HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

වයස කීය ද? : ගණිත විනෝදය 1


අප කුඩා කාලේ රුසියාවේ මොස්කව් ප‍්‍රගති ප‍්‍රකාශන මන්දිරයෙන් ඉලක්කම් සෙල්ලම් ඇතුළත් අපූරු පොතක් පළ කරල තිබුණා. ඒ පොතෙන් තමයි අපට ගණිතය ගැන ආසාවක් ඇති කළේ. පොතේ නම ගණිත විනෝදය. කර්තෘ වයි. පෙරෙල්මාන්. ඒ පොතේ පිටපතක් මෙච්චර කල් පරිස්සම් කර ගෙන උන්නු මගේ චූටි නංගි, සුමිත‍්‍රා මට ඒක දුන්නා ඔබේ විනෝදයට එහි එන ඉලක්කම් සෙල්ලම් කීපයක් තෝරා පළ කරන්න කියලා. ඇය ගණිතය ජිවිතය කරගෙන ඉන්න, අනාගත පරපුරට ගණිතය ජීවිතය කර ගන්න උගන්වන කෙනෙක්. ඇගේ ඒ ඉල්ලීම ඉටු කරන්නයි මේ විශේෂාංගය එක් කරන්නේ.

මේ වගේ ගණිත ගැටලූ කියවන කොට ඔබටත් එවැනි දේ මතක් වේවි. ඒවගේම නිර්මාණය කරන්න හිතේවි. අප මේ පෙරෙල්මාන්ගේ ගණිත ගැටලූ ඉදිරිපත් කරන අතරෙ ඔබටත් පුලූවන් නම් මේ වගේ වෙනත් නිර්මාණ අපට එවන්න, ඒවාට ඉඩක් වෙන්න කරන්න අපට පුලූවන්.

මෙන්න - ගණිත විනෝදය - 1 : වයස කීය ද?

ළමයෙක් එක්තරා ගණිතඥයකුගෙන් ”ඔබේ වයස කීයද?” කියල ඇහුවා. ඔහු දුන්නේ පුදුම උත්තරයක්.
”තව අවුරුදු තුනකට පස්සෙ මගේ වයසින් තුන් ගුණයක් ගන්න. එයින්, අවුරුදු තුනකට පෙර වයසේ තුන් ගුණයක් අඩු කරන්න. එවිට ඔබට ලැබෙන්නේ මගේ වයසයි” ගණිතඥයා කීවා.

ඔහුගේ දැන් වයස කීයදැයි කියන්න ඔබට පුලූවන්ද?

කැමති කට්ටිය උත්තරය Comments මගින් අපට එවන්න.

විසඳුම - හෙට මල් කැකුළු තුලින්

Post a Comment

15 Comments

  1. අඩේ එළ පොත මගෙ ළඟත් තාම තියනවා ඔය පොත අසූගනන්වලදි මට තෑගි හම්මබුනාවගෙ මතකයක් තියනවා ඉස්කොලෙ තරඟයකදි.

    ReplyDelete
  2. මගේ ළඟත් ඔය පොතක් තිබ්බා භීෂණ කාලෙට පින් සිද්ධ වෙන්න අපේ ගෙදර අය අනේ ඒක පිච්චුවා.... ඇයි ඉතිං රුසියානු පොතක් තිබ්බත් ඇතිනෙ ග‍ඟේ යන්න ඒ ක‍ාලේ නේද?..

    පොත දැකපු ගමන් ගාන හදනවට වැඩිය දේවල් තමයි මතක් වුනේ.. ඒ කාලෙ ගැන තරහක් ද? දුකක් ද?.. පොත වගේද? අපේ යාළුවො කි දෙනෙක් නැති වුනා ද අපිට නේද?..

    මේ අඩවියේ අනම්මනම් ලිවුවට තරහ වෙන්න එපා හොඳේ..

    උත්තරේ නම් 18 වෙන්න ඇති මට මතක හැටියට...

    මේ පොතක් හොයා ගත්ත විදියක් දන්න කෙනෙක් ඉන්නවා නම් ‍fantaup@gmail.com දන්වන්න. අසාවට එකක් අරන් තියා ගන්න.. ඉස්සර නම් රු10 ට 15 ට මේ වගේ පොත් කීයක් උස්සන් යනවද ගෙදර..

    ReplyDelete
  3. sorry.. not 36 its 45

    ReplyDelete
  4. The answer is 18.
    Mal Kakulu pavle journalism vagema ganithaya jeeviyhaya karagath aya inna bava danagena sathutu vuna!
    Mal Kakulu pavlata ape suba pathum!

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. මමත් ගනිත විනෝදය පොත හොය හොය හිටියෙ.. ඒත් හම්බඋනේ නැහැ... මම 10 වසර.. මට මගෙ ගණිත දැනුම දියුනු කරගන්න ඔනෙ... කාටහරි පුලුවන්නම් මට මේ පොට ෆොටෝකොපි ගහගන්න දෙන්න... නැත්නම් ෆොටෝකොපි ගහල දෙන්න මම සල්ලි දෙන්නම්... මගෙ ඊමේල් එක පුලුවන්නම් මට කියන්න technoplusasia@gmail.com
    නැත්තන් මේකෙන් මැසේජ් එකක් දාන්න http://edupluslanka.org/profile/1/
    නැත්තන් මේකෙන් හරි... https://www.facebook.com/naveen.yasiru.1

    අනේ පුලුවන්නම් දෙන්න ප්ලීස්...

    ReplyDelete