Skip to main content

මිහිමත ඇති මහා අබිරහසක් වූ ඔරෙගන් සළාව Oregon Vortex : නොවිසඳුණු අබිරහස්

මේ ස්ථානයට ගිය සැණෙන් ඔබට එහි කිසියම් අමුත්තක් දැනේවි. ස්වාභව ධර්මයෙහි යම් විකෘතියක් ඇති බව දැනේවි. ඔබ ගියේ අසකු පිටින් නම් නිසැකව ම අශ්වයා ඉදිරියට නොගොස් නතර වේවි. ඔබ බලෙන් ඌ ගෙන යන්න හැදුවොත් එය මග හැර යන්න ඌ වලිකාවි. හදිසියේ ම ඊට ඉහළින් පියාඹා යන්න ආ කුරුල්ලන් එකවර ම හැරී වෙන අතකට යනවා පෙනේවි. ගස් පවා ඔබට පෙන්වා දේවි ගැළවී යන්න බැරි බලපෑමකට ඔවුන් නතු වී ඇති බව. එතැන කවාකාර ප‍්‍රදේශයක් පුරා ගුරුත්වාකර්ෂණයේ විකෘති වීමක් ඇති බව ඔබට පෙනී යාවි. ගස්වල අතු පහතට එල්ලා හැළෙනවා. ගස් චුම්බක උතුර දෙසට ඇල වී තියෙනවා. ඒ අවට ඇති ගස් කෙළින් ම උඩු අතට විහිදිලා.


මෙතැන ලෝක ප‍්‍රකටව ඇත්තේ ‘ඔරෙගන් සළාව’ Oregon Vortex කියායි. (‘සළාව’ කියන්නේ සුළියක් වැන්නකටයි) එය පිහිටා ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ ඔරෙගන් ප‍්‍රාන්තයේ ග‍්‍රන්ට්ස් පාස්හී සිට සැතැපුම් 30ක් පමණ ඈතින් (සාර්ඩින් ක්‍රීක්). මේක ඇමරිකාවේ ඇති හරිම ප‍්‍රසිද්ධ තැනක්. ඒත් මෙතැන මෙහෙම වෙන්නේ ඇයි ද යන්න තවමත් නොවිසඳුණු අබිරහසක්.



මේ සළාව ආසන්න වශයෙන් අඩි 165ක විශ්කම්භයක් ඇති තැනක්. දළ වශයෙන් වටකුරු හැඩයෙන් යුක්තයි. මෙය සංචාරක ආකර්ෂණයක් ලෙස 1930 සිට එහි යන එන්නන් මවිතයට පත් කරවනවා. මෙහි ඇති උපකරණවල මැනීම් අනුව දින 90කට වරක් මෙහි හැඩය හා ප‍්‍රමාණය මඳක් වෙනස් වෙනවා. මේ කවය ඇතුළේ දැන් ඇති පැරණි ලී මඩුව කලින් තිබුණේ කවයෙන් පිට කන්ද උඩට වෙන්නයි. අද එය තියෙන්නේ අඩි 40ක් විතර කවය ඇතුළට වෙන්නයි. මේ මඩුවේ එල්ලා තියෙන රාත්තල් 28ක් බර යගුලිය කෙළින් ම පහළට එල්ලෙන්නෙ නෑ. එහි මඳ ඇලවීමක් තියෙනවා. මේ කවය ඇතුළට, මැද දෙසට, පහසුවෙන් ම ගියත් කවයෙන් පිටට යාම ආයාසයක් ගෙන කරන්න  ඕනෑ දෙයක්.


