HOT

5/recent/ticker-posts

promo-container

Nasrudin Books

ඉන්ෆ්ලූවෙන්සාව : වදනක් හැදුණු හැටි

ඉන්ෆ්ලූවෙන්සා කියන්නෙ ශ්වසන පද්ධතියෙ උඩු කොටසට වැලඳෙන තදබල ආසාදන තත්වයක්. ප‍්‍රතිශ්‍යාව, හෙම්බිරිස්සාව ආදියත් ