HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

පෘථිවියේ අවසානය සිදු වන හැටි විද්‍යාඥයෝ දකිති, තවත් වසර බිලියන පහකට පසු සිදුවන්නක් : අලුත් සොයා ගැනීම්

ලෝකාවසානය ගැන නොයෙක් කතා පසුගිය කාලය තිස්සේ අපි ඇහුවා. ඔබත් අහන්න ඇති. පැරණි පොතපත අවුස්සමින් ලියූ පොතපතින්, අනාවැකි කියන්නන්ගේ ප‍්‍රවාදවලින්, ආගමික හෙළදරව්වලින්, පැරණි අභිලේඛන ඇසුරෙන් තමයි, මේ කතා අපට අහන්නට ලැබුණේ. ඉපැරණි මායා කැලැන්ඩරය 2012 වසරෙන් පසු ඉදිරියට ගණනය කරල නැති නිසා එළඹෙන වසරේ ලෝකාවසානය සිදු වන්නේ යැයි කියන අයත් ඉන්නවා. ඒත් දැන් නාසා ආයතනයේ අලූත් ම දත්ත පදනම් කර ගෙන තවත් වසර බිලියන ගණනකින් සිදු වන පෘථිවියෙහි අවසානය කෙබඳු වේදැයි අනුමාන කළ හැකි අත්දැකීමක් ලැබ ගන්නට දැන් තාරකා විද්‍යාඥයන්ට හැකිවී තිබේ. ඒ ප‍්‍රසාරණය වෙමින් මිය යන තරුවක ගිනි දැල්ලට හසුවෙමින් ඇති තවමත් අවසාන වශයෙන් ගිල නොගත් ග‍්‍රහයන් දෙදෙනකු දැක ගැනීමට ලැබීමයි.

ප‍්‍රංශයේ ටොලූස් හා කැනඩාවේ මොන්ටි‍්‍රයෙල් විශ්ව විද්‍යාලවල තාරකා විද්‍යාඥයන් බ‍්‍රහස්පතී තරම් වූ මේ ග‍්‍රහයන් දෙදෙනා සොයා ගෙන ඇත්තේ වැඩි හරියක් පිළිස්සී තිබියදීයි.

එම ග‍්‍රහයන්ගේ මව් තරුව කළාක් මෙන් අපේ සූර්යයාද තවත් වසර බිලියන පහක් ගිය තැන යෝධ රතු ග‍්‍රහයකු බවට පත් වෙමින් පෘථිවිය සහමුලින් ම වාෂ්ප කර හරිනු ඇති.

නේචර් සඟරාවේ පළ වී ඇත්තේ අලූතින් සොයා ගත් ග‍්‍රහයන් දෙදෙනා වාෂ්ප නොවී ඉතිරි වී ඇත්තේ ඒවායේ ඇති විශාලත්වය නිසයි.

කේ ඕඅයි 55.01 හා කේ ඕඅයි 55.02 යනුවෙන් නම් කොට ඇති ඒ ග‍්‍රහයන් දෙදෙනා, මේ වන විට රතු යෝධයකුගේ තත්වය පසු කර ඇති, ඔවුන්ගේ මවු තරුවට වඩාත් ආසන්නව පිහිටා තිබීම නිසා ඒවායේ බාහිර ස්තරයන් සියල්ල විනාශ වී තවමත් ඉතිරිව ඇත්තේ දැඩි ඝනත්වයෙන් යුත් මැද කොටස් පමණයි. මෙය උපකුරුමිටි බී ගණයේ තරුවකි. එය පිහිටා ඇත්තේ අපෙන් අලෝක වර්ෂ 4000ක් ඈතිනුයි. ඇමරිකාවේ නාසා ආයතනය විසින් ඈත උඩුගුවනේ රඳවා ඇති අභ්‍යවකාශයේ දුරේක්ෂයෙන් ලත් දත්ත අධ්‍යයනය කරමින් සිටියදී හදිසියේ ම මෙම ග‍්‍රහයන් පිළිබඳ දත්ත හමුවී තිබෙනවා.

ඔවුන් පරීක්ෂාවට ලක් කරමින් සිටියේ කම්පනය වෙමින් ඇති තරුවලින් නිකුත් කෙරෙන ආලෝක කිරණ පිළිබඳ දත්තයන්. ඒ තරුවල ඇති පීඩනය හා ගුරුත්වාකර්ෂණ බලය හේතු කොට ගෙන සිදු වන රිද්මයානුකූල ප‍්‍රසාරණයන් හා හැකිළීම් නිසා ඒවායින් නිකුත් ආලෝක කිරණවල ඇති වන වෙනස්කම් වලින් ඒවායේ සිදු වන දේ මෙහි සිට නිගමනය කළ හැකියි.

උප වාමන බී තරුවක් වූ කේඅයිසී 05807616 තරුවෙන් ලැබෙන ආලෝක සංඥාවල ඇති සුළු වෙනස්කම් blips දෙකකින් ඒ ඉදිරියෙන් කක්ෂයක ග‍්‍රහයන් දෙදෙනකු ගමන් කරන බව නිගමනය කළ හැකි වුණා.
මෙම නිරීක්ෂණයට එක්වූ අමෙරිකාවේ ඇරිසෝනා විශ්ව විද්‍යාලයේ ස්ටුවර්ඞ් අභ්‍යවකාශ නිරීක්ෂණාගාරයේ ආචාර්ය එලිසැබත් ගී‍්‍රන් කියන්නේ ‘අපේ සූර්යයත් මේ විදියට රතු යෝධයකු බවට පත් වන විට අපේ පෘථිවියත් මේ ආකාරයෙන් ම ගිල ගනීවි.’

