HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අලිඇතුන්ගේ පාදය ගැන කළ අලූත් සොයා ගැනීමක් : දැන මුතු

මේ දවස්වල පෙරහර වැහි වැහලා. අලි රටපුරා ගෙන යනවා පෙරහරවල අලංකාරයට එක්ක කර ගන්න. අලි බලන එක බලි බලනව වගේ බලල ඇති වෙන එකක් නෙවෙයි කියල කතාවකුත් තියෙනවා. ඒත් ඔබ කොයිම වෙලාවකවත් අලියකුගේ පාද දෙස  ඕනෑමින් බලා ඉඳලා තියෙනවද? එහෙම බලා සිටියා නම් ඔබ දකින්න ම  ඕනෑ දෙයක් තමයි, අලියාගේ පාද හතරම එකම අතකට, ඒ කියන්නෙ ඇතුළු පැත්තට, නමන්නට පුළුවන් බව. ක්ෂීරපායී සතුන් අතරින් මිනිසා ඇතුළු හැම සතකුගෙම අත් උඩ අතටත් පාද පසුපසට නමන්න පුළුවන්, ඒ කියන්නෙ ප‍්‍රති විරුද්ධ පැතිවලට විතරයි නැමෙන්නෙ. මේ විදියට පසුපස නැවිය හැකි වෙන්න හන්දි පිහිටලා තියෙන්නේ මුළු ලෝකෙන්ම අලි ඇතුන්ට විතරයි. අද අපි කියන්න යන්නේ අලිඇතුන්ගේ පාදය ගැන කළ අලූත් සොයා ගැනීමක් ගැනයි. 

1706 දී පැට්රික් බ්ලෙයාර් කියන ස්කොට් ජාතික වෛද්‍යවරයා එංගලන්තයේ ඩන්ඞී ප‍්‍රදේශයේ මිය ගිය ඇතකු ව්‍යච්ඡ්දනය කොට ඒ කියන්නෙ කපා කොටා අලියකුගේ කායික ස්වරූපය පිළිබඳ සවිස්තර සටහනක් මුල්වරට ඉදිරිපත් කළා. එහි ඔහු සඳහන් කර තියෙනවා අලියාට හයවැනි ඇඟිල්ලක් තිබූ බව.

පසුව ආ විස්තරවල මෙය ඇඟිලි පහක් වශයෙන් නිවැරදි කෙරුණා. ඒ ‘හයවැනි’ ඇඟිල්ල එනම් පූර්ව අංගුෂ්ඨිය (පෙරඇඟිල්ල) සැබෑ ඇඟිල්ලක් නොව කාටිලේජ දණ්ඩක් ලෙස දක්වමින්.එහෙත් රාජකීය පශු වෛද්‍ය විද්‍යායතනය දැන් සොයා ගෙන තියෙනව, මේ හයවැනි ඇඟිල්ලත් වෙනත් සමහර සතුන්ටත් ඇති මංශ පේශීන්ට ශක්තිය සපයන දික්වූ අස්ථියක් බව.

අලින්ගේ මේ පෙර ඇඟිලි වෙනත් සතුන්ට ඉතා සුළු නොවැදගත් ඒවා වුනත් අලියාට නම් විශාල බරක් ඔසවාගෙන යා හැකි කුරුපාවක් හෙවත් මුක්කුවක් ලෙස හුඟක් ප‍්‍රයෝජනවත් වෙනවා. පුදුමයකට වාගේ මහාචාර්ය ජෝන් ආර්. හචින්සන් ප‍්‍රමුඛ පිරිසට හමුවෙලා තියෙන හැම පොසිලයක ම පෙර ඇඟිල්ල හරිම අමුතු රටාවකට තමයි, පිහිටා තිබුණෙ. කලින් නොවැදගත් ශරීර කොටසක් ලෙස බැහැර කළ ද පසු අධ්‍යයනයන්ගෙන් එය කාටිලේජ දණ්ඩක් ලෙස ආරම්භ වී පසුව වැඩෙද්දී අස්ථියක් බවට පත් වූවාය යන අදහස පිළිගැනීමට ලක් වුණා.

මේ අතිරේක ඇඟිල්ල, තිලාභ (තල ඇටයක හැඩයක් ඇති) අස්ථිය යෝධ පැන්ඩාවන්ටත් තියෙනවා. ඔවුන් උණ අතු අල්ලා ගන්නේ ඒ ඇඟිල්ල උපකාර කර ගෙනයි. වැලි මීයන්ටත් මේ හා සමාන ඇඟිල්ලක් තියෙනවා, පොළොව හාරන්න උදව් වෙන්න.

ලන්ඩනයේ රාජකීය පශු වෛද්‍ය ආයතනයේ විද්‍යාඥයන්ට ලොකු ප‍්‍රහේලිකාවක් වෙලා තිබුණා, මේ අලියාගේ අතිරේක ඇඟිල්ල කුමකට ද යන්න. මියගිය අලින්ගේ පාද ස්කෑන් කර බැලූ විට ඔවුන්ට පෙනී ගියා ඒ හයවැනි ඇඟිල්ල අලියාගේ දැවැන්ත සිරුර සමබරව තියාගන්න ඉතා වැදගත් බව.


අලිඇතුන්ගේ හයවැනි ඇඟිල්ල සැබෑ ඇඟිල්ලක් නෙවෙයි. එය අනික් සතුන් කණ්ඩරාවන් නිසි තැන රඳවා තැබීමට භාවිත කරන මහපටැඟිල්ලක් තරම් ලොකු ඇට කැබැල්ලක් පමණයි.


1710 දී පැට්රික් බ්ලෙයාර් විසින් අඳින ලද අලියකුගේ ඇටසැකිල්ලක සටහනක්. පුදුමයට කරුණක් වන්නේ එහි ඇඟිලි හයක් දක්වා තිබීමයි.


මේ ආදර්ශ රූපයෙන් දැක්වෙන්නේ ප‍්‍රධාන පාදයට ‘හයවැනි ඇඟිල්ල’ (කවයකින් ලකුණු කර ඇති) සම්බන්ධ වී ඇති ආකාරයයි.


අලියාගේ පාදය පරිණාමය වූ අන්දම - ප්‍රොබොස්කිඩියා ගෝත‍්‍රය : නුමිඩොතේරියම්, ගැම්ෆොතේරියම්, එලිෆස්

Post a Comment

2 Comments

  1. obage lipi ithaaamath wadagath lipi sambarayaki.nodanna,kisi dinaka asa nomathi karunu pawa dinapatha apa obe lipi magin dana gannawa.obata bohomath sthuthiy....

    ReplyDelete