වර්තමාන කැලැන්ඩරයට අලූත් කැලැන්ඩරයක් - අධික අවුරුද්දක් නෑ - අවුරුද්දකට දින 364යි - ගනින්න ලේසියි - ආර්ථිකයට පහසුයි

ඇමරිකාවේ බෝල්ටිමෝරයේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ගණිතඥයන් හා ආර්ථික විශේෂඥයන් පිරිසක් එක්ව නව දින දර්ශනයක්, ඒ කියන්නෙ අලූත් කැලැන්ඩරයක් හදලා තියෙනවා, අධික අවුරුද්දක් නැතිව පාවිච්චි කළ හැකි. ඒ අනුව සෑම අවුරුද්දකම  උපන්දින, නිවාඩු දින, නත්තල් දිනය ආදී හැම දිනයක් ම එකම දිනයකටයි වැටෙන්නෙ. හැන්කේ-හෙන්රි ස්ථාවර කැලැන්ඩරය යනුවෙන් නම් කර ඇති මේ නව කැලැන්ඩරය හඳුන්වා දෙන පිරිසේ නායකත්වය ගෙන තියෙන්නේ ආචාර්ය හෙන්රි පාකර් සහ ආචාර්ය ස්ටීව් හැන්කේ යන විශේෂඥයන් දෙපොළයි. ඔවුන්ගේ මේ කැලැන්ඩරය දැන් ලොව පුරා බහුලව පාවිච්චි කරන ග්‍රෙගරියානු කැලැන්ඩරයට, ඒ කියන්නේ කි‍්‍රස්තු වර්ෂ කැලැන්ඩරයට වඩා වෙනස් එකක්.


ග්‍රෙගරියානු කැලැන්ඩරය හදා ගෙන තියෙන්නෙ ඊට කලින් පැවති ජුලියස් සීසර් අධිරාජයා විසින් හඳුන්වා දුන් කැලැන්ඩරයෙන්. ග්‍රෙගරියානු කැලැන්ඩරයට මේ නම වැටුනෙ 13 වැනි ග්‍රෙගරි පාප්තුමා විසින් එය හඳුන්වා දීම නිසයි. 1582 දී හඳුන්වා දුන්නු ඒ කැලැන්ඩරය තමයි අද දක්වා පාවිච්චි අපි කරන්නෙ. ඒ අනුව සෑම අවුරුදු හතරකට වරක් අධික අවුරුද්දක් එනවා. ඒ අවුරුද්දේ පෙබරවාරි මාසෙට 29ක් එක් වෙනවා.

අධික අවුරුද්දක් නැති මේ නව කැලැන්ඩරයක අවුරුද්දකට ඇත්තේ දින 364ක් පමණයි. අවුරුදු පහකට හෝ හයකට හෝ සැරයක් දින හතක් දිග ‘කෙටි මාසයක්’ අලූතින් එක්වෙනවා, සූර්ය චක‍්‍රයට ගැළපෙන විදියට.
ඉදිරියට සිදුවන දේ ගැන කරන ගණනය කිරීම්වල දී මේ නව කැලැන්ඩරය නිසා ආර්ථික වශයෙන් විශාල ඉතිරියක් සිදු වන බවයි, මේ නව නිපැයුමෙහි එක් පර්යේෂකයකු වන ආචාර්ය හෙන්රි පාකර් කියන්නේ.

හැන්කේ-හෙන්රි ස්ථාවර කැලැන්ඩරයට අනුව 2012 වසරේ නත්තල් දා ඉරිදාට යෙදෙනවා විතරක් නොවෙයි, 2013, 2014 හා ඉදිරියට හැම වසරකම නත්තල් දා යෙදෙන්නේ ඉරිදාටමයි. ඊට අමතරව අලූත් කැලැන්ඩරයට අනුව මාර්තු, ජූනි හා දෙසැම්බර් මාසවලට මෙන් සැප්තැම්බර් මාසයටක් දින 31ක් වැටෙනවා. අනෙක් සියලූම මාසවලට වැටෙන්නේ දින 30ක් පමණයි.

ආචාර්ය හෙන්රි පාකර් වැඩිදුරටත් කියන්නේ ”අපේ සැලැස්ම වන්නේ හැම වසරකම එකම විදියට දින තියෙන කැලැන්ඩරයක් ඉදිරිපත් කිරීමයි. (සතියකට දින හතයි. අවසාන දිනය වූ සබත් දිනය එසේම තියෙනවා.) එවිට ජාතික සැලසුම්වලට, පාසල් කාලසටහන්වල පටන් හැම වර්ගයක ම කාලසටහන්වල අවුරුදු පතා වෙහෙස වී සකස් කිරීමක් අවශ්‍ය නෑ. ඇත්තේ අවුරුද්ද වෙනස් කරන එක පමණයි. මේ අතින් ආයතනවලට යන වියදම් විශාල වශයෙන් අඩු වෙනවා. උපන්දින, සැමරුම් දින, නිවාඩු දින ආදී හැම එකක් ම වසරේ එකම දාට වැටෙනවා. මේකෙන් අපේ එදිනෙදා වැඩ කටයුතු අවුලක් නැතිව කර ගන්න පුළුවන්. ජීවිතය වඩාත් පහසු එකක් වෙනවා.” කියායි.

මේ කැලැන්ඩරයේ අනෙක් පර්යේෂක හවුල්කරුවා වූ ආචාර්ය ස්ටීව් හැන්කේ කියන්නේ ”අපේ කැලැන්ඩරේ නිසා ආර්ථික ගණනයන්වල දී විශාල පහසුවක් මෙන් ම ලාබයක් ද ලබන්න පුළුවන්. පොළී ගණනය කිරීමේදී හැමටම සාධාරණවත් ඉක්මනිනුත් එය කළ හැකි වෙනවා. වර්තමාන කැලන්ඩරය නිසා උද්ගතවන වැරදි හා අඩුපාඩු සියල්ලම මේ නව කැලැන්ඩරයෙන් මග හරවා ගන්න පුළුවන්. අප යෝජනා කර ඇති කැලැන්ඩරයට අනුව සෑම තෙමස් කාලයකට වැටෙන්නේ දින 91ක් පමණයි. දින 30 මාස දෙකක් හා දින 31 මාසයක් හැම කාර්තුවකට ම අයත් වෙනවා.”

මේ නව කැලැන්ඩරයට ලැබෙන ප‍්‍රතිචාර අනුව තමයි, මෙය ලෝක භාවිතයට ඒවිද නැද්ද කියල කියන්න පුළුවන් වෙන්නෙ.

එතෙක් ඔබ කැමති නම් අප කලින් පලකරන ලද කැලැන්ඩරේ කතන්දරේ ලිපි 1, 2, 3 කියවන්න.

Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

3 Comments

  1. ලිපි පෙළටම ස්තූතියි ගොඩක්. මම හිතන්නෙ නෑ අළුත් කැලැන්ඩරේට විරුද්ධවෙන්න හේතුවක් තියෙනව කියලා. මොකද සාමාන්‍ය ජීවිතයෙදි ඔය කියන වෙනස්කම් ඒ තරම් දැණෙන එකක් නැති වෙයි...

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. නමුත් මෙහි අවුරුද්දකට දින 364ක් නිසා ප්රුතුවිය සූර්ය කක්ශයක් සම්පූර්ණ කිරීමට දැනට ඇති ගණනය දින 365.2475 නිසා අවුරුඅවුරුද්දකට ඇතිව තිබෙන අඩුව වන දින 1.2475 පියවීමට කර ඇති යෝජනාව වන සෑම අවු 5 හෝ 6 කට වරක් යොදන දවස් 7 මාසය පැහැදිලි නැත???

    ReplyDelete