ස්කොට් ජාතික විද්‍යාඥ ජෝන් ලිස්ටර් 1913 දී මේ ස්ථානයේ පරීක්ෂණ 14,000ක් කර අවසානයේ දී නිගමනය කළේ මේ සළාව යෝධ වර්තන කාචයක් ලෙස කි‍්‍රයා කරන බවයි. ඔහු කියන්නේ මේ කවය තුළ දී ආලෝක ධාරාව කවාකාර හෝ සළාකාරව හෝ විහිදෙන නිසා මෙහි දී සිදුවන දේ අපට පෙනෙන්නේ දෘෂ්‍ය මායාවක් ලෙස බවයි. එහෙත් මෙහි දැනට සේවය කරන මග පෙන්වන්නන් ඒ අදහසට එකඟ වෙන්නේ නැහැ.
ඔවුන් කියන්නේ ඔබේ කැමරාව පාවිච්චි කර මෙහි ඇත්තේ දෘෂ්‍ය මායාවක් නොවන බව ඔබට ම ඔප්පු කළ හැකි බවයි. එක් කෙළවරක සිට අනෙක් කෙළවරේ ඉන්නා අයකු ඡායාරූපයට නඟන්න. ඊළඟට ඒ ස්ථාන මාරු කරගෙන මුලින් සිටි දුර ම තබා ගෙන ඔහුගේ තව ඡායාරූපයක් ගන්න. ඒ රූප දෙකෙහි උස හා උරසෙහි පළල සන්සන්දනය කරන විට ඔබට පෙනේවි, ඒ අය දකුණු කෙළවරේ ඉඳිද්දී ගත් පින්තූරයේ දී ඔහුගේ උස හා උරහිසෙහි පළල අනෙක් කෙළවරෙදී ගත් පින්තූරයට වඩා වැඩි වී ඇති බව. මෙහි දී සිදු වන්නේ දෘෂ්‍ය මායාවක් නම්, කායික වෙනසක් නොවේ නම්, ඡායාරූපවල මෙසේ වෙනසක් ඇති වෙන්න විදියක් නැහැ කියලයි, ඔවුන් කියන්නේ.

මෙහි තනා තියෙනවා, පටු ලී වේදිකාවක්. එහි දෙකෙළවර ලී රිටි දෙකක් සවිකරල තියෙනවා. ඒ රිටි දෙක සමාන උසක් ඇති ඒවා යයි මග පෙන්වන්නා කීවත් අපට පෙනෙන්නේ දකුණේ ඇති රිට උතුරේ ඇති රිටට වඩා අඟල් කීපයක් උසින් වැඩි බවයි. මෙහිදී මග පෙන්වන්නා ලෝහ දණ්ඩක් ගෙන ඒවා මැන පෙන්වනවා.
ඊළඟට මග පෙන්වන්නා කියනවා, අමුත්තන් දෙදෙනකුට වේදිකාවට නගින ලෙසට. වේදිකාවේ දෙකෙළවර මුහුණට මුහුණලා සිට ඊළඟට පැති මාරු කර ගන්නා ලෙස කියනවා. මෙසේ යද්දී යන පැත්තට අනුව ඔවුන්ගේ උස අඩු හෝ වැඩි හෝ වන බව එහි යන ඔබට දැක ගන්න පුළුවන්.


ඊළඟට අඩි 5යි අඟල් 8ක් උස අමුත්තකු පැමිණ සිටි පිරිසට මුහුණලා වේදිකාව මැද සිටවනවා. එහි ඉන්නා මගපෙන්වන්නාගේ උස අඩි 5යි අඟල් 10යයි. උසින් වැඩි මගපෙන්වන්නා අමුත්තාගේ වම් පැත්තේ වේදිකා කෙළවරේ (උතුරු කෙළවරේ) සිටින විට ඔවුන් දෙදෙනාගේම උරහිස් එක උසින් ඇති බව අපට පෙනෙනවා. ඊළඟට මග පෙන්වන්නා අමුත්තාගෙන් අනෙක් පැත්තට (දකුණු කෙළවරට) යනවා. අමුත්තා සිටි තැනම සිටිනවා. මෙහි දී මග පෙන්වන්නාගේ උසින් වැඩි බව අමුත්තා අසලින් යන විට පැහැදිලිව පෙනෙනවා.

මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් පවා මේ ගැන මතයක් පළ කරල තියෙනවා. එතුමා සිතන්නේ මේ සංසිද්ධියෙහි දෘශ්‍ය මායාවකට එහා ගිය අපේ ඇඟට දැනෙන දෙයක් තියෙනව කියලයි. ඊට හේතුව දිනපතා කීප වතාවක් ම අඟල් 19ක් තරම් ප‍්‍රමාණයක් දක්වා හැකිළීමක් හෝ ප‍්‍රසාරණය වීමක් හො මේ සළාවෙහි සිදු වන නිසයි. අයින්ස්ටයින් සිතන්නේ මේ බිම තුළ ඇවිද යන විට අයකුගේ සිරුරේ අණුක ව්‍යුහයේ විස්තාරණය වීමක් හෝ හැකිළීමක් හෝ සිදුවන බවයි.

