මිලියන 47 ක් පැරණි ‘අයිඩා’, අපේ මිත්තණියක්ද? නැතිනම් නැන්දණියක්ද? : විස්මිත සොයා ගැනීම්

මනුෂ්‍යයන්ට, වානරයන්ට හා අනෙක් පි‍්‍රමේටාවන්ට නෑකම් කියන පොදු ජීවියෙකුගේ ඇට සැකිල්ලක් ඇමෙරිකාවේ නිව්යෝක් නුවර සොබාව ඉතිහාස කෞතුකාගාරයේ ප‍්‍රදර්ශනයට තබා තිබෙනවා. ප‍්‍රමාණයෙන් කුඩා මේ අපූරු සත්ත්වයාගේ නිල නාමය වන්නේ ‘ඩාර්විනියුස් මැසිලේ’ යන්නයි. ඒත් මේ විද්‍යාඥයන් මේ සතා හඳුන්වන්නේ ‘අයිඩා’ (Fossil Ida) යනුවෙනුයි.


මේ පුංචි සත්ත්වයා ජීවත් වී තිබෙන්නේ මීට වසර මිලියන 47 කට පෙර ඈත අතීතයේයි. විද්‍යාඥයන්ට මේ සතාගේ ඇට සැකිල්ලෙන් සියයට 95 ක ප‍්‍රමාණයක් සොයා ගැනීමට හැකි වුණා. ඒ අනුව පුදුමාකාර විධියට හොඳින් සංරක්ෂණය වූ සර්ව සම්පූර්ණ ඇට සැකිල්ලක් අද දකින්න ලැබෙනවා. අයිඩාට අහිමි වී ඇත්තේ පාදයක අස්ථි කැබැල්ලක් පමණයි.

අයිඩා මුලින්ම සොයා ගැනුණේ 1983 වසරේදී. පෞද්ගලික පොසිල ගවේෂණ කණ්ඩායමකට. ඔවුන්ට අයිඩාගේ අගය තේරුම් ගන්න නොහැකි වුණා. ඒ නිසා හමුවූ අස්ථි ඔවුන් කොටස් දෙකකට වෙන් කළා. නමුත් නොර්වේජියානු ජාතික පොසිල විශේෂඥ මහාචාර්ය ජෝරන් හූරම්ට අයිඩා හමුවීමෙක් පසු ඔහු ප‍්‍රමුඛ පොසිල විද්‍යාඥ කණ්ඩායමක් වසර දෙකක් තිස්සේ අයිඩා ගැන පරීක්ෂණ කිරීමට පටන් ගත්තා. හූරම්ගේ සිඟිති දියණිය තමයි මෙම ඇටසැකිල්ලට ‘අයිඩා’ යනුවෙන් නම යොදා තියෙන්නේ.

අයිඩා පෙනුමෙන් වඳුරෙක් වගෙයි. ඇයව හමුවුණේ ජර්මනියේ මිසෙල් වගුරෙන්. මේ වගුර ඉයෝසීන ඉපෝෂ යුගයේ ජීවත් වූ සත්ත්වයන්ගේ පොසිල ඇටකටුවලින් පිරිලයි තියෙන්නේ. දිගු වල්ගයක් තිබුණාට අයිඩාගේ සිරුරේ මානව ලක්ෂණ කීපයක් දකින්න ලැබෙනවා. ඒවා තමා මහපට ඇඟිල්ලක්, කෙටි අත්පා සහ ඉදිරිය බලා සිටින සේ පිහිටා ඇති ඇස් යුගලයක්. වර්තමානයේ දකින්න ලැබෙන ලෙමූර් වඳුරන්ගේ දකින්න නොලැබෙන ප‍්‍රධාන අංග දෙකක් අයිඩා සතුව ඇත්තේ නැහැ. ඒ නම් වැඩෙන නියපොතු සහ යටි ඇන්දේ දත් නොමැති වීමයි.


”අයිඩා මානවයින්ට කෙතරම් සමීපව බැඳී සිටිනවාදැයි මේ අනුව අපට පැහැදිලි වෙනවා. අයිඩා කියලා කියන්නේ ලෝක උරුමයන් හා බැඳුණු ඇට සැකිල්ලක්” හූරම් පවසනවා. ”මේ පුංචි අයිඩා අපට පෙන්වලා දේවි අනෙක් ක්ෂීරපායීන් සමඟ අපේ ඇති සම්බන්ධය මොකක්ද කියලා” ලෝ සුපතළ බි‍්‍රතාන්‍ය ජාතික සොබාවවේදී සහ රූපවාහිනී වැඩසටහන් නිර්මාණනරුවෙක් වන ඬේවිඞ් ඇටන්බරෝ පවසන්නේ අයිඩා ගැන ඉමහත් ආඩම්බරයෙන්. ”මානව පරිණාමයේ ‘අහිමි පුරුක’ දැන් අපට හමුවී තියෙනවා” ඇටන්බරෝ වැඩිදුරටත් පවසයි.

අද ලෝකය පවත්ව ඇති තත්වය ඇරඹුණේ අයිඩා ජීවත් වූ යුගයේයි. ඒ වන විට ඩයිනසෝරයින් මිහිමතින් වඳවී ගොස් අවසන්ය. හිමාලය කඳුවැටිය සෙමින් සෙමින් නිර්මාණය වෙමින් පැවැතිණි. විවිධ වර්ගවල ක්ෂීරපායී සත්ත්ව විශේෂයන් ගණනාවක් වනාන්තර පුරා විසිරී ජීවත් වූහ.

