HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

පළමුවරට මාධ්‍යයට පැමිණි අරංගයාගේ (Arrenga) කතාව

2012 ජනවාරි 02 දා නිකුත් වූ ‘අද’ මංගල පුවත්පතේ පළ වූ අප සිත්ගත් එක් විශේෂාංගයක් ගැන මේ සටහන තබන්නේ පරිසරවේදී ප‍්‍රදීප් සමරවික‍්‍රම කරන මෙහෙය පැසසීමටය.

1872 දී වර්ෂයේදී පක්ෂි ලෝකයට හඳුන්වා දුන් අරංගයා (Arrenga)  ශී‍්‍ර ලංකාවට ආවේණික ඉතාමත් දුර්ලභ කුරුල්ලෙකි. වසර 140ක ඉතිහාසය තුළ අරංගයාගේ කූඩුවක්, බිත්තර හෝ කූඩුවක සිටින පැටවුන් කිසිවකු ඡායාරූප ගත කර නොතිබිණි. ප‍්‍රදීප් සමරවික‍්‍රම තරුණ පරිසරවේදියා ඒ කාර්යය වසර කීපයක සිට ඉතා රහසිගතව සිදුකළේය.



අරංගයා සිටින්නේ ලෝකයෙන් ම ශී‍්‍ර ලංකාවේ  පමණි. Sri Lanka Whistling Thrush හෝ Sri Lanka Arrenga ලෙස හඳුන්වන අරංගයා විද්‍යාත්මකව Myophonus blighi  නමින් හැඳින්වේ. 1872 දී හෝල්ඞ්ස්වෝන් විසින් මුල්වරට පක්ෂි ලෝකයට හඳුන්වා දුන් මේ කුරුල්ලා ලෝකයේ වඳ වී යන වඳ වී යන සතුන්ගේ නාම ලේඛනය වන ලෝක රතු දත්ත පොතට අනුව අන්තරායක (Endangered) කාණ්ඩයට ඇතුළත්ය.

බි‍්‍රතාන්‍යයේ පිහිටි Bird Life International නැමැති ආයතනයේ කුරුල්ලන් පිළිබඳ පර්යේෂණ වාර්තාවලට අනුව (2010) අරංගයා ජීවත්ව සිටින ප‍්‍රමාණය වර්ග කිලෝමීටර 3100ක ප‍්‍රදේශයක් බවත්, ඒ ප‍්‍රදේශයේ සිටින කුරුල්ලන්ගේ ගණන 1000-2499 අතර සංඛ්‍යාවක් බවටත් ඇස්තමේන්තු කර ඇත.

අරංගයා බෙහෙවින් ම කුලෑටි, ඉතාමත් දුර්ලභ ගණයේ කුරුල්ලකි. ඒ නිසා ම අරංගයා පිළිබඳව සිදුකෙරුණු පර්යේෂණ ප‍්‍රමාණයද ඉතා අල්පය.


2004 වසරේ මාර්තු මාසයේ සිට අරංගයාගේ කූඩුවක් නකල්ස් වනාන්තරයේ දී නිරීක්ෂණය කළ ප‍්‍රදීප් මේ දක්වා ම ඒ කාර්යයේ නියැළී සිටියි. ප‍්‍රදීප් අරංගයාගේ කූඩු තැනීම, බිත්තර, පැටවුන් හා පැටවුන්ට කැවීම ආදී කුරුල්ලන්ගේ සියලූ දෛනික කාර්යයන් අධ්‍යයනය කළ, ඒවා ඡායාරුප ගතකළ එකම තැනැත්තා යයි ‘අද’ පුවත්පතේ සඳහන් කර තිබේ.

කුරුල්ලන්ගේ චර්යාවන් අධ්‍යයනය කිරීම හා  ඡායාරූප නැඟීම ඉතා අසීරු කාර්යයකි. කුලෑටි කුරුල්ලකු අධ්‍යයනය කිරීම,  ඡායාරූපයට නැඟීම ඊටත් වඩා අසීරු කාර්යයකි. එවැනි දෙයක යෙදීම ජාතික මෙහෙවරකි. මේවා වැදගත් වන්නේ අදටත් වඩා අනාගතයටය. අනාගත පරපුරටය. ප‍්‍රදීප් සමරවික‍්‍රම තරුණ පරිසරවේදියාටත් ඔහුගේ සද්කාර්යයට සහය දක්වන හැම දෙනාටමත් ‘මල් කැකුළු’ පාඨකයන් වෙනුවෙන් මල් මිටක් පිදීමට අප අවස්ථාවක් කර ගනිමු.

Post a Comment

5 Comments

  1. srilanka arranga gena apata thorathuru hoyana pradeep tath malkakulu thulin handunvadun obatath sthuthiy. malkakulu ape pavle hamoma aasaven balanava.

    ReplyDelete
  2. ඔන්න මමත් නොදන්න දෙයක් දැනගත්තා. මේ තොරතුරු බෙදාගත්තාට තුති.
    ඒ වගේම රදීප් සමරවික‍්‍රම තරුණ පරිසරවේදියාටත් මලෙනුත් මල් මිටක්

    ReplyDelete
  3. ඇත්තටම ගොඩක් ස්තුතයි

    ReplyDelete
  4. මේ ගැන කරන සේවයට ඒ තරුණන පරිසරවේදියාටත්, මේ බ්ලොග් අඩවියටත් දෙකටම තුති !!!

    ReplyDelete
  5. Arrenga කියන්නෙ කුරුල්ලෙක් කියල දැන ගත්තෙ අදයි.

    ReplyDelete