මේ විද්‍යාඥයන් දෙදෙනාගේම පැහැදිලි කිරීම්වලින් මෙහි ඇති අබිරහස මුලූමනින් ම හෙළිදරවු වුණේ නැහැ. මේ සළාව තුළ සිටින අයකුට ඍජුව සිට ගැනීමට නොහැකි බව, හැම විට ම අංශක 7ක් උතුර දෙසට නැඹුරුව සිට ගැනීමට සිදු වීමට හේතුවවත්, කැමරාවල ආලෝක මානයන් මේ සාළාව තුළ දී වැඩි අඳුරක් පෙන්වීමට හේතුවවත් ඔවුන්ගේ න්‍යායික මතවලින් පැහැදිලි වුණේ නැහැ.

මෙය මේ මිහිමත ඇති වඩාත් අද්භූත තැනක්, ඒ වගේ ම තාමත් නොවිසඳුණු අබිරහසක් රැඳුණු තැනක් හැටියටයි සැලකෙන්නේ. පුලූවන්කමක් ලැබුණොත් ගිහින් බලන්න වටින තැනක්.

Comments

  1. aiye,oya liyana vidiyata gihin balannama hithenava. Jayaveva!

    ReplyDelete
  2. ඔතෙන්ට ගිහිල්ල තියෙන උසත් නැති වෙයිද දන්නෙ නැහැ. උඩු බෙලි අතට හිටියනම් ටික වෙලාවක් බඩ අඩුකරගන්න තිබුන. හිකිස්.

    ReplyDelete
  3. ගිහින් බලන්න ආසාවක් ඇතිවුනා!

    ReplyDelete
  4. පලවෙනි පාරට මේ තැන ගැන කියෙව්වේ!

    ReplyDelete
  5. ලංකාවෙ හරි ඉන්දියාවේ හරි ඔහොම එකක් තිබ්බ නම් දෙවිවරු කෝටියක්‌ අයිතිය කියාගෙන. රාම, රාවණ, වීභීෂණ, දැඩිමුන්ඩ අරයද මෙයාද කතා කෙල කෝටියයි.

    ReplyDelete
  6. මේ ගැන නම් අදමයි ඇහුවෙ. ටිකක් හොයල බැලුවා... පේන විධියට මග පෙන්වන්නා යන මිනිස්සුනුගෙ ඔළුව හෝදනව වගේ වැ‍ඩක් වෙනවා...

    ReplyDelete
  7. Niyama lipiyak.. dhigatama liyanna..

    ReplyDelete
  8. වටිනා තොරතුරු සොයා දුන්නට ස්තුතියි.

    ReplyDelete
  9. ඔරගොන් ගිහින් සතියකුත් හිටිය. පන්සලේ හාමුදුරුවොවත් මේ ගැන කිවුවේ නැහැනේ. ඊළඟ පාර ගියාම අනිවාර්යයෙන්ම බලන්න යන්න ඕන.

    ReplyDelete
  10. waaaaaaaw maa gana adae dana gathe.danuwath kalata thuthe...

    ReplyDelete
  11. මොකක් හරි අමුතු දෙයක් එතන තියෙනව වෙන්නත් පුළුවන්. නමුත් බොරුවක් කියලත් කියනව නේද?

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ලෝකයේ වටිනාම මුද්දරය වෙන්දේසියට! දැනට ඇත්තේ ලෝකෙටම එකයි!

මුද්දර එකතු කිරීම (Philately) විනෝදාංශයක් වගේම හොඳ ආදායම් මාර්ගයක්. පුංචි වුණාට තැපැල් මුද්දරයක් කියන්නේ රටක ඉතිහාසය කියාපාන කැඩපතක්. රටකින් රටකට හොඳ හිත පතුරුවමින් යන සංස්කෘතික තානාපතිවරයෙක්!

ඒ වගේ පැරණි තැපැල් මුද්දරයක් එහි මුහුණත සඳහන් වටිනාකමට හුඟක් වැඩිවෙන වෙලාවල් තියෙනවා. එහෙම වෙන්නේ ඒවායේ ඇති දුලබකම නිසයි.

ඒ වගේ 1873 දී ලිපිගොනු ගොඩක් අස්සේ තිබී හමුවුණු පාවිච්චි කළ ශත එකේ තැපැල් මුද්දරයක් පසුව වෙළෙඳ පොළේ දී සිලිං හයකට විකුණුණා. බි‍්‍රතාන්‍ය ගයානාව (British Guiana) විසින් නිකුත් කළ ශත එකේ දම්පාට තැපැල් මුද්දරය (1c Magenta stamp) දැන් යළිත් වෙන්දේසිය සඳහා වෙළෙඳපොළට ඇවිත්. අද, වසර 141කට පසු, එයට මුද්දර වෙන්දේසියේ දී ඇමරිකන් ඩොලර් මිලියන 20ක මුදලක් ලැබේවි යැයි විශ්වාස කරනවා.

