HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

පැරණිම බටහිර ළමා ගීය කුමක් ද? : ළමා ගී

බටහිර ළමා පද්‍ය සාහිත්‍යය ඇරඹුණේ 17 වැනි සියවසේ දී නැලවිලි ගී සමග යැයි දක්වේ. ළමයින් නැලවීමට යොදා ගන්නා ‘ලා ලා’ යන්න හා ‘බයි බයි’ යන්න එක්වීමෙන් දරු නැලවිලි ගීය හැඳින්වෙන  ‘ලලබි’ (lullaby) යන ඉංගිරිසි වදන හැදෙන්නට ඇතැයි සිතිය හැකිය. හීබ්රූ බසින් ‘ලිලිත් බායි’ (යකා යන්න ගියා) යන්නෙන් බිඳී එන්නට ඇතැයි යනු තවත් මතයකි. ලිලිත් යනුවෙන් හීබ්රූ බසින් හැඳින්වෙන්නේ ළමයින් ගෙන යන්නට එන යක්ෂයාය. මේ අදහස ලියූ ඵලක ළමයා නිදා ගන්නා කාමරයේ සිව් කොනේ එල්ලා තැබීම එකල යුදෙව් ජාතිකයන්ගේ සිරිත විය.



‘ලයි ලයි බයි බයි’ හඬ දරුවන් නැලවීමට ලොව පුරා හැම ශිෂ්ටාචාරයක ම පාහේ භාවිත වූවක් බව ඒ ඒ රටවල දරු නැලවිලි ගීවල අනු ගැයි විමසා බලන විට පෙනේ. බිලිඳුන් නැලවීම පිණිස ඇරඹුණු ළදරු ගී හෙවත් බිලිඳු ගී (nursery rhymes) අනාදිමත් කාලයක සිට ලොව පුරා විවිධ ජන සමාජවල කට වහරේ පැවතියත් ඒවා කට වහරෙන් ගත් වහරට ගත්තේ 19 වැනි සියවසේ දී තරමය.

ළමයකු ගැන ලියැවුණු පැරණිම කවිය පළ වී වසර 561කි. සිංහල සාහිත්‍යයේ එන සඳහන ඇත්තේ කි‍්‍ර. ව. 1449 දී ලියන ලද්දක් වන කාව්‍යශේඛරයෙහිය. තොටගමුවේ ශී‍්‍ර රාහුල හිමියන්ගේ අග‍්‍රගණ්‍ය නිර්මාණයක් සේ සැලකෙන කාව්‍යශේඛරයෙහි එන සේනක පඬිතුමාගේ ළදරු විය විස්තර කිරීමට යොදා ගත් කවියකි. (පැරණිම සිංහල ළමා කවිය බලන්න.)

එංගලන්තයේ බිලිඳු ගී පොතක් මුලින් ම පළ වූයේ 1806 දීය. වසර 204ක් පැරණි එය ‘රයිම්ස් ෆෝ ද නර්සරි’ (Rhymes for the Nursery) නමින් ජේන් ටේලර් නම් කාන්තාව විසින් ලියන ලද්දකි. සිංහල අපට ද හුරුපුරුදු ‘ට්වින්කල් ට්වින්කල් ලිට්ල් ස්ටාර්’ ගීය මුලින් ම පළ වූයේ එම කෘතියෙහි ය. එම ගීතයට යොදා ගෙන ඇත්තේ එකල ජනපි‍්‍රය ප‍්‍රංශ ළමා ගීයක විරිතක් යැයි සඳහන්ය.

     Twinkle, twinkle, little star,
     How I wonder what you are.
     Up above the world so high,
     Like a diamond in the sky.

     When the blazing sun is gone,
     When he nothing shines upon,
     Then you show your little light,
     Twinkle, twinkle, all the night.

     Then the traveller in the dark,
     Thanks you for your tiny spark,
     He could not see which way to go,
     If you did not twinkle so.

     In the dark blue sky you keep,
     And often through my curtains peep,
     For you never shut your eye,
     Till the sun is in the sky.

     As your bright and tiny spark,
     Lights the traveller in the dark.
     Though I know not what you are,
     Twinkle, twinkle, little star.

අහසේ දිලෙන කුඩා තරුවක් ගැන කියැවෙන මෙම බිලිඳු ගීයෙහි ළමයින් සඳහා සුදුසු වදනින්, ළමයකුගේ ඇසින් දකින ආකාරයට පෙළ සකසා ඇත. ඝන නිල් අහසේ දියමන්තියක් සේ දිලෙන පුංචි තරුවෙන් ලොකු සේවයක් වෙන බව, කවි පෙළ අවසානයේදී ළමයා පසක් කර ගනියි. එනම් හිරුත් සඳුත් නැති රාති‍්‍රයේ මග සොයා යන්නන්ට පුංචි වුනත් තරුව පාර කියා දෙන බවයි. සොබා දහමේ සුන්දරත්වය දරුවනට කියාපාන මෙවැනි බිලිඳු ගී ඉංගිරිසි සාහිත්‍යයේ  ඕනෑ තරම් තිබේ.

Post a Comment

0 Comments