HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

පිරමීඩ පරයන මහා අබිරහස: ‘පූමාපුංකු’ Pumapunku : පුරාණ පිටසක්වළ ජීවීන්ගේ කතාව

මෙය පුරාණ පිටසක්වළ ජීවීන්ගේ කතා  මාලාවේ තවත් කොටසක් වේ. පුරාණයේ පිටසක්වළ ජීවීන් පෘථිවියට ඇවිත් මානව ඉතිහාසයේ වෙනසක් ඇති කළ බව සැක කලහැකි සාක්ෂි , කෞතුක වස්තු, ලෙන් චිත‍්‍ර, කැටයම්, මූර්ති හා අබිරහස් සිතියමක් ගැන අප කලින් ඉදිරිපත් කලෙමු.  අප නැවතත් කියනුයේ, අප මෙම ඉදිරිපත් කරන තොරතුරු ලොක ඉතිහාසයේ අබිරහස් ලෙස පවතින එවාය. මෙමගින් පිටසක්වළ ජීවීන් සිටිනවා කියා කිසිසේත් නිගමනය නොකරමු. ළමා හා වැඩිහිටි මනසට විශ්මිත තොරතුරු පිලිබදව විවෘත මනසකින් බැලීමට පෙලබවීම අපගේ අරමුණ වේ.

පිරමීඩ හදන්න අපට කියා දුන්නේ පිටසක්වලින් පැමිණි අමුත්තෝද? ලිපියට විවිධ අදහස් රාශියක් ලැබුණි. පිරමීඩවලටත් වඩා පුදුම හිතෙන දෙයක් තියෙනවා. ඒක පිරමීඩවලට වඩා අමුතුම විධියේ අබිරහසක්. මේ අබිරහස තිබෙන්නේ බොලීවියාවේ. ඒක තමයි පූමාපුංකු. අද අපි සූදානම් වන්නේ පූමාපුංකු ගැන විස්තර කියන්නයි.


පිරමීඩ පරයන මහා අබිරහස: ‘පූමාපුංකු’ 
පූමාපුංකු, සංචාරකයන්ගේ වැඩි අවධානයක් දිනා ගන්නා තැනක් නොවේ. ඒත් මේ නගරයේ ඇති ගල් පිළිම පිටසක්වළ ජීවීන් ගැන විශ්වාස කරන විද්‍යාඥයන්ගේ අවධානයට ලක් වී තිබෙනවා. අපට අසන්න ලැබෙන පුරාණයේ පිටසක්වළ ජීවීන් මෙහෙ පැමිණි බවට ඇති ප‍්‍රහෙලිකාවේ ඉතා වැදගත්ම කොටස හැටියට බොලීවියා කඳුකරයේ පිහිටි පූමාපුංකු නටඹුන් ලෙස සැලකෙනවා. වාස්තු විද්‍යාවේ බල මහිමය පෙන්වන හාස්කමක් ලෙස සැලකෙන ගීසාහි පිරමීඩ පවා පූමාපුංකු නටඹුන් හමුවේ පුංචි ළමයකු තැනූ සෙල්ලම් ගෙයක් හා සමාන වෙනවා. ලොව පුරා දකින්න ලැබෙන අනෙක් අබිරහස් පරයන්න පූමාපුංකු සමත් වෙනවා. සැකයක් නැහැ. පූමාපුංකු නගරයේ ඉදිකිරීම් සිදුවුණේ කොහොමදැයි කියන්න මොනම විධියකින්වත් හැකියාවක් ඇත්තේ නැහැ. පූමාපුංකු නගරයේ අති දැවැන්ත නිර්මාණ සියල්ල කිසියම් මහා බලවේගයකින් කැබැලි කර දමලයි තිබෙන්නේ. පූමාපුංකු නගරයේ දකින්න ලැබෙන ගල් කුට්ටි ඉතා නිවැරදිව හා ඉතා සූක්ෂමව කපා වෙන් කරන ලද ඒවා. ඒවා ඉතාම නිවැරදි ආකාරයෙන් එකිනෙක හා සම්බන්ධ වෙනවා. හරියට පුංචි ඔයාලා සෙල්ලම් කරන්න ගන්නා කැබැලි එකතු කරන ප‍්‍රහේලිකාවක් හා සමානයි. මේ නගරයට කිට්ටුම ගල්වල ඇත්තේ සැතපුම් 7,000 ක් දුරිනුයි. මෙහි ඇති මේ අති දැවැන්ත ගල් කණු, ගල් කුට්ටි කොහොමද සැතපුම් ගණනක් දුර ඇති මේ නගරයට රැගෙන ආවේ? පූමාපුංකු පළමු අබිරහස තමයි, ඒ. පූමාපුංකු නගරය පිහිටන්නේ මුහුදු මට්ටමෙන් අඩි 4,000 ක් උසකිනුයි. නගරය අසල කොහේවත් ගස් ඇත්තේ නැහැ. ගල් කුට්ටි ගස් කඳන් මත තබාගෙන තල්ලූ කරගෙන ඒමට ඒ නිසා හැකියාවක් ලැබෙන්නේ නැහැ. අවට දකින්න ලැබෙන්නේ පඳුරු හා තණ කොළ විතරයි. පූමාපුංකු නගරය මොකක්ද? හැදුවේ කොහොමද? ආදී ප‍්‍රශ්න ගණනාවකට පිළිතුරු අපට සිතා ගන්නවත් බැහැ.


අයිමාරා ඉන්දියානුවන්
පුරාවිද්‍යාඥයන් කියන්නේ පූමාපුංකු නගරයේ අද නටබුන්ව ඇති නිර්මාණය කළේ ‘අයිමාරා’ කියන ඉන්දියානු ගෝති‍්‍රකයන් කියලයි. ඒත් මේ වගේ අපූරු මහා පරිමාණයේ නිර්මාණ කරන්න නම් සැලසුම් සකස් කරන්න ඕනෑ. සැලැසුම් අඳින්න ඕනෑ. එහෙම නැතිව මේ වාගේ දෙයක් කරන්න බැහැ. පාෂාණ කුට්ටි එකිනෙක සම්බන්ධ කළ යුතු වන්නේ කොහොමදැයි මූලික සූදානමක් ඇතිවයි, මේ වගේ නිර්මාණයක් කළ හැකි වෙන්නේ. ඒත් ලොව ප‍්‍රධාන පෙළේ පුරාවිද්‍යාඥයන් හැමෝම වගේ අවිවාදයෙන් යුතුව පිළිගන්න කාරණාවක් තමයි, අයිමාරා ඉන්දියානුවන්ට ලේඛන කලාවක් තිබුණේ නැහැ යන්න. එහෙම නම් සැලසුම් නොමැතිව මේ නිර්මාණ හැදුවේ කොහොමද? පුරාණ පිටසක්වළ අමුත්තන් ගැන විශ්වාස කරන කවුරු කවුරුත් පූමාපුංකු සහ ටියවනාකා නටබුන් වෙත වැඩි අවධානයක් යොමු කරන්නේ ඒවායේ ඇති ගුප්ත බව නිසාම නොවේ. ඒ අති දැවැන්ත ගල් කුට්ටි පවා ඔවුන්ව පුදුම කරවනවා. කළු ගල් කුට්ටි කපා සකස් කරන්න කිසියම් ආකාරයක යන්ත‍්‍ර සූත‍්‍ර භාවිතා කර තිබෙන බව බැලූ බැල්මට පෙනෙනවා. මේ එක් ගල් කුට්ටියක් ටොන් 800 ක් පමණ බරයි. සමහර ගල් කුට්ටි ඔප දමා තිබෙනවා. ඒවා ඉතා සියුම්ව කපා වෙන් කරගෙන තිබෙන බව හොඳින් පෙනෙනවා. අයිමාරා ඉන්දියානුයන්ට ගල් යුගයේ ආයුද, ඒ කියන්නේ ගල් කටු හා මිටි භාවිතා කරමින් මෙවැනි නිර්මාණයක් කරන්න අපහසුයි. මේ ගල් කුට්ටිවල කපා ඇති රේඛා පිහිටන්නේ තනි කෙළින්. කිසිදු පළුද්දක් ඇත්තේ ම නැහැ. එක් කෙළවරක සිට අනෙක් කෙළවර දක්වා ඒ රේඛාවල ගැඹුර එක සමානයි. ඒක හරියට අති දක්ෂ නිර්මාණකරුවන් පමණක් තෝරා ගෙන සිදු කළ නිර්මාණයක් හා සමානයි. ඒ නිසා අප පුදුමයට පත් වෙනවා, මේ වගේ නිර්මාණයක් කළේ කොහොමද කියලා.


පූමාපුංකු හැදුවේ කොහොමද?
පූමාපුංකු නගරය නිර්මාණය කිරීමට යොදා ගෙන තිබෙන්නේ පිරමීඩවලට යොදා ගත් ආකාරයේ හුණු ගල් නොවේ. මේවා ග‍්‍රැනයිට් හා ඩයරයිට් පාෂාණයි. ඩයරයිට් පාෂාණවලට වඩා ශක්තිමත් අනෙක් දේ තමයි දියමන්ති. ඒ නිසා මේ පාෂාණ මේ විධියට කපා සකස් කරන්න නම් යොදා ගත් ආයුද දියමන්තිවලින් සකස් කර තිබිය යුතු වෙනවා. වර්තමාන ඉදිකිරීම් කරුවන් පවා පවසා තිබෙනවා, අද ඇති නවීන තාක්ෂණික උපකරණ යොදා ගෙන බවා පූමාපුංකු නටබුන් නැවත නිර්මාණය කිරීමට නොහැකි බව. පූමාපුංකු නිර්මාණය කළේ බොහොම ප‍්‍රාථමීක මට්ටමේ ගල් යුගයේ මිනිසුන්. ඒත් ඔවුන් කළ නිර්මාණ අති විශිෂ්ඨයි. අද අපට එවැනි දෙයක් කරන්න හැකියාවක් නැහැ. කරන්න පුළුවන් ඒත් හරිම අමාරුයි. අපේ පැරැන්නෝ ඇත්තටම හරිම අපූරු, අමුතු දේවල් දැක්කා. අමුතු සිදුවීම් අත්වින්ඳා. ඒත් ඔවුන්ට අත්විඳින්න සිදුවුණේ මොනවාදැයි දැනගන්න අපට හැකියාවක් නැහැ. ඒ සියල්ල නැතිවී ගිහිල්ලා ඉවරයි. හේතුව මොකක්ද දන්නේ නැහැ. ඒත් ඔවුන් අපට ඉතිරි කර ගිය මේ අපූරු නිර්මාණ පමණක් තිබෙනවා. ඒවා අපව පුදුමයෙන් පුදුමයට පත් කරනවා. කොහොමද ඒවා හැදුවේ කියලා. මේ නිර්මාණය හැදුවේ ඇයි කියන කාරණාව වගේම හැදුවේ මොකටද කියන දේත් ප‍්‍රශ්නයක්. ඒකට පිළිතුරු සෙවීම පහසු කාරණාවක් නම් නොවේ.

Post a Comment

5 Comments

  1. මේ වගේ දේකදි මාතෘකාව සිංහලෙන් විතරක්ම නැතුව ඉංගිරිස් වලිනුත් දාන්න පුලුවන් නම් හොඳයි..එතකොට අපිට ඉතිරි ඒව සේච් කරල හොයතහැකි..

    ReplyDelete
  2. ස්තුතියි ලිපියට. මේ පිළිබඳව වැඩි විස්තර History කියන චැනල් එකේ ගිය Ancient Aliens කියන කථා මාලාවෙ තියෙනවා. මේ සීරීස් එක ටොරන්ට් එකක් විධියට ගන්න පුළුවන්.

