HOT

5/recent/ticker-posts

promo-container

Nasrudin Books

තේ කෝප්පය : සෙන් බොදු කතා

නැන්-ඉන් ජපන් සෙන් ගුරුවරයෙක්. මෙයිජි (1868-1912) යුගයේ තමයි, ජීවත් වුණේ. ඔහු හමුවීමට විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙක් ආවා, සෙන් ගැන ඉගෙන ගන්න ආසාවෙන්.

මුලින් ම නැන්-ඉන් ඔහුට තේ පැන් පිරිනැමුවා. ඔහු අමුත්තාගේ කෝප්පයට තේ වත් කළා. ඒ කෝප්පය පිරී ඉතිරී ගියා. ඒත් නැන්-ඉන් තේ වත් කරන එක නතර කළේ නෑ.

මහාචාර්යවරයා ඒ දෙස ගල් ගැසී බලා සිටියා. තේ පිරී ඉතිරී යනවා. තවදුරටත් බලා ඉන්න බැරි තැන මහාචාර්යවරයා හඬ අවදි කළා. ”ඒක පිරිලා නෙ. තවත් වත් කළාට වැඩක් නෑ”

”මේ කෝප්පෙ වගේ ඔබේ ඔළුවත් අදහස් හා සිතිවිලිවලින් පිරිලා ඉතිරිලයි තියෙන්නෙ. මං ඔබට සෙන් කියා දෙන්නෙ කොහොමද මුලින් ඔබ ඔබේ කෝප්පය හිස් කර ගත්තෙ නැත් නම්” නැන්-ඉන් කීවා.

(පර්සි ජයමාන්නගේ ‘සෙන් බොදු කතා’ ග‍්‍රන්ථයෙනි. මුද්‍රණය 2011. ISBN 978-955-677-085-8)

අදහසක් පළ කරන්න

1 Comments

  1. නිසැකයෙන් ම!!!

    යම් දෙයක් අලුතින් ඉගෙන ගන්නකොට,
    තමන්ගෙ සියලුම මතවාද, දර්ශන තාවකාලිකව හරි පැත්තකින් තියල නිරවුල් විවෘත රාමුවක් ඇතිව ඒක ගවේෂණය කරන්න ඕනෙ
    .

    පසුව තමයි,
    අවශ්‍ය නම් තමන්ගෙ පෙර දැනුම සමඟ ඝට්ටනය කරල බලන්න ඕනෙ.

    විශිෂ්ට කතාවක්!

    ReplyDelete