මෑතදී ‘ලොව වඩාත් වටිනාම මුද්දරය’ ලෙස හඳුන්වනු ලැබූ මේ පැති අටේ හැඩැති තැපැල් මුද්දරය 2014 ජූනි මාසයේ 17 වැනිදා ඇමරිකාවේ නිව්යෝක්හිදී ප‍්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට නියමිතයි.

මෙය දැනට ලෝකයේ සුරක්ෂිතව ඉතිරි වී ඇති මේ වර්ගයේ එකම මුද්දරය ලෙස සැලකෙනවා. මෙය නිකුත් කරන ලද්දේ 1856දියි. බි‍්‍රතාන්‍ය ගයානාවේ තැපැල් මහතා…

MH370 මැලේසියානු ගුවන්යාන අබිරහස! ලෝකයේ අබිරහස් ලෙස අතුරුදන් වුණු ගුවන්යානා 10 මෙන්න!

පසුගිය සතියේ (මාර්තු 8 වැනිදා) අතුරුදන් වූ පිසැරි අංක එම්එච්370 මැලේසියානු මගී ගුවන්යානයට වූ දේ තවමත් අබිරහසක්. රටවල් 10 ගුවන්යානා, නැව්, චන්ද්‍රිකා රැසක් මේ අබිරහස විසඳන්න තවමත් වෙහෙසෙනවා.

ඒත් මෙය දැනටමත් නොවිසඳෙන අබිරහසක් පත් වෙන ලකුණු පහළ වෙලා!

ලොව පළමු සෙල් ෆෝනය මේකද? වසර 75ක් පැරණි පින්තූරයේ රහස හෙළි වෙයිද?

බලන්න මේ තරුණිය ජංගම දුරකතනයක් කනේ තියා ගෙන පාර දිගේ කතා කර කර යනවා! අද නම් මේ වගේ දසුනක් ගමක පාරක වුනත් ඔබ දැක ඇතුවාට සැකයක් නැහැ. ඒත් මේ දර්ශනය කැමරාවට නඟා ඇත්තේ මීට අවුරුදු 75කට පෙරයි!

1938 දී ඇමෙරිකාවේ වීදියක ගමන් කළ මේ යුවතියගේ අතට වර්තමානයේ අප පාවිච්චි කරනා තාලේ සෙල් ෆෝනයක් (ජංගම දුරකතනයක්) ආවෙ කොහොමද?

ඒ කාලයේ මේ වගේ දෙයක් නිපදවීම තියා මෙවැන්නක් ගැන හිතලවත් නොතිබුණා නම් මෙම දර්ශනය චිත‍්‍රපටයකට ගත් නිර්මාණයක්ද? සමහර අය කීවේ චිත‍්‍රපටය තුළින් අනාගතය දැකීමක් ලෙස මෙම දසුන සලකන්න පුළුවන් කියලයි. අනාගතය පරිකල්පනය කළ අවස්ථා චිත‍්‍රපටවල ඕනෑ තරම් තිබුණා. මේ වගේ

මේ රූප පෙළ මේ වන විට යූටියුබ් (YouTube) එක හරහා ලක්ෂ තුනකට වැඩි වාර ගණනක් සංසරණය වෙලා තියෙනවා. වර්ණ චිත‍්‍රපට එන්නට පෙරාතුව කළු සුදු ක‍්‍රමයට කැමරාවට නගන ලද මෙහි රහස පසුගිය දා හෙළි වුණා. මෙම තරුණිය තමාගේ මීමිත්තණිය යැයි යුටියුබ් ග‍්‍රාහකයෙක් හෙළි කළා.

අනාගතයට යාමක් ද? මෙහි දැක්වෙන්නේ ඇමරිකාවේ ඩුපොන්ට් ආයතනයෙන් පිට වී යන තරුණ සේවිකාවන් පිරිසක්. එයින් එක් තරුණියක් අතේ ඇති ජංගම දුරකතනයකින් කතා කරමින් යනවා ඔබට පෙනෙනවා ඇති. වසර 75කට ප…

නස්රුදින්ගේ වේළීමේ රහස! අලුත්ම නස්රුදින් කතාවක්!