    ReplyDelete
  3. http://www.youtube.com/watch?v=0ndvGrqscuY
    මෙවැනි විස්මිත නිර්මාණ දකින පුරතනයෝ සිතුවේ මේවා දෙවියන්ගේ නිර්මාණ බවය් , දැන් මිනිසුන දෙවියන් විස්වාස නොකරන නිසා පිටසක්වල ජීවින් මේවා නිර්මාණය කල බව සිතති. මගේ අදහස මේ දෙකම වැරදි බවය් , මේ youtube video එකේ තියෙන විදිහට වසර 3000-4000 කට පෙර ඇති දියුණු සිෂ්ටචාරයක් තිබිල තියෙනවා, ගොඩක් බුද්දිමත් මිනිස්සු ඉදල තියෙනවා , ගොඩක් මිනිස්සු දෙවියන්ගෙන් බැහැරව සත්‍ය සොයා ගහින් තියෙනවා (බුද්දාගම , ජෛන ආගම බිහිවන්නේ මේ කාලවල) , නවීන විද්‍යාවට මේවා පසුපස ඇති සත්‍ය හෙළි වෙන්නේ නැත්තේ මේවා නිපදවපු සිෂ්ටචර අභාවයට ගිය පසු නොයෙකුත් ම්ලේච්ච ශිෂ්ටාචාර මේ ගොඩනැගිලි තම ආගමික මදය්ස්ථාන ලෙසට පරිවර්තනය කල නිසය් , සියලුම සියුම් උපකරණ ඔවුන් විනාස කරලා ... ඉතිරිව ඇත්තේ මේ ගල් කැබලි පමණි

    ReplyDelete
  4. are there any documentaries to this topic and with sri lankan history and there are some rumors regarding that relationship thanx for the effort

    ReplyDelete
  5. පිටසක්වල ජීවීන් පෘථිවියට එන්න නම් ඔවුන් සතුව අධි තාක්ෂණයක් තිබිය යුතුයි. එනම් අප දැනට භාවිතා කරන් කෙමිකල් රොකට්ස්වලින් අභ්‍යවකාශ තරණය සීමසහිතයි. අඟහරුට යාමටත් මාස 8ක් ගතවෙනවා. ලඟම තරුවට ආලෝකයේ වේගයන් ගියත් අවුරුදු හතරක් යනවා, අපේ චක්‍රාවාටය කෙරවලට ආලෝකයේ වේගයෙන් ගියත් අවුරුදු 50,000ක් ගත වෙනවා. නමුත් අපට යාමට හැකි උපරිම වේග සීමාව පැයට කිලෝ මීටර 40000ක් විතර, ඒ කියන්නෙ ආසන්න වශයෙන් ආලෝකයේ වේගයෙන් 1/27000 ක් විතර. දැනට පිලිගන්නා මතය අලෝකයේ වේගයට වඩා වැඩි වේගයක් ලබා ගත නොහැකි බව. අනිත් එක ආලෝකයේ වේගය ලබා ගත්තත් එය අපගේ සිරුරේ පටක විනාශ කරන නිසා මිනිසෙකුට ගමන් කල නොහැකි බව. ඒ නිසා විශ්ව තරණය කල හැක්කේ ආලෝකයේ වේහය ලබා ගන්නවානම් force shielding ක්‍රමයක් භාවිතා කර අපගේ සිරුර ආර්ක්ෂා කිරීමෙන්. මෙවැනි ක්‍රම තවම සොයා ගෙන නැත. අනෙක් ක්‍රමය කාලය හා අවකාශය විශාල ශක්තියක් භාවිතා කර ඇදීමෙන් (continuously stretch space and time), නොහොත් යානයට ඉදිරි අවකාශය හැකිලීමෙනුත් (contracting) යානයට පසුපස අවකාශය (expanding) විශාලනය කිරීමෙනුත්. මේවා සියල්ල මත පමණි, ප්‍රායෝගිකව කල දවසට අභ්‍යවකාශ තරණය සැබෑ විය හැක. ඉතින් මෙවැනි අධි තාක්ෂණයක් සහිත පිටසක්වල ජීවීන් පෘථිවියට පැමිණ අපට ලබා දෙන්නෙ ගල් කුට්ටි වලින් නගර නිර්මාණ කිරීමේ ගල් යුගයේ තාක්ෂණයද ? රොබට්

    ReplyDelete