HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මරු කටෙන් බිහි වූ චිත‍්‍රපට අධ්‍යක්ෂවරයා - ජෝන් වූ John Woo : දුක දිනා ජයගත් හපන්නු

ලෝක ප‍්‍රකට චිත‍්‍රපට අධ්‍යක්ෂ ජෝන් වූ John Woo වයස අවුරුදු තුනේ දී ආසාදනයකින් මරණාසන්න තත්වයට පත්ව සිටියා. වෛද්‍යවරයා ඔහුගේ පියාට කීවේ මේ දරුවා පිළිබඳ අදහස අත්හැර වෙනත් දරුවකු ගැන හිතන්න, ඔහු ජීවත් කරවීම අපහසුයි කියායි. ඒත් ඔහුගේ පියා එහෙම කළේ නෑ. ඒ වෙනුවට ඔහු කළේ ඔහු සතු සියලූ ධනය වියදම් කර බටහිරින් පුහුණුව ලත් වෙනත් විශේෂඥ වෛද්‍යවරයකු ලවා සිය එකම පුතාට ප‍්‍රතිකාර කිරීමයි. මේ නිසාම ඒ පවුල අන්ත දිළිඳු තත්වයට වැටුණා.


”මගේ පියා ගුරුවරයෙක්. එදා එයා මා දිහා බලලා කීවේ, ‘මං මගේ මුළු සේසතම වියදම් කරල මගේ දරුව ව කොහොම හරි බේරා ගන්නවා. මං එයාට ආදරෙයි. එයා දක්ෂ දරුවෙක් වේවි’ කියලයි.” ජෝන් වූ සිය අතීතය ගැනත් පියා ගැනත් සිහිපත් කරමින් කීවා.

හොංකොං චිත‍්‍රපට අධ්‍යක්ෂවරයකු වූ ජෝන් වූ කි‍්‍රයාදාම චිත‍්‍රපට නිසා අද බටහිර ලෝකයේ නමක් දිනා ගත් අයෙක්. ඒත් දකුණු චීනයේ ජීවත් වූ ඔවුන්ට චීනයේ කොමියුනිස්ට් විප්ලවය නිසා එරටින් දිවි ගලවා ගෙන හොංකොං දූපතට පැන එන්නට සිදු වුණා. ඉතා දිළිඳු තත්වයකින් හොංකොං නගරයේ පෙට්ටිගෙයක ජීවත් වූ ඔවුන්ට ඒ කාලේ නගරයේ ඇති වූ මහා ගින්නකින් ඒ ලෑලි නිවසත් අහිමි වුණා. ඊට පස්සේ අතේ සතේ නැතිව අවුරුද්දක් විතර ඔවුන් ජීවත්වූයේ හොංකොං නුවර වීදීවලයි. ඒ අතර පියාට වැළඳුණු ක්ෂය රෝගය නිසා ඔහු දහ අවුරුද්දක් ම දුක් වින්දා. පියාට රස්සාවක් කළ නොහැකි නිසා පවුල නඩත්තු කිරීමට මව ගොඩනැගිලි ඉදිකිරීම්වල අත් උදව්කාරියක් ලෙස සේවයට ගියා. 

ඔහු රීඩර්ස් ඩයිජෙස්ට් සඟරාවට ඔහු අතීතය ගැන කීවේ මෙහෙමයි: ”මං හුඟක් ඛේදජනක දේට මුහුණ දුන්නා. ප‍්‍රචණ්ඩත්වය අත්වින්දා. ඒවායින් ගැලවී දිවි රැක ගන්න ලැබීම වාසනවක්. මං මගේ පියාටයි, මවටයි, මගේ ජීවිතය බේරාදුන් තරුණ දොස්තර මහත්තයටයි, හුඟාක් ණයගැතියි. මං චිත‍්‍රපට හදන්න කැමති එකම හේතුව හැම කෙනකුටම චිත‍්‍රපට තුළින් වීරයකු වීමට හැකි වීමයි. චීන අපේ පවුල් බැඳීම හරි විශාලයි. ඒ පවුලේ ගෞරවය, හිතවත් බව, අභිමානය ඒ හැම එකක්ම මගේ චිත‍්‍රපටවලට එක් කරල තියෙනවා”
හොංකොංවල චිත‍්‍රපට අධ්‍යක්ෂවරයකු ලෙස නමක් දිනාගත් ජෝන් වූ පසුව හොංකොං දූපත බි‍්‍රතාන්‍ය පාලනයෙන් චීනයට බාර දුන් පසු ඇමරිකාවේ හොලිවුඞ් පුරයේ පදිංචියට ගියා. හොලිවුඞ් පුරයේ වඩාත් සාර්ථක ආසියානු අධ්‍යක්ෂවරයා ලෙස ඔහු හැඳින්වෙනවා. 2010 දී වැනීස් අන්තර්ජාතික චිත‍්‍රපට උළෙලේ දී ජීවිත කාලය පුරා කළ නිර්මාණ දායකත්වය උදෙසා පිරිනැමෙන රන් සිංහ Golden Lion  සම්මානයෙන් පුදනු ලැබුවා. දැන් 65 හැවිරිදි ජෝන් වූ තවමත් චිත‍්‍රපට තනනවා.


ලොවපුරා ජනපි‍්‍රය වූ ඔහුගේ චිත‍්‍රපට අතර මිෂන් ඉම්පොසිබ්ල් Mission Impossible, රෙඞ් ක්ලිෆ් Red Cliff, ෆේස්/ ඕෆ් Face/Off, හාඞ් ටාගට් Hard Target, බ්රෝකන් ඇරෝ Broken Arrow, ද කිලර් The Killer, බෙටර් ටුමරෝ Better Tomorrow ආදිය ද වෙනවා. (ඔහු පිළිබඳ තවත් විස්තර සඳහා විකිපීඩියාIMDB බලන්න.)

Post a Comment

2 Comments

  1. John Woo ගෙ Red Cliff 1 සහ 2 අනිවාර්‍යෙන්ම බැලිය යුතු චිත්‍රපට දෙකක්. ආදී චීනයේ මාශල් ආට් හදාරපු මිනිස්සුන්ගෙ තිබුණු යුධමය හැකියාව විතරක් නෙවෙයි. සංයමය කරුණාව දයාව සොබාදහමට තිබුණු සබැඳියාව හරිම ලස්සනට පෙන්වන චිත්‍රපට මාලාවක්.

    ඒ වගේමයි Face Off. Jogh Travolta ව අතිශය දක්ශ රංගනයකට මෙහෙයවන්න Woo එහිදී සමත් වෙනවා. නමුත් එක කුඩා ළමුන්ට කොතරම් සුදුසුද කියන්න මම දන්නෙ නෑ.

    මේ වගේ හරිම ලස්සන චිත්‍රපට දායාද කරපු Woo මරණාසන්නව බේරුන එක ගැන ඔහුගේ රසිකයෙක් විදිහට මම නං ඉතාම සතුටු වෙනවා.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete