HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අවුරුදු 9500ක් පැරණි වළල්ලකින් හෙළිවූ විස්මිත තාක්ෂණික හපන්කමක් - එතරම් හොඳින් හදන්න අදටත් බැරිලූ

මේ ඉපැරණි වළල්ලේ කැටයම් කෙතරම් සංකීර්ණ ඒවා ද යත් අද ලොව සිටිනා දක්ෂතම නිර්මාණ ශිල්පීන්ට වුවද මෙය අබිබවා යා නොහැකි යැයි පෙනී ගොස් තියෙනවා. මේ බව හෙළි වී ඇත්තේ පරිගණක තාක්ෂණයේ අලූත් ම හැකියාවන් යොදා ගෙන කළ විශ්ලේෂණයන් අනුවයි.

තුර්කියේ ඉස්තාන්බුල් නගරයේ පිහිටි ප‍්‍රංශ තාක්ෂණි ආයතනයක් වන ‘ඉන්ස්ටිට්‍යුට් ෆ‍්‍රැන්සියා ඩි’එටුඬේ ඇනටෝලියනේ’ සහ ලැබ‍්‍රටොර් ඩි ටි‍්‍රබොලොජි එට් ඩි ඩයනමික්ස් ඩි සිස්ටම්ස් ආයතනයත් එක්ව මෙම වළල්ලේ මතුපිට හා යට ස්තරවල ඇති තත්වය මයික්‍රො-කේතරේඛීය ලක්ෂණ හඳුනා ගැනීමේ ක‍්‍රමවේදය යොදා ගෙනයි, මෙම අධ්‍යයනය කරල තියෙන්නෙ.


[දීප්තිමත් නිපුණතා: ඔබ්සිඩියන් පාෂාණවලින් (යමහල් වීදුරුවලින්) තැනුනු මේ වළල්ල සියුම් කැටයම්වලින් පිරී ඇත.]

මේ වළල්ල ඔබ්සිඩියන් පාෂාණවලින් සෑදුනක්. ඒ කියන්නේ ගිනිකඳු හෙවත් යමහල් පුපුරා යන විට පිටතට ගලා යන ලාවා සිසිල් වී ඝන වීමෙන් සෑදෙන පාෂාණ වර්ගයකින් තනන ලද්දක්. මෙය යමහල් වීදුරු කියා හැඳින්විය හැකියි. පර්යේෂකයන් විසින් ඒවා විශ්ලේෂණය කළ විට පෙනී ගිය කරුණක් වන්නේ එතෙක් ලොකු අබිරහසක් ව පැවති නියෝලිතික හෙවත් නව ශිලා යුගයට අයත් සමාජය ගැන තේරුම් ගත හැකි මඟක් පෑදී ඇති බවයි.

1995 දී තුර්කියේ අසික්ලි හෝයුක් Asıklı Höyük පුරාවිද්‍යා භූමියේ කැනීම්වල දී මතු වූ මෙම වළල්ල මේ අයුරින් පරීක්ෂණ කිරීමට පරිගණක තාක්ෂණය විසින් ඒ සඳහා සුදුසු මෘදුකාංගයක් දියුණු කරන තෙක් බලා සිටිීමට විද්‍යාඥයන්ට සිදු වුණා. මේ සඳහා යොදා ගෙන ඇත්තේ මෝටර් රථයක පින්තාරු ස්තර එකින් එක පරීක්ෂා කිරීම සඳහා යොදා ගන්නා ඉසියුම් පරිගණක තාක්ෂණයයි.

මෙම පරිගණක තාක්ෂණ ක‍්‍රමවේදය අනුව පෙනී ගියේ, සෙන්ටි මීටර 10ක් පමණ වූ මේ වළල්ල නිර්මාණය කර ඔප දමා ඇත්තේ ඉතා දියුණු විශේෂිත නිෂ්පාදන තාක්ෂණයන් යොදා ගෙන බවයි. ඇත්තෙන් ම එහි මතුපිට ඔප දමා ඇත්තේ වර්තමාන දුරේක්ෂවල ඇති කාච ඔප දමන මට්ටමටයි.

මෙම වළල්ල යමහල් වීදුරුවලින් තැනුනු මෙතෙක් සොයා ගෙන ඇති පැරණිතම භාණ්ඩය ද වෙයි. නවශිලා යුගයේ මේවා භාවිත වෙන්නට ඇති. මෙම යමහල් වීදුරුවලින් කැඩපත්, භාජන ඇතුළු සියලූ වර්ගවල ආභරණ හා පලඳනා ආදිය තැනීමේ තාක්ෂණය ඉහළ ම දියුණු තත්වයෙන් පැවතියේ කි‍්‍රස්තු පූර්ව හත් දහසත් හය දහසත් අතර යුගවලදීයි.

[ඇසික්ලි හෝයුක්: වළල්ල හමු වූ නවශිලා යුගයට අයත් පුරාවිද්‍යා කැනීම්]

නවශිලා යුගයට අයත් හෝ එයින් ඉදිරියට ආ මිනිසුන් කෘෂිකර්මයෙහි නිපුණයන් පමණක් නොව විවිධ මෙවලම් හා උපකරණ මෙන් ම පලඳනා ආදිය තැනීමෙහි ද දක්ෂතා දැක් වූ මේ පරීක්ෂණවලින් හෙළිවී තියෙනවා.

Post a Comment

3 Comments

  1. සහෝදරය මේ තොරතුරු ඇතුලත් කිරීමේදි මේ වායෙ ඔබ ලබාගත් මූලාශ්‍ර දාන්න පුලුවන් නම් වටිනව..එතෙකොට විශ්වාශනීය බව වැඩිවෙනව..

    ReplyDelete
  2. මෙකත් පිටසක්වල තාක්ශණයක් කියල මොඩයො කියයිද

    ReplyDelete