HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අන්දරේගේ උපමා කවි

දවසක් රජතුමාත් බිසවත් සතුටු කතාබහක යෙදී සිටියදී අන්දරේ රජවාසලට ගොඩ විය. සුපුරුදු පරිදි සිනහමුසු මුහුණින් සිටි අන්දරේ දුටු රජුට ඔහු ලවා කවියක් කියවා ගන්නට සිතුණේය.

”අන්දරේ නුඹ කවදත් හිටිවන කවි කියන්න දස්සයා නෙ. කියාපන් මගේ බිසවටත් මටත් හිටිවන කවියක්” රජතුමා කීවේය.

”අවසර රජතුමනි, ඔබ වහන්සේ උදහස් නොවන්නේ නම් මං කවියක් කියන්නං” කී අන්දරේ හිටිවනම මේ කවිය කීවේය.

බොහොම හොඳට රන්කම් කළ වැඩක්      වගෙයි
දේවතුමට මහ බඹු දුන් ලියක්               වගෙයි
ලෝකෙ ඉන්න පඬිහට පිස්සුවක්            වගෙයි
කොහොඹ ගහට කරවිල වැල ගියා          වගෙයි

ඒ කවිය ඇසූ බිසව, අන්දරේ තමන් කරවිල වැලකට උපමා කළේ යැයි තේරුම් ගෙන ඒ ගැන අමනාපයෙන් අඬන්නට පටන් ගත්තාය.

රජතුමා බිසව සනසන්නට උත්සාහ කළේය. එහෙත් බිසවගේ නොසතුට පහ කර හරින්නට රජතුමා නොහැකි විය. බිසවගේ දුක්වීම ගැන උදහස් වූ රජතුමා අන්දරේ අමතා මෙසේ කීය.

”අන්දරේ, නුඹ අපේ බිසවුන්වහන්සේ තිත්ත කරවිල වැලකට සමාන කරපු එක වැරදියි. මටත් තරහ යන්න ඉස්සරින් ඒක හරි ගස්සන්න ඉක්මනට මොනව හරි කියාපන්”

ඉන් බියට පත් අන්දරේ ගැහෙමින් හිටිවනම මේ කවිය කීය.

කොහොඹ හොඳ දේට වෙදවරු         ගනින්නා
කරවිල අම පලක් ලෙස ගෙන           උයන්නා
පඬිවරු පිස්සුවක් මෙන් නිති            බණින්නා
මම්වද වරදකරු අහකින්                 සිටින්නා

ඒ කවිය අසා බිසවුන් වහන්සේ අතකින් කඳුළු පිසදමමින් සිනා සෙන්නට වූවාය. රජතුමා ද අන්දරේ දක්ෂකම ගැන සතුටු වී තෑගිබෝග දුන්නේය.

Post a Comment

4 Comments

  1. අන්දරේ ගේ කුකුල් කමක මහත...අඩේ මේ වර්ඩ් වේරිෆිකේෂන් අයින් කලේනැත්තං අපිට කමෙන්ට් දාන්නනම් අමාරුයි හරිය...

    ReplyDelete
  2. @ Amila : ස්තුතියි. වර්ඩ් වේරිෆිකේෂන් ඉවත් කලෙමු.

    ReplyDelete
  3. ADAKALE NAM ANDARE HISA GASA DAMAVI sent by purohitha

    ReplyDelete