HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

සීයා හා මුනුපුරා - දෙන්නාගේ වයස කීය ද? ගණිත විනෝදය 3 : පිළිතුර

අප ඔබට ඉදිරිපත් කල ගණිත විනෝදය ගැටලුවට Comments වලින් සහය දැක්වු සියලු දෙනාට අපගේ ස්තුතිය...!. Anonymous, Jilora නිවැරදි පිලිතුරු ලබා දුන්නා.


බැලූ බැල්මට මෙම ගැටලූව ඇත්ත වශයෙන් ම වැරදි ලෙස ගළපා ඇති බවක් පෙනී යා හැකියි. සීයාගේ හා මුනුපුරාගේ වයස එක සමාන බව පෙනෙයි. එහෙත් ගැටලූව විසඳීමට අවශ්‍ය දත්තයන් සම්පූර්ණ ලෙස එහි සඳහන්ව තියෙනවා.

මුනුපුරා උපන්නේ 20 වැනි සියවසේ දී බව පැහැදිලියි. එම නිසා ඔහු උපන් අවුරුද්දේ පළමුවැනි අංක දෙක 19 යි. මෙය සියක් සංඛ්‍යාවකි. එහි අග අංකවලින් දැක්වෙන සංඛ්‍යාවේ දෙගුණය 32ට සමාන විය යුතුයි. එනම් එම සංඛ්‍යාව 16යි. මුනුපුරා උපන් අවුරුද්ද 1916 වන අතර 1932 දී ඔහුට වයස අවුරුදු 16ක් විය.

ඔහුගේ සීයා උපන්නේ 19 වැනි සියවසේ මිස 20 වැනි සියවසේ විය නොහැකියි. එනම් ඔහු උපන් අවුරුද්දේ පළමුවැනි අංක දෙක 18යි. එහි අනෙක් අංකවලින් සෑදෙන සංඛ්‍යාවේ දෙගුණය 132ට සමාන විය යුතුයි. එනම් 66කි. සීයා 1866 අවුරුද්දේ උපන් අතර 1932 වන විට ඔහුට අවුරුදු 66ක් විය.

Post a Comment

0 Comments