නස්රුදින් හිටිය ගම්වල මිනිස්සු තම තමන්ගෙ වී වුනත් ගබඩා කළේ ගමටම පොදු ගොඩනැගිල්ලකයි. එක දවසක් එහෙදි නස්රුදින් අසල්වැසියන්ගේ වී එයාගේ මලූවලට පුරවද්දී ඔවුන්ගේ අතට ම අහුවුණා. ඔවුන් නස්රුදින්ව අල්ලගෙන නඩුකාරයා ළඟට අරන් ගියා.
‘‘මං මෝඩයෙක්, මං ඒ ගොල්ලන්නෙ වී අඳුනන්නෙ නෑ’’ නස්රුදින් එහෙදි නිදහසට කරුණු වශයෙන් කීවා.
‘‘එහෙම නම් ඇයි තමාගෙ වී අනිත් අයගේ මලූවලට දැම්මෙ නැත්තෙ ? නඩුකාරයා ඇහුවා.
‘‘ආ! මං මගෙ වී අඳුනනවා. මං එච්චර මෝඩයෙක් නෙවෙයි’’ නස්රුදින් උත්තර දුන්නා.
(පර්සි ජයමාන්නගේ ‘නස්රුදින්’ නම් ග‍්‍රන්ථයෙනි. මුද්‍රණය 2001-2010. ISBN 955-21-1152-8)
1 Comments
නියමයි මම හරිම ආසා කතා තමයි ඔය ලියන්නේ. දිගටම ලියන්න අපි අහලා නැති ඒවා.
ReplyDelete