නස්රුදින්ගේ පොහොසත් මිතුරෙක් ඔහුට කතා කළා, ඒ මිතුරාත් ඔහුගේ පිරිසත් එක්ක දින කීපයක් තිස්සේ දඩයමේ යන්න. මුල් ම දවසේ ඔවුන් නස්රුදින්ට දුන්නෙ බොහොම හෙමින් යන අස්සයෙක්. දඩයමට යන්න පටන් අරන් වැඩි වේලාවක් ගියේ නෑ, හෙමින් ගිය අස්සයා නිසා නස්රුදින් හුඟක් පහුවුණා. නස්රුදින්ව පහු කරලා දාලා අනෙක් පිරිස ඈතට දඩයමේ ගියා.

දියණිය උපන් මොහොතේ පියා ගත් පින්තූරය අන්තර් ජාලය කළඹයි! වෛද්‍යවරයාගේ අතේ එල්ලී එළියට ආ ළදැරිය මෙන්න!

ජීවිතයේ විස්මිත මොහොතවල් ඡායාරූපයට නැඟීම වාසනාවත් එක්ක සිදු වන දෙයක්. එහෙම වාසනාවක් ලද මාපිය යුවලක් තමන් ගත් ජීවිතයේ අමතක නොවන පින්තූරය ‘මුහුණු පොතේ’ පළ කළා. මොහොතකින් එය අන්තර්ජාලය පුරා ‘කුණාටුවක්’ මෙන් හඹා ගියා.

මෙලොව එළිය දකින්න මොහොතකට පෙර පුංචි නෙවායි මව් කුස හිඳිමින් තම උදව්වට ආ වෛද්‍යවරයාගේ ඇඟිල්ලේ එල්ලූන හැටි!

හොල්මන් පින්තූර කතන්දර පෙළක්! මේවා දැකල බය වෙන්න එපා!

රාති‍්‍ර කාලයට අඳුරේ දී ඔබව බියපත් කරන හැම රටකටම, හැම සමාජයකම තියෙනවා. ඇත්තටම හොල්මන් තියෙනවා කියල ඔප්පු කරන්න හොල්මන්වල පින්තූර ගන්න අයත් ඉන්නවා. මේ ඒ විදියට ගත්තු පින්තූර පෙළක්!


අවුරුදු ගානක් තිස්සෙ විවිධ අවස්ථාවලදි ගත්තු පින්තූර තමයි, මේ තියෙන්නේ. මෙහි ඉන්නවා, ඝාතනය කළ වහල් සේවකයන්, රෝහල්වල වධබන්ධනවලට ලක්ව මියගිය රෝගීන්, අතීතයට එක් වූ මුහුදු නැවියන් ආදී නොයෙක් අය. මොවුන්ගේ හොල්මන් කතා අහපු බොහොම දෙනෙක් බියට පත් වුණා. තාමත් අහන අයගේ ඇඟ හිරි වැටෙනවා.

මුල්ම ඇපල් 1 පරිගණකය ලෝක වාර්තාවක් තියයිද? ඇපල් සමාගමේ ආරම්භය හෙළිකරන මෙතෙක් පළ නොවූ ඡායාරූපයක්!

ඇපල් පරිගණකය පටන් ගත් හැටි දැන් දකින කොටත් පුදුම හිතෙනවා. ඒ මුල් ම ඇපල් පරිගණකය අළෙවි කරන්න ගෙනියන්න පෙර පෙට්ටිවල අසුරා ස්ටීව් ජොබ්ස්ගේ නිදන කාමරයේ තැන්පත් කර තිබූ ආකාරය දැක්වෙන ඡායාරූපයක් පසුගිය දා ප‍්‍රථමවරට හෙළිදරවු වුණා.

මේ ඡායාරූපයට නගා තියෙන්නේ 1976 දියි. එතකොට ස්ටීව් ජොබ්ස්ට (Steve Jobs) වයස 21යි. ඔහුගේ මිතුරු ස්ටීව් වොස්නියැක් (Steve Wozniak) සමග එක්ව ඔවුන් දෙදෙනා මේ මුල්ම ඇපල් පරිගණක තැනුවේ ස්ටීව් ජොබ්ස්ගේ මාපියන්ගේ ගෙදර ගරාජයකයි. ඔවුන් ඒ තැනූ මූල් පරිගණක 50 තැන්පත් කරල තිබුණු ආකාරය දැක්වෙන මේ විරල ඡායාරූපය නිකුත් කරනු ලැබුවේ ලබන නොවැම්බර් 16 වැනිදා වෙන්දේසියට තැබෙන දැනට හොඳම තත්වයේ ඇති පැරණි ම ඇපල් පරිගණකය එළි දැක්වීම වෙනුවෙන්.

