HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ඕස්ටේ‍්‍රලියා පොසිල විද්‍යාඥයන්ගේ අපූරු සොයා ගැනීම : බන්ජෝ, මැටිල්ඩා සහ ක්ලැන්සි

අලූත් ඩයිනසෝර විශේෂ තුනකගේ පොසිල අස්ථි සොයා ගැනීමට  ඕස්ටේ‍්‍රලියානු පොසිල විද්‍යාඥයන් පිරිසක් සමත් වූහ. දශකයේ සිදු කළ හොඳම සොයා ගැනීම ලෙස මෙය සැලකෙයි. මෙම නව ඩයිනසෝරයන් හමුවූයේ ක්වීන්ස්ලන්ඞ් පළාතේ කළ කැණීම්වල ප‍්‍රතිඵලයක් වශයෙනි. ප‍්‍රාග් ඓතිහාසික  ඕස්ටේ‍්‍රලියාවේ ජීවත් වූ ඩයිනසෝරයන් ගැන වඩා හොඳ අවබෝධයක් ලබා ගැනීමට මෙම සොයා ගැනීම නිසා හැකි වී තිබේ.
මෙම ඩයිනසෝරයන් තිදෙනාගෙන් එකෙක්, මාංශභක්ෂක තෙරපෝඩා වර්ගයට අයත් පාද දෙකෙන් ගමන් කළ හැකි වූ ඩයිනසෝරයෙකි. ජුරාසික් පාක් චිත‍්‍රපට මාලාවෙන් කාගේත් අවධානය දිනාගත් වෙලොසිරැප්ටර් ඩයිනසෝරයාට සමානය. අනෙක් නව ඩයිනසෝරයන් දෙදෙනා අයත් වෙන්නේ දිගු ගෙලක් ඇති ශාක භක්ෂක සෝරපෝඩා වර්ගයටය. 1981 වසරෙන් පසු  ඕස්ටේ‍්‍රලියාවෙන් හමුවූ මහා පරිමාණයේ ඩයිනසෝර සොයා ගැනීම වන්නේ මෙයයි.

පොසිල විද්‍යාඥ ස්කොට් හක්නල් ඇතුළු අනෙක් විද්‍යාඥයන් මෙම ඩයිනසෝරයන් තිදෙනා නම් කර තිබෙන්නේ බැන්ජෝ, මැටිල්ඩා සහ ක්ලැන්සි යනුවෙනි. ඒ  ඕස්ටේ‍්‍රලියාවේ වඩාත් ප‍්‍රකට ‘වොල්ට්සිංග් මැටිල්ඩා’ නම් ගීතය අනුව යමිනි. මෙම අපූරු සොයා ගැනීම ඩයිනසෝර ලොවේ නව ඉසවු කරා යාමට මග පාදන්නක් විද්‍යාඥ කණ්ඩායම ප‍්‍රකාශ කරයි.


”මේක නම් ඇත්තෙන්ම හරිම අපූරුයි.  ඕස්ටේ‍්‍රලියාවෙන් සොයා ගැනුණු ඩයිනසෝරයන් අතරින් ස්කොට් හක්නල් ඇතුළු කණ්ඩායම සිදු කළ මෙම සොයා ගැනීම ගැන වචනයෙන් විස්තර කිරීම අපහසුයි.”  ඕස්ටේ‍්‍රලියා වික්ටෝරියා සරසවියේ අධ්‍යක්ෂ ජෝන් ලෝන්ග් පවසයි.

ක්වීන්ස්ලන්ඞ් සරසවියේ පර්යේෂකයකු වන හොක්නල් සහ ඔහුගේ පිරිස මෙම ඩයිනසෝරයින් සොයා කැණීම් සිදු කළේ ක්වීන්ස්ලන්ඞ්හි බිලාබෝංග් නම් පළාතේ වින්ටොන් නම් පිටිසරබද කුඩා ගම්මානය අවටය. ‘වොල්ට්සිංග් මැටිල්ඩා’ නම් ගීතය 1885 වසරේදී බැන්ජෝ පැටර්සන් කවියා රචනා කළේ වින්ටොන් ගම්මානයේදීය.

මේ හමුවූ තෙරපෝඩා මාංශභක්ෂක ඩයිනසෝරයා 1993 වසරේ මුළු ලොව ම වසඟ කළ ස්ටීවන් ස්පීල්බර්ග් අධ්‍යක්ෂණය කළ ජුරාසික් පාක් චිත‍්‍රපටයෙන් අප දුටු රැප්ටරයින්ට සමාන වුනත් මේ සත්ත්වයා රැප්ටරයකුට වඩා ප‍්‍රමාණයෙන් ඉතා විශාලය. එමෙන්ම රැප්ටරයකුට වඩා ප‍්‍රචණ්ඩකාරීය. බැන්ජෝ නමින් නම් කළ මේ සත්ත්වයා අයත් වන්නේ ටයිරැනසෝරස් රෙක්ස් ඩයිනසෝරයා අයත් පවුලට බවත් හොක්නල් පෙන්වා දෙයි. තියුණු නිය තුනකින් සමන්විත අත් දෙකක් ඇති මෙම ඩයිනසෝරයා ගොදුරු පසුපස දිවයමින් ගොදුරු අල්ලා ගැනීමට දක්ෂයෙක් බව වාර්තාවේ. ”අනෙක් තෙරපෝඩ ඩයිනසෝරයන් වගේ නොවේ. බැන්ජෝ වෙනස්. උගේ ඉදිරි පාද මාරක අවි වගෙයි.” හොක්නල් කියයි.


ශාක භක්ෂකයන් වන මැටිල්ඩා සහ ක්ලැන්සි ටයිටනසෝර් පවුලට අයත් දැවැත්තයන් දෙදෙනෙකි. මිහිමත ඇවිද ගිය විශාලතම සත්ත්වයන් ලෙස සැලකෙන්නේ මෙම ඩයිනසෝරයන්ය. ඩයිනසෝරයන් ගැන කැණීම් කටයුතු බහුලව සිදුවන්නේ උතුරු ඇමෙරිකාව, යුරෝපය, දකුණු ඇමෙරිකාව සහ අප‍්‍රිකාවයි. ඒ නිසා මෙම සොයා ගැනීමෙන් පසු පොසිල විද්‍යාඥයන්ට  ඕස්ටේ‍්‍රලියාව අලූත් අත්දැකීමක් වනු ඇත. වින්ටොන් ගම්මානය අසළ තවත් කැණීම් සිදු කිරීමටත් තවත් ඩයිනසෝරයන් මතුකර ගැනීමටත් ස්කොට් හක්නල් බලාපොරොත්තු වෙයි.

Post a Comment

1 Comments