HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

හැරී පොටර්ගේ අදිසි සළුව හැබෑවක් වේවිද? : දැන මුතු

හැරී පොටර් පොත් කියවනවා නම්, ඒවා පාදක කර ගෙන තැනුණු චිත‍්‍රපට නරඹලා තියෙනවා නම්, හැරී පොටර් නොපෙනී යන්න පාවිච්චි කරන ‘අදිසි සළුව’ ගැන දන්නවා ඇති. හැරී පොටර් කතා මාලාවට මෙන්ම සුප‍්‍රසිද්ධ ගි‍්‍රම් සොයුරන්ගේ සුරංගනා කතාවලත් නොපෙනී යා හැකි සළු ගැන කියැවෙනවා. ප‍්‍රබන්ධ සාහිත්‍යයේ ප‍්‍රසිද්ධ මේ අදිසි සළු යථාර්ථයක් කර ගන්න යුරෝපයේ විද්‍යාඥයන් පිරිසක් සමත් වුණා.


ජර්මනියේ කාල් ෂ්රූ තාක්ෂණික ආයතනයේ හා ලන්ඩනයේ ඉම්පීරියල් විද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් තමා මේ සාර්ථක අත්හදා බැලීම කරල තියෙන්නෙ. ඡායාස්ථ ස්ඵටික විශේෂයක් යොදා තැනූ සළුවක් යොදා ගෙන රන්පැහැ මතුපිටක් මත තැබූ වස්තුවක් අතුරුදන් කිරීමට මේ විද්‍යාඥ පිරිස සමත් වී තියෙනවා. ‘‘ඒක හරියට දර ගොඩක් සළුවකින් වසනවා වගේ වැඩක්. මෙහිදී වෙනසකට තියෙන්නේ ඒ සළුවත් අතුරුදන්වීමයි. කුමන කෝණයෙන් බැලූවත් සළුවවත් වස්තුවවත් පෙනෙන්නේ නැහැ’ මේ පිළිබඳ අදහස් දක්වමින් ඒ ව්‍යාපෘතියේ එක් පර්යේෂකයකු වූ නිකලස් ස්ටෙන්ජර් කියනවා.

මේවගේ නොපෙනී සිටිය හැකි සළු වෙනත් අය විසින් නිර්මාණය කර තිබුණත් ඒවා ද්විමානයි. ඒ කියන්නේ එවැනි සළුවලින් වසා නොපෙනී යන්නට සලස්වන ඒවා වෙනත් මානයකින් බැලූ සැණෙන් දැකගත හැකියි. මේ සළුවේ විශේෂත්වය මෙය ති‍්‍රමාන වන නිසා මොන ආකාරයෙ බැලූවත් කොහෙත්ම පෙනෙන්නේ නැහැ.

දැනට ඉතාමත් පුංචි වස්තුවක් තමයි, මේ විදියට නොපෙනීයන්නට සලස්වල තියෙන්නේ. ‘‘දැනට තියෙන තාක්ෂණය අනුව තරමක් විශාල වස්තුවක්වත් අතුරුදන් කිරීමට හැකියාවක් නැහැ. ඒත් තවත් අවුරුදු දහයකින් මේ සිහිනය සැබෑ කර ගන්න පුළුවන් වේවි. ඒ ගැන පර්යේෂණ ආරම්භ කරලයි තියෙන්නෙ’’ ස්ටෙන්ජර් තවදුරටත් කියනවා.

Post a Comment

0 Comments