HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ඩයිනසෝර දඩයක්කාරයෝ හදුනාගන්න

ඩයිනසෝර පොසිල අස්ථි සොයමින් පොසිල විද්‍යාඥයෝ ලොව පුරා සංචාරයේ යෙදෙනවා. මොවුහු දින ගණනක් හෝ වසර ගණනක් තිස්සේ මේ පොසිල සොයමින් අව්ව වැස්ස, දිවා රෑ නොබලා කැණීම් කරමින් කූඩාරම්වල ජීවත් වෙනවා. මොවුන්ව හැඳින්වෙන්නේ ‘ඩයිනසෝර් හන්ටර්ස්’ නැතහොත් ‘ඩයිනසෝර දඩයක්කරුවෝ’ කියලයි.


රිචඞ් ඕවන්
ඩයිනසෝරයන්ට ‘ඩයිනසෝර’ යන නම මුලින් ම යෙදුවේ බි‍්‍රතාන්‍ය කායික විද්‍යාඥ රිචඞ් ඕවන් විසිනි. එහි අර්ථය ‘බිහිසුණු උරගයා’ යන්නයි. ඔහු එසේ නම් කළේ 1841 වසරේදී, ඒ දශක ගණනකට කලින් සිට, හමුවී තිබූ යෝධ පොසිල අස්ථි සහ පා සලකුණු වර්ගීකරණය කිරීමට සූදානම් වූ විටයි. ඕවන් මුලින් සිතුවේ ඒවා වඳ වී ගිය යෝධ මකරකුගේ, කටුස්සකුගේ හෝ කපුටකු හා සමාන රේවන් කුරුල්ලකුගේ අස්ථි හා පා සලකුණු කියලයි. පූර්ව ඓතිහාසික බිහිසුණු සත්ත්ව කොට්ඨාශයක් ජීවත් වන්න ඇති බවට සාක්ෂි මතුවීමත් සමඟ උන් ගැන සොයමින් විද්‍යා ගවේෂණ චාරිකා ආරම්භ වීම ඇරඹුණා.

එඞ්වින් කෝල්බර්ට්
1947 වසරේදී ඇමෙරිකානු සොභාවිද්‍යා කෞතුකාගාරයේ එඞ්වින් කෝල්බර්ට් සහ ඔහුගේ කණ්ඩායමට ඇමෙරිකාවේ නිව් මෙක්සිකෝවේ ‘ගෝස්ට් රෑන්ච්’ නම් ප‍්‍රදේශයෙන් කොලොපිසිස් ඩයිනසෝර පොසිලවලින් පිරි පොසිල නිධානයක් හමුවුණා. එම කොලොපිසිස් ඩයිනසෝරයා අඩි 8 ක් පමණ උස විලෝපිකයෙකි. උගේ පසුපස පාද දිගයි. කුරුල්ලකුගේ වැනියි. වේගයෙන් දුවන්න පුළුවනි. ඌට දිගු ගෙලක්, වලිගයක් මෙන්ම ඉතාමත් තියුණු දත් තිබුණා.

ඩග්ලස් ලෝසන්
ලෝසන් විශ්ව විද්‍යාල උපාධි අපේක්ෂකයකුව සිටි කාලයේ දී ඩයිනසෝර පොසිල සොයා ගැනීමට හුඟක් උනන්දු වුණා. දැවැන්ත පියාසර කළ හැකි ඩයිනසෝරයකුගේ බාහු අස්ථියක් කැණීම් මගින් ගොඩ ගැනීමට ඔහුට හැකිවුණා. ඔහු එම ඩයිනසෝරයා නම් කළේ ක්වෙට්සාල්කෝට්ලස් නෝත‍්‍රපී යනුවෙනි. මේ දැවැන්තයා හමුවුණේ 1971 වසරේදී බිග් බෙන්ඞ් ජාතික වනෝද්‍යානයෙනි. මේ සත්ත්වයාගේ පියාපත් විදහාලූ විට අඩි 40 ක් දිගින් යුක්තයි. මේ වන විට හමු වී ඇති දැවැන්ත ම පියාඹන උරගයා වන්නේ ටෙක්සාස් ප‍්‍රදේශයෙන් හමු වූ ටෙරසෝර් යනුවෙන් නම් කළ එම උරගයායි.


ජැක් හෝනර්
පළමු වතාවට ඩයිනසෝර කලල සොයා ගනු ලැබුවේ බොස්නර් කෞතුකාගාරයේ පොසිල විද්‍යාව පිළිබඳ විශේෂඥ ජැක් හෝනර් විසිනි. හෝනර් සිදුකළ ඉතාමත් වටිනාම සොයා ගැනීම ලෙස සැලකෙන්නේ 1982 වසරේදී තාරා හොටැති ඩයිනසෝරයන් 10,000 කට වඩා ප‍්‍රමාණයකගේ පොසිල අස්ථිවලින් සමන්විත තැන්පතුවක් සොයා ගැනීමයි.

රොඩොල්ෆෝ කොරියා
වසර ගණනාවක් තිස්සේ සිදු කළ ගවේෂණ චාරිකාවලින් පසු වසර මිලියනයක් පැරණි පොසිලයක් හමුවීම මොන තරම් සතුටක්ද ? ආජෙන්ටීනියානු පොසිල විද්‍යාඥ කොරියා විසින් 1989 වසරේදී නව ඩයිනසෝර විශේෂයකගේ පොසිල විශාල ප‍්‍රමාණයක් සොයා ගත්තා. එම ඩයිනසෝරයා ආජෙන්ටියෝසෝරස් හියුන්කියුලෙන්සිස් යනුවෙන් නම් කර තියෙනවා. ඩයිනසෝරයා සොයා ගත්තේ පැටගෝනියාවෙනි. බර ටොන් 100 කි. මෙතෙක් සොයා ගෙන ඇති විශාලතම ඩයිනසෝරයා ලෙස සැලකෙන්නේ ආජෙන්ටියෝසෝරස්ය.

සූ හෙන්ඞ්රික්සන්
සූ හෙන්ඩිරික්සන් ක්ෂේත‍්‍ර පොසිල විද්‍යාඥවරියක් ලෙස රාජකාරි කළේ නැත. ටයිරනසෝරස් රෙක්ස් ඩයිනසෝරයා සොයා ගත්තේ ද නැත. ඇය පැරණි සත්ත්වයන් සංරක්ෂණය පිළිබඳ විශේෂඥවරියකි. ඒත් 1990 වසරේ දී ඇය නිවැරදි ව අස්ථි ගළපමින් අප කවුරනුත් හොඳින් දන්නා හඳුනන ඩයිනසෝර ලොවේ නපුරා ලෙස සැලකෙන ටයිරනසෝරස් රෙක්ස් සත්ත්වයකු නිර්මාණය කළා. පොසිල විශේෂඥයන්ට 1990 දී මෙම අස්ථි හමුවූයේ දකුණු ඩෙකෝටාවේ ‘සූ’ රතු ඉන්දියානු ප‍්‍රදේශයේ චයෑන් ගංගා නිම්නයෙනි. වසර මිලියන 65 ක් පැරැණි ටයිරනසෝරස් රෙක්ස් ඩයිනසෝරයා නිර්මාණය කිරීම හේතුවෙන් සූ වසර 2000 දී ඇය කාගේත් අවධානය දිනා ගත්තා. අද එම ඩයිනසෝර ඇටසැකිල්ල චිකාගෝ නුවර කෞතුකාගාරයේ ප‍්‍රදර්ශනයට තබා තිබෙනවා.

Post a Comment

0 Comments