HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

පුංචි කාලේ ඉගෙන ගත් ළමා කවි

පුංචි කාලේ ඉගෙන ගත් ළමා කවි ගී අපට අදත් මතකය. පරම්පරා ගණනක් තිස්සේ පැවත එන රසවත් ගී දෙකක් අපි ඔබට ඉදිරිපත් කරමු. මේ ගීත ලියූවේ හා ගැයූවේ අද අප අතර නැති ගුරු පියෙකි. පැරණි ග‍්‍රැමෆෝන් තැටියකට කවා එකල ග‍්‍රැමෆෝනයෙන් වාදනය කළ මෙම ගී, අද ග‍්‍රැමෆෝනය අභාවයට ගිය ද, ළමා වැඩිහිටි අපේ සිත්වල තදින් ඇඳී පවතී. මෙරට ගුරු අභ්‍යාස විද්‍යාල පිහිටුවීමේ ලා පුරෝගාමී වූ අධ්‍යාපන විශේෂඥයකු වූ යූ. ජී. පී ද සිල්වා (1906-1991) මහතා මින් වසර 67කට පෙර, එනම් 1944 දී, එතුමන් විසින්ම රචනා කොට ගයන ලද ‘දොඩම් ගසේ ගීතය’ මෙසේ ය:

දොඩම් ගසේ ගීතය

”මේ ගසේ බොහෝ
පැණි දොඩම් තිබේ
පැහිල ඉදිල බිමට නැමිල
බර වෙලා අතූ
නංගිටයි මටයි
ගෙඩි දෙකක් ඇතී
වැඩිය කඩන නරක ළමෝ
හෙම නොවේ අපී”

හඳහාමී ගීතය

”හඳහාමී හැංගි හැංගි
එබිල බලනවා
ඈත සුදට වටකුරුවට
අන්න පෙනෙනවා
පුංචි අපට 
කිරියි පැණියි
දීලා යනවා”

මෙම ගීත දෙක ම පරිසරයේ චමත්කාරය රස විඳින්නට ළමයින්ට මග පාදයි. මේවා ළමයින්ට පහසුවෙන් ගායනය කළ හැකි පරිදි නිර්මාණය කර තිබීම හා ඉන් ලබන අත්දැකීම සර්වකාලීන ගුණයකින් යුක්ත වීම නිසා කුඩා ළමුන් අතර තවත් දිගු කලක් මෙපරිද්දෙන් ම පවතිනු ඇත. 40 දශකයේ දී යූ. ජී. පී ද සිල්වා ගැයූ මෙම ගීත සංගීතවත් කරන ලද්දේ සංගීතාචාර්ය යූ. ඞී. පෙරේරා මහතා විසිනි.

Post a Comment

0 Comments