අපට සොයා ගත හැකි ළමයකු ගැන ලියැවුණු පැරණි ම පද්‍ය නිර්මාණය එන්නේ කි‍්‍ර. ව. 1449 දී ලියන ලද්දක් වන නම් කවි පොතෙනි. තොටගමුවේ ශී‍්‍ර රාහුල හිමියන්ගේ අග‍්‍රගණ්‍ය නිර්මාණයක් සේ සැලකෙන කාව්‍යශේඛරයෙහි එන සේනක පඬිතුමාගේ ළදරු විය විස්තර කිරීමට යොදා ගත් කවියකි. ශී‍්‍ර රාහුල හිමියන් මේ කවියෙන් ව්‍යංගාර්ථයෙන් නිරූපණය කර ඇත්තේ උන්වහන්සේ ජයබා කුමරු වශයෙන් ගෙවූ කුඩා කාලය යයි, මතයක් ද ඇත.
‘දත් කැකුළු පෑලා
සුරතල් සිනාසීලා
බොළඳ බස් දීලා
කෙළී සියොළඟ දූලි ගාලා
මේ කුඩා කවිය දනගාමින් ඇවිදින සුරතල් දරුවකුගේ චිත‍්‍රයක් මවා පෑමට සමත් වෙයි. එහි වදන් සරල ය; සුගම ය. කවි තැනීමේ දී සමහර කවීන් යොදන අනවශ්‍ය වදන් කිසිවක් නැත. වදන් ගළපා ඇත්තේ අදහස් බිඳීමක් නැතිව එක දිගට ගලා යන පරිද්දෙනි. මෙවැනි ම කවියක් රාහුල හිමියන් කුඩා කල කියූ බව ජනශ‍්‍රැතියෙහිද එයි. කුඩා ජයබා කුමරුන් සිරි පැරකුම්බා රජතුමා වෙත පැමිණ වූ අවස්ථාවේ දී රජු ඔහුගේ සුවදුක් විචාරා කවියක් කියන්නැයි කී විට මෙම කවිය හිටිවන ම කී බවක් සඳහන් ය.
මා වැනි බිලින්දා
වර වර ළඟට කැන්දා
දුක්සැප කුමන්දා
අසන නිරිඳො වෙන කොයින්දා
එදා සිය වස් හයකට පමණ පෙර ළමයින් ගැන ලියැවුණු එවැනි අපූරු කවිවලින් පසු මේ වන විට වඩා පුළුල් ළමා පද්‍ය සාහිත්‍යයක් බිහි වී තිබේ. ඒ සඳහා දායක වූවන් රැසකි. ඔවුන් විසින් ළමයින් සඳහා වඩාත් උචිත වෙතැයි පරිකල්පනය කොට ළමා පද්‍යයට එක් කළ ගුණාංග ද රැසකි.
2 Comments
මෙවැනි තොරතුරැ ලබා දීමෙන් මාගේ ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරීමට හැකි විය.බොහෝම ස්තුතියි ....
ReplyDeleteඑක ඇත්ත
Delete