන ඔත්තු බැලීමටත් මෙවැනිම කුඩා ඩ්‍රෝන යානයක් භාවිතා කළා. අපේ හමුදාව එය හැඳින්වූයේ ‘කේලමා’ කියලයි. දැන් මේ විධියේ ඩ්‍රෝන යානයක් සෙනසුරු ග‍්‍රහයාගේ ටයිටන් නැමැති චන්ද්‍රයාගේ රහස් සොයන්න සූදානම් වෙනවා.


ටයිටන් චන්ද්‍රයා අපේ සඳට වඩා විශාලයි. එය බුද ග‍්‍රහයාටත් වඩා විශාලයි කියලයි තාරකා විද්‍යාඥයන් කියන්නේ. අපේ සෞරග‍්‍රහ මණ්ඩලයේ රහස් සියල්ල අපට තවමත් සොයා ගැනීමට හැකියාවක් ලැබී නැහැ. ටයිටන්ගේ මතුපිට උෂ්ණත්වය සෙන්ටිගේ‍්‍රඞ් අංශක සෘණ 178 සිට 178 තෙක් විය හැකි යැයි අනුමාන කෙරෙනවා. සෙනසුරුගේ ටයිටන් චන්ද්‍රයාත් එවැනිම අබිරහසක්. මේ චන්ද්‍රයාට තිබෙනවා ඝන වලාකුළුවලින් පිරුණු වායුගෝලයක්. ඒ නිසා විද්‍යාඥයන් ටයිටන් ගැන උනන්දුයි. ඊට හේතුව එය කුමන ආකාරයේ තැනක්දැයි හරිහැටි නොදන්නා හින්දයි. ඒ නිසා තමයි ‘ඒවියේටර්’ නමින් ඩ්‍රෝන යානයක් ටයිටන් ගවේෂණයට යවන්න හදන්නේ.


ප්ලූටෝනියම් බල ප‍්‍රභවයකින් කි‍්‍රයාත්මක ‘ඒවියේටර්’ යානයේ බර කිලෝ ග‍්‍රෑම් 120 ක්. මෙහි ඇති අති ප‍්‍රබල කැමරාවලින් ටයිටන් චන්ද්‍රයාගේ ති‍්‍රමාණ ඡායාරූප ගැනීමක් සිදුකෙරෙනු ඇති. ‘ඒවියේටර්’ මෙහෙයුම වෙනුවෙන් වැය යවන මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 15 ක්. ‘ඒවියේටර්’හි ප‍්‍රධාන අරමුණ තමයි ටයිටන්ගේ භූ විෂමතා හඳුනා ගැනීම. පියැසරි මෙහෙයුම් අවසන් වුණාට පස්සේ චන්ද්‍රයාගේ මතුපිටට ගොඩ බැස එහි පස් සාම්පල ලබා ගෙන පරීක්ෂා කිරීමටත් ‘ඒවියේටර්’ යානයට පැවැරී තිබෙන කාර්යයක්. ඒත් ටයිටන්ගේ මතුපිට ස්වභාවය මොන වගේදැයි නොදන්නා නිසා එම කටයුත්ත ගැන විශ්වාසයක් තියන්න බැහැ කියලයි විද්‍යාඥයන් කියන්නේ. වාතයට වඩා බරින් වැඩි ගුවන් යානාවලට ටයිටන් චන්ද්‍රයාගේ ඝන වායු ගෝලය සුදුසුයි කියලයි විද්‍යාඥයන් විශ්වාස කරන්නේ. ඒ නිසාමයි ඔවුන් ඩ්‍රෝන යානයක් යවන්න කල්පනා කළේ. ඒ විතරක් නොවේ ‘ඒවියේටර්’ යානයට දීර්ඝ කාලයක් ගුවනේ රැඳී සිටින්න හැකියාව ලැබේවි කියලත් විද්‍යාඥයන් විශ්වාස කරනවා. එමගින් ටයිටන්ගේ වායුගෝලයේ ස්වභාවය, එහි කාලගුණික තත්ත්වයන් ගැන විමර්ශනයක් කිරීමටත් හැකියාව ලැබෙන බව පැවැසෙනවා.


‘ඒවියේටර්’ යානය ඇමෙරිකා නාසා ආයතනයේ නිර්මාණයක්. තවමත් මෙය පර්යේෂණ මට්ටමේ පවතින්නේ. ‘ඒවියේටර්’ සෙනසුරු ග‍්‍රහයාටත් ඉන්පසු ටයිටන් චන්ද්‍රයාටත් අරගෙන යන්නේ නාසා රොකට්ටුවක් මගින්. එම රොකට්ටුවේ කැප්සියුලයක් තුළ ඇසුරුම් කෙරෙන ‘ඒවියේටර්’ යානය සකී‍්‍රය වී ගවේෂණ කටයුතු ආරම්භ කෙරෙනු ඇත්තේ ටයිටන් චන්ද්‍රයා වෙත පැමිණියාට පසුවයි. ඇමෙරිකාවේ අයිඩහෝ සරසවියේ විද්‍යාඥ ජේම්ස් බාර්න්ස් සහ ඔහුගේ 30 දෙනකුගෙන් සමන්විත කණ්ඩායම තමයි, මෙම ඩ්‍රෝන යානාව නිර්මාණය කරන්නේ. යානය නිපදවන්න වැය යවන මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 15 ක් වුනත් මුළු ගවේෂණ මෙහෙයුමටම වැය වන මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 715 ක් පමණ වනු ඇතැයි ජේම්ස් බාර්න්ස් කියනවා.

Post a Comment

2 Comments

  1. @ අමිල:
    මම නම් එහෙම හිතන්නේ නෑ. සල්ලි වැඩියි තමා. මුළු රටකටම කන්න දෙන්න පුළුවන් තමා. ඒත් අපේ පෘථිවියට අනතුරක් වුනොත් බැක්අප් එකක් ලෑස්ති කරගන්න එක හොඳයිනේ...!

    අළුත් දේ ගැන නොහෙව්වා නම් මිනිසා තාම වානරයෙක්ම පමණි!!!

    ReplyDelete