හූරාම් ප‍්‍රමුඛ පොසිල විද්‍යාඥ කන්ඩායම පවසන පරිදි අයිඩාගේ වළලූ කර බිඳී ගොස් තිබේ. එහෙම වුණේ ඇයගේ නොසැලකිල්ලෙන් විය හැකි යැයි විද්‍යාඥයන් පෙන්වා දෙනවා. පුරාවිද්‍යාඥයන් අනුමාන කරන්නේ මිසෙල් විලේ දිය බොමින් සිටි අයිඩා කාබන්ඩයොක්සයිඞ් පෙණ බුබුළු නිසා සිහිසුන් වී විලට ඇඳ වැටෙන්න ඇති බවයි.

”සිහිසුන් වීම නිසා විලට වැටුණු අයිඩාව විල් පතුළට ගිලෙන්න ඇති. සුවිශේෂී පරිසර තත්වයන් අයිඩාගේ සිරුර සංරක්ෂණය කරන්න උදව් වුණා.” පොසිල විද්‍යාඥ කණ්ඩායම පැහැදිලි කරනවා.

(අයිඩා ජීවත් වු මිසෙල් විල)

අයිඩාගේ ආමාශ පරීක්ෂා කිරීමේදී ඇය අවසන්වරට ගත් ආහාර පිළිබඳ අවබෝධයක් ලබා ගන්න හැකිවී තියෙනවා. ආමාශයේ තිබුණේ පලතුරු, ඇට සහ කෙළ වර්ගයි. මේ අනුව අයිඩා ශාක භක්ෂකයෙක් බව අනාවරණය වුණා.

”මේ පොසිලය සර්ව සම්පූර්ණයි. පි‍්‍රමේටාවන්ගේ ඉතිහාසයේ මෙවැනි සොයා ගැනීමක් මින් පෙර හමුවෙලා නැහැ. මේ තරම් හොඳින් සුරැකුනු හා සම්පූර්ණ සිරුරක් දකින්න ලැබෙන්නේ අපේ මිහිදන් කිරීම්වලදීයි.” හූරම් පවසයි.

කෙසේ වෙතත් අයිඩා ගැන තවමත් පර්යේෂණ පැවැත්වෙනවා. හූරම් ප‍්‍රමුඛ පොසිල විද්‍යාඥයන් ඇය අපේ මිත්තණියක් යැයි කීවත් තවත් පොසිල විද්‍යාඥයන් නම් එහෙම කියන්නේ නැහැ. ඔවුන් කියන්නේ අයිඩා අපේ දුර නැන්දණියක් කියලයි. මේ අයුරින් වාද විවාද තිබියදී අයිඩා සම්බන්ධ පර්යේෂණ කටයුතු තව දුරටත් ඉදිරියට සිදුවෙනු ඇති බව වාර්තා වෙනවා.

‘බීබීසී’, ‘ද හිස්ටි‍්‍ර චැනල්’ ඇතුළු තවත් රූපවාහිනී නාලිකා කිහිපයක් අයිඩා පාදක කර ගනිමින් වාර්තාමය වැඩසටහන් කීපයක්ද නිර්මාණය කර ඇත.

Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

6 Comments

  1. පිස්සු හැදෙනව නේ මේවා හිතන්න ගියාම....

    ReplyDelete
  2. ‍වටිනා තොරතුරු ලබා දෙන ඔබට ස්තුතියි. මේ බ්ලොග් එක තවත් සාරවත් කරන්න ලැ‍බෙන්න ඕනේ. තැන් තැන් වලින් මහන්සි වෙලා හොයාගන්න ඕන තොරතුරු ගොඩක් අපිට එක තැනකට ගෙනල්ලා දෙනවා.

    දිගමට ලියන්න. කුඩා දරුවන්ට තොරතුරු හොයාගෙන යන්න, ඒයාලා තුල මේ ගැන කුහුලක් ඇති කරන්න මේ ලිපි ඉවහල් වෙනවා. ස්තුතියි මේ තොරතුරු වලට.

    ReplyDelete
  3. Ida gana research vala idiriyata ena thorathuruth malkakulu thulin apita denna. apey nandaniyak ho muththaniyak nam api eyaa gana hoyala balanna oneyne.
    fossilaya vagema lipiyath sampoornai. Thanks.

    ReplyDelete
  4. good luck..
    [Jeewana]

    ReplyDelete
  5. බුද්ධි කිව්වා වගේ මේ බ්ලොග් එක ගොඩක්ම වැදගත්. ඒ නිසා නොනවත්වා ලියන්න. උපරිම සහයෝගය අපි දෙන්නම්. පොඩි අය විතරක් නෙවෙයි, අපිත් ගොඩක් දේවල් මෙතනින් දැනගන්නවා. වැදගත්ම දේ , සිංහලෙන් කියවන්න නොලැබෙන මේ වගේ දුර්ලභ තොරතුරු ඉදිරිපත් කිරීමයි...

    විශිෂ්ඨ ලිපියක්... ඔබේ උත්සාහයට තුති... ජයවේවා !!!

    ReplyDelete