මෙය දැනට ලෝකයේ ඇති වටිනාම සන්නම ලෙස සැලකෙන ඇපල් පරිගණකයේ ආරම්භක තත්වය තේරුම ගන්නත් හොඳ අවස්ථාවක්. මේ සන්නමෙහි අද වටිනාකම පවුම් බිලියන 60ක්.

ඇපල් පරිගණකයේ ආරම්භය දැක්වෙන මේ කිසිදා එළියට නො පැමිණි ඡායාරූපයක්. ඒ මුල් ම ඇපල් පරිගණකය අළෙවි කරන්න ගෙනියන්න පෙර 1976 දී පෙට්ටිවල අසුරා ස්ටීව් ජොබ්ස්ගේ නිදන කාමරයේ තැන්පත් කර තිබූ ආකාරය දැක්වෙන ඡායාරූපයක් පසුග…

දුර්ලභ ගණයේ සේයා රුවක්! නවසීලන්තයේ ධීවරයකුගේ නවතම ගොදුරක්!

මෙය ලියැවෙන්නේ කලාතුරකින් හමු වන ඡායාරූපයක් ඔබ වෙත ඉදිරිපත් කරන්නයි. අන්තර් ජාලය පුරා මේ වන විටත් වැඩි දෙනකුගේ අවධානය දිනා ගෙන තියෙනවා.

මේ ඡායාරූපයෙන් කියැවෙන්නේ මිනීමරු සුදු මෝරකුගේ ඉරණම දැක්වෙන කතාවක්. පසුගිය සතියෙදි නවසීලන්තයේ මුහුදේදි ගත්තු එකක්.

මහා භූමිකම්පාවකින් පසු පාකිස්ථාන මුහුදෙන් මතු වූ ලෝකයේ අලූත් ම දූපත!

පසුගියදා පාකිස්ථානයේ ප‍්‍රබල භූමිකම්පාවක් ඇති වුණා. 7.8ක් වූ ඒ භූමිකම්පාවෙන් බලූකිස්ථානය අසල මුහුදේ අලූත් දූපතක් මතු වුණා. ලෝකයේ අලූත් ම දූපත එයයි.

සල්සාලා කෝහ් (Zalzala Koh) යනුවෙන් ඒ දූපත නම් කරලා තියෙනවා. දාල්බන්දින්වලට සැතැපම් 145ක් ගිනිකොන දෙසින් හටගත් මේ භූම්කම්පාව නිසා දැන් එය බලන්න සංචාරකයන් වගේම පාකිස්ථාන වැසියන් වැල නොකැඩි එනවා. ඒ දූපතටත් ගොඩ වෙනවා. ගිනිගන්නාසුලූ වායුව, විස දුම් ආදිය ඇති බව අනතුරු හැෙඟව්වත් ඒවා ගනන් නොගෙනයි, ඔවුන් එහි එන්නෙ.

ඒ දූපතේ පිපිරුණු මඩ, වැලි, ගල් මුසු බිම මත මුහුදු සතුන්ගේ මළ සිරුරු, විශේෂයෙන් ම මාළුන් මළකුණු පිරිලා තියෙනවා.

මෙන්න ලෝකයේ අලූත් ම දූපත අහසට පෙනෙන හැටි. මේ මඩ කන්ද මීටර් 15ක් 20ක් විතර උස ඇති. මිනිසුන්ට ඒ මත ඇවිද ගෙන යා හැකි තරමට එහි බිම ඝනකම් කියලයි, කියන්නෙ.

MH370 මැලේසියානු ගුවන්යාන අබිරහස : නියමුවාම යානය බලෙන් ගෙන ගියාද?

2014 මාර්තු 16 වැනිදා

අනතුරට පත් යානයේ නියමුවා වූ සහාරි අහමඞ් ෂා දේශපාලන උමතුවකින් පෙළෙන්නකු ලෙස දැන් සැක කරනවා. එම්එච්370 යානය නියමුවා ලෙස සේවයට වාර්තා කරන්නට පෙර ඔහු මැලේසියාවේ විරුද්ධ පක්ෂ නායකයා වූ අන්වර් ඒබ‍්‍රහම්ට එරෙහිව පැවති නඩු විභාගයට බලන්නට ගිය බවක් ෆෙඩරල් පරීක්ෂක නිලධාරින් කියනවා.