HOT

5/recent/ticker-posts

promo-container

සමනළයා : පාඨක නිර්මාණ



මල් පෙති මෙන් ඔබේ අත්තටු
හරි සිනිදුයි සමනළයෝ
දේදුන්නේ පාට වගෙයි
හරිම හැඩයි සමනළයෝ

මලින් මලට රොන් අරගෙන
මල් පෙති මත අඩි තිය තිය
හොරෙන් හොරෙන් පාන්දරම
කොහෙද යන්නෙ සමනළයෝ

රෝස කැකුළු සමන් පිච්ච
ඉද්ද පොකුරු සුදු අරලිය
මල් ගොමු තුල මලින් මලට
ඉගිල කොහෙද යන්නේ ඔබ

බුදු සාදුට මල් අරගෙන
සිරීපාදෙ යනවද ඔබ
බුදු පුදනට මල් අරගෙන
මම එන්නද ඔබත් එක්ක

~ප්‍රභානි අනුත්තරා~

අදහසක් පළ කරන්න

1 Comments

  1. prabhani ge nirmanaya lassanay.thava liyanna.

    ReplyDelete