‘අපේ පොළොව වගේ කුඩා ග‍්‍රහයෙක් ඒ වගේ පරිසරයක වසර බිලියනයක් පමණ ගත කළා නම් නිකම් ම වාෂ්ප වෙලා යනවා. පොළොවට වඩා ඉතා විශාල ස්කන්ධයක් ඇති බ‍්‍රහස්පතී හෝ සෙනසුරු වැනි ග‍්‍රහයකු නම් ඊට වඩා ටිකක් කලක් රැකේවි.’

‘මේ අවස්ථාවට ළංවන විට තරුවට වඩාත් සමීපව පිහිටන ග‍්‍රහයන් තරුව මගින් නිශ්චිත කක්ෂයක තිබියදී තදින් ග‍්‍රහණය කර ගන්නවා. එවිට ග‍්‍රහයාගේ එක පැත්තක් පමණක් හැම විට ම තරුව දිහාට හැරී තිබෙනවා. හරියට හැම විට ම සඳේ එක පැත්තක් විතරක් අපට පේනවා වාගේ. අපේ සූර්යයට ආසන්න බුද ග‍්‍රහයගේ හිරු දෙසට හැරුණු පැත්තේ තාපය කෙතරම් ද යත් ඊයම් පවා නිකම් ම උණුවෙනවා. ඒ අනුව ඔබට තේරුම් ගත හැකිවේවි, අපේ සූර්යය මෙන් පස් ගුණයකින් වැඩි තාපයක් ඇති ඒ තරුවට අයත් ඒ කුඩා ග‍්‍රහයන් දෙදෙනා එතරම් ළංවී තිබියදී කෙතරම් තාපයකට මුහුණ දෙනවාද කියා.’

‘තරුවක් විසින් ග‍්‍රහයක කක්ෂය ග‍්‍රහණය කර ගත් පසු ඒ තරුව රතු යෝධයකු වීමට ප‍්‍රසාරණය වෙද්දී ඒ තරුව විසින් ඒ ග‍්‍රහය ගිල ගැනීම සිදු වෙනවා.’

ආචාර්ය ගී‍්‍රන් කියන්නේ ග‍්‍රහයකු අවට ඇති වායුමය ආවරණය තරුව දෙසට ඇදගත් විට එයින් තරුවේ විනාශය වේගවත් වන බවයි. ‘තරුවක් ග‍්‍රහයකු ගිල ගත්තාට පස්සෙ එහි ඇති වායුමය හා ද්‍රවමය ස්තර තරුව තුළ ඇති තාප ගෝලය විසින් උකහා ගන්නවා. අන්තිමේ දී ශේෂ වන්නේ අඟුරු වී යන ඝන කොටස් විතරයි.’
තවත් පෘථිවියට සමාන ග‍්‍රහ ලෝක දෙකක් හමුවේ.

මේ අතර නාසා විද්‍යාඥයන් තවත් අලූත් සොයා ගැනීමක් කළ බව දෙසැම්බර් 22 දා නිවේදනය කළා. ඒ අපේ පොළොවට බොහෝ සේ සමාන ග‍්‍රහයෙක් සෞරග‍්‍රහ මණ්ඩලයට පිටතින් සොයා ගත් බවයි. කෙප්ලර් 20එෆ් ග‍්‍රහ ලෝකය අපේ පෘථිවිය මෙන් 0.03 ගුණයක් පමණ වන බවත් එහි ජල වාෂ්ප සහිත වායුගෝලයක් ඇති බවත් ඔවුන් විසින් නිගමනය කරල තියෙනවා. එය පොළොවට වඩා උෂ්ණත්වයෙන් වැඩි ග‍්‍රහයකු නිසා ජීවයට වැඩිය හැකි මතුපිට දියර ජලය ඇති පරිසරයක් තිබිය නොහැකියැයි ඔවුන් සිතනවා. ඒ ග‍්‍රහ මණ්ඩලයට ම අයත් අපේ පොළොවට ටිකක් කුඩා තවත් තාපාධික ග‍්‍රහයකුත් සොයා ගෙන තියෙනවා. ඒ ග‍්‍රහ මණ්ඩලය පිහිටා ඇත්තේ මෙහි සිට අලෝක වර්ෂ 945ක් ඈතිනි.


මිය යන තරුවක් වටා කක්ෂවල බ‍්‍රහස්පතී තරම් වූ ග‍්‍රහයන් දෙදෙනෙක් ගමන් කරන අයුරු සිත්තරකු දකින හැටි.


කෙප්ලර් දුරේක්ෂය - නාසා ආයතනයේ කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්ෂය විශේෂයෙන් සැලසුම් කර ඇත්තේ තරුවලින් නිකුත් වන ආලෝක කිරණවල ඇති වන අති සියුම් වෙනස්කම් හඳුනාගත හැකි ආකාරයටයි. එහි ඇති ඩිජිටල් කැමරා සංවේදක පෙළක් මගින් දුර ඇති තරු හරහා යන ග‍්‍රහයන් නිසා ඒවා මතුපිට ඇති වන ඉතා සුළු වෙනස්කම් හසු කර ගත හැකියි.

Read more from Daily Mail

Post a Comment

0 Comments