HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ස්ටෝන්හෙන්ජ්වලටත් වසර 800කටත් වඩා පැරණි ගල්යුගයේ පන්සලක් හමුවෙයි ! : විස්මිත සොයා ගැනීමක් !

ගොඩනැගිලි 100කටත් වැඩියි. පන්සල් පරිශ‍්‍රයක් ද? නව ශිලායුගයේ පැරණිම නිර්මාණය ද? සම්පූර්ණයෙන් ගවේශනයට දසක ගණනක් යාවි.

(බි‍්‍රතාන්‍යයේ ලෝක ප‍්‍රකට ස්ටෝන්හෙන්ජ්වලට වඩා වැදගත් යැයි සිතිය හැකි පන්සල් පරිශ‍්‍රයක නටබුන් තැන් 100ක් මතුවෙයි)


පුරාවිද්‍යාඥයන්ගේ මතයට අනුව  ඕක්නිහී පිහිටි මෙම නටබුන් වසර 5000කටත් වඩා පැරණියි. මේ පුරාවිදු බිම හැඳින්වෙන්නේ  ඕක්නේ (Orkney) කියායි. ‘නෙස් ඔෆ් බ්‍රෝඞ්ගා’ අසල පිහිටිතැනක්. බීබීසීයේ පුරාවිද්‍යා විස්තර විචාරක නීල් ඔලිවර් කියන්නේ මෙය, ‘මේ ජීවිත කාලයටම සරිලන ඉතා විශිෂ්ට සොයා ගැනීමක්’ බවයි. ඔහු තවදුරටත් කියන්නේ ‘මේ තරම් විශාල පරිසරයක් පුරා පැතිර ඇති නටබුන් මෙතෙක් සොයා ගෙන නැහැ. ඒ නිසා ලෝකය හා විශ්වය පිළිබඳ නව ශිලා යුගයේ විසූ මිනිසා තුළ පැවති විශ්වාසයන් හා ආගමික භාවිතයන් පිළිබඳ අබිරහස් හෙළි කර ගැනීමට ඉතා හොඳ කවුළුවක් මෙම ස්ථානයෙන් විවරව ඇතැ’යි කියායි.

දැනට මෙහි ගල් යුගයේ ගොඩනැගිලිවල නටබුන් 14ක් සොයා ගෙන තියෙනවා. එහෙත් තාපභූභෞතික තාක්ෂණයට (තාපය යොදා ගෙන පොළොව යට ඇති සොයා ගැනීමේ තාක්ෂණය) අනුව තවත් නටබුන් ස්ථාන 100කට වැඩි ප‍්‍රමාණයක් ඇතැයි හඳුනාගෙන තියෙනවා. මේ නිසා මෙහි ඇත්තේ ඉතා පැරණි ආරාමයක නටබුන් විය හැකියැයි යන්න පුරාවිද්‍යාඥයන් අනුමාන කරනවා. මෙම ස්ථානයෙහි තවමත් ගවේශනය කර ඇත්තේ සියයට දහයකටත් අඩු ප‍්‍රමාණයක් විතරයි. මෙහි රහස් හෙළිදරවු කර ගැනීමට විද්‍යාඥයන්ට දසක කීපයක් යාවි.

(බි‍්‍රතාන්‍යයේ ඉපැරණිම බිතුසිතුවම් යැයි විය හැකි රූප හමුවූ ඕක්නි නටබුන්)

මෑතක් වනතුරු ස්ටෝන්හෙන්ජ් කේන්ද්‍ර කරගෙන නව ශිලා යුගය ගැන කතා කළ ද අනාගතයේ දී මෙහි ඇති අබිරහස් ගැන වඩාත් අවධානය යොමු වෙනවා ඇති. දැනට සොයා ගෙන ඇති පරිදි බි‍්‍රතාන්‍යයේ පැරණිතම බිතුසිතුවම් හමු වී ඇත්තේ ද මෙම ස්ථානයෙනි. මෙහි ඇතුළත බිත්ති යැයි අනුමාන කළ හැකි නටබුන් අතර දැකිය හැකි රතු පැහැති අක්වක් රේඛා නවශිලා යුගයේ මිනිසාගේ ඉපැරණි බිතුසිතුවම්වලට අයත් ඒවා විය හැකිය යනු පුරාවිද්‍යා මතයයි.

මේ ස්ථානය පිහිටා ඇත්තේ විල්ට්ෂයර්වලින් දකුණු දිගින් සැතැපුම් 500ක් තරම් දුරිනි. මෙම නටබුන් මතුකර ගෙන ඇත්තේ දැනටමත් මතු කර ගෙන ඇති ‘නෙස් ඔෆ් බ්‍රෝඞ්ගා’ ගල් කුලූනු වළල්ල අසළයි.

(දැනටමත් මතු කර ගෙන ඇති ‘නෙස් ඔෆ් බ්‍රෝඞ්ගා’ ගල් කුලූනු වළල්ල)

Post a Comment

1 Comments

  1. me tharam vishaala ida pramaanayaka natabun soyaaganeema honda aaranchiyak. Tourists godak ei idiri kaalayedi. stonehenge thamay paranima kiyala kochchara enavada davasakata? thava thorathuru apita denna.iparani bithu sithuvam pinthurath balanna aasai.thanx.malkakulu thava suvandavath veva!

    ReplyDelete