
ඉම්හොටෙප් නිර්මාණය කළ බවට සැලකෙන එක් අපූරු නිර්මාණයක් ලෙස ‘පඩි පිරමීඩය’ (Step Pyramid) දැක්විය හැකිය. මේ සඳහා නිශ්චිත සාක්ෂි දැන් සොයා ගෙන ඇත. ඊජිප්තුවේ සක්රාහි ඓතිහාසික නටඹුන් අතර දැකිය හැකි මෙම පඩි පිරමීඩය මිසර පිරමීඩ අතරින් පැරණිතම පිරමීඩය ලෙස ද සැලකේ.

පුරාවිද්‍යාඥයින් පවසන ආකාරයට මෙම පිරමීඩයේ ඉදිකිරීම් කටයුතු හා නිර්මාණය ඉම්හොටෙප් අතින් සිදු වූවා නම් ලෝක ඉතිහාසයේ එවැන්නක් කළ පළමු තැනැත්තා වන්නේ ද ඉම්හොටෙප් ය.
ඉම්හොටෙප් වටා ගෙතී තියෙන කතා නිකම්ම ගෙතූ කතාන්දර නොවේ. ඒ අතුරින් ඔහු සතුව තිබූ ලෙඩ රෝග සුව කරන බලය වඩාත් වැදගත් ම දෙය ලෙස සැලකිය හැකිය. ප්‍රවාදවලට අනුව ඔහු සතුව රෝග සුව කිරීමේ මායා බලයක් තිබූ බව කියැවේ. ටොලමිගේ යුගයේ දී මොහුව හඳුන්වනු ලද්දේ වෙදකමට අධිපති මහ දෙවියන් වූ ටාගේ පුත්‍රයා ලෙසය. ඔහු මෙලොව පහළ වූ පළමු විද්‍යාඥයා වනවා පමණක් නොව, මිනිසුන් විසින් දෙවියකු බවට පත් කරන ලද පළමු විද්‍යාඥයා ද වෙයි.
ඉම්හොටෙප් මියගිය පසු ඔහුගේ සිරුර තැන්පත් කළ මිසරයේ සක්කාරා (Saqqara) වල ඇති සොහොන රෝග සුව කරන දෙවොලක් සේ සැලකීමට මිසර වැසියෝ පුරුදු වූහ. ඔහු මිය ගොස් අවුරුදු දෙදහසක් ගත වන තුරු ම ජනයා රෝග සුව කර ගැනීමට එහි ඇදී ආහ. ඔවුන් ඔහුගේ සොහොන වන්දනාමාන කරද්දී ම විස්මිත අයුරින් රෝග සුව වූ බව සඳහන් ය. මෙම සොහොනේ නටඹුන් සොයා ගැනීමට හැකිවූයේ 1965 දී ය.
පැරණි ලේඛනවලට අනුව ඉම්හොටෙප්, සෝසර් නම් පාරා අධිරාජයාගේ උපදේශකයා ලෙසත් කි‍්‍රයා කර තිබේ. පඩි පිරමීඩය ඔහු විසින් ඉදි කරන ලද්දේ එම අධිරාජයා වෙනුවෙනි. ඒ ස්මාරකය ඉදි කරන ලද්දේ එම ප්‍රදේශයේ සශී‍්‍රකත්වයට මුල් වන නයිල් නදියේ ගංවතුර පිට පිට සත් වසක් ඇති නො වීම හේතුවෙන් නොකඩවා ඇති වූ සාගත තත්වය නිමා කරන ලෙස ඉල්ලමින් දෙවියන් සතුටු කිරීම පිණිස යැයි කියැවේ. හීබෲ ප්‍රවාදවලට අනුව ඔවුන්ගේ ජෝශප්ගේ චරිතයට පණ පෙව්වේ මේ ඉම්හොටෙප් ය.
2 Comments
ඉම්හාටප් මේව කලා කියල කොහේද තියෙන්නෙ..පිරමීඩ ලේඛනවලද නැත්තං ශිලා ලේඛනවලද??
ReplyDelete@ amila : වැඩිදුර දැනගන්න Wikipedia කියවන්න
ReplyDeletehttp://en.wikipedia.org/wiki/Step_pyramid
අප උපුටා ගත්තේ Isaac Asimov's Biographical Encyclopedia of Science and Technology
Percy J
මල් කැකුළු