HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ලොව ලොකුම සර්පයා කොලොම්බියාවෙන් : විස්මිත සොයා ගැනීම්


එදාත් වෙනදා වගේම කොලොම්බියාවේ සෙරෙජෝන් ගල් අඟුරු පතල් සේවකයින් සුපුරුදු පරිදි ඔවුන්ගේ වැඩ කටයුතු ආරම්භ කළා. යන්ත‍්‍ර යොදාගෙන පස් ඉවත් කරමින් කැණීම් ආරම්භ කළා. ඒත් හිටිහැටියේ ම පොළොවෙන් යමක් මතු වීම නිසා කැණීම් කටයුතු එක්වරම නතර කෙරුණා. පතල් සේවකයින්ට හමුවී තිබුණේ යෝධ ඇට කැබලි වගයක්.

පුරාවිද්‍යාඥයින් කණ්ඩායමක් වහාම සෙරෙජෝන් ගල් අඟුරු පතලට කැඳවණු ලැබුවා. ඉන්පසු ඔවුන්ගේ අධීක්ෂණය යටතේ පරිස්සමෙන් පස් ඉවත් කිරීම සිදු වුණා. ඒ විද්‍යාඥ කණ්ඩායමට දකින්න ලැබුණේ සද්දන්ත සර්පයකුට අයත් අස්ථි වගයක්. ඒ විතරක් නෙවෙයි, මේ සද්දන්තයාගේ අස්ථි සමඟින් උගේ ගොදුරු බවට පත්වූ සතුන්ගේ අස්ථි කැබලි ද දකින්න ලැබුණා. මේ දැවැන්තයාගේ ගොදුරු බවට පත්වී තිබුණේ කිඹුලන් හා ඉදිඹුවන්ය.

විද්‍යාඥයින් පවසන්නේ මේ යෝධ සර්පයා බස්රථයක් තරම් විශාල බවයි. මේ සතා දැවැන්ත පිඹුරෙකුට සමානය. වසර මිලියන 60 පමණ පෙර, ඈත අතීතයේ දී සෙරෙජෝන් ගල් අඟුරු පතල පිහිටා ඇති ප‍්‍රදේශය සාරවත් වගුරු බිමක් ලෙස පැවැතුණු බවයි පුරා විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ. විද්‍යාඥයින්ට හමුවූ මේ සද්දන්තයාගේ ඇටසැකිල්ලට අනුව මේ සර්පයා රාත්තල් 1,600 ක් එනම් කිලෝ ග‍්‍රෑම් 730ක් පමණ බරින් යුක්තය. නාසයේ සිට වල්ගය කෙළවරට දිග මීටර් 13 කි. (අඩි 42.7 ක්) මේ වර්ගයේ සර්පයකු මීටර් 10.64ත් 15ත් අතර ප‍්‍රමාණයකට දික් විය හැකියැයි සර්ප විශේෂඥයන් විසින් ඇස්තමේන්තු කර තියෙනවා. සෙරෙජෝන් ගල් අඟුරු පතලෙන් හමුවූ නිසා මේ සර්පයා නම් කර තිබෙන්නේ ‘ටයිටනොබවුව සෙරෙජෝනෙන්සිස්’ යනුවෙනි.


”යෝධ සර්පයින් ගැන අප කවුරුත් විශේෂ උනන්දුවක් දක්වනවා. ඒ නිසයි යෝධ සර්පයින් යොදා හොලිවුඞ් චිත‍්‍රපට බිහිවෙන්නේ. ඒත් මේ සතා හැබෑවක්. හොලිවුඞ් මායාවක් එහෙම නොවේ. ඇනකොන්ඩා චිත‍්‍රපටයේ ජෙනිෆර් ලෝපෙස් පසුපස හඹා යන යෝධ ඇනකොන්ඩාටත් වඩා මේ සර්පයා විශාලයි.” සර්පයාගේ අස්ථි පරීක්ෂා කිරීමට පැමිණි ඇමෙරිකාවේ ෆ්ලොරීඩා සරසවියේ පුරාවිද්‍යාඥ ජොනතන් බ්ලොක් පවසයි.
වසර ගණනක් තිස්සේ සර්ප විශේෂඥයින් වාද විවාද පැවැත්වූවා, සර්පයකුට කෙතරම් විශාලව වැඩෙන්නට හැකි ද කියා. සර්ප විශේෂඥයින් අතරින් ප‍්‍රමුඛයෙක් ලෙස සැලකෙන ඇමෙරිකාවේ නිව්යෝක් නුවර කොනෙල් විශ්ව විද්‍යාලයේ සර්ප විශේෂඥ හැරී ගී‍්‍රන් තීන්දු කර ඇත්තේ සර්පයෙකුගේ උපරිම දිග අඩි 40 ක් (මීටර් 12.3ක්) පමණ විය හැකිය කියායි. ඒත් මේ අලූත් සොයා ගැනීමත් සමඟ එම න්‍යායත් වෙනස් වී තිබෙනවා.

Post a Comment

5 Comments

  1. බුදු හාමුදුරුවන්ගේ කාලෙත් ලොකු සර්පයෝ හිටියා. "ආනන්ද, සර්පයා දුටුවාද?" කියල ඇහුවේ නිකමට නොවේ!

    ReplyDelete
  2. මෑතකදී දිග මීටර 16ක (55 feet)පිඹුරෙක් හොයාගන තව එකෙක් පැනල ගිහින්.

    http://www.captivebredreptileforums.co.uk/snakes-general/29992-55-foot-chinese-snake.html

    ReplyDelete
  3. :O හිතා ගන්නත් අමාරුයි මේතරම් ලොකු සර්පයෙක් :O :D

    ReplyDelete
  4. දැන් නම් වඳවෙලා ගිහිං ඈති මේ වගේ සත්තු. දැන් ඉතිං මයික්‍රෝ යුගයනේ...

    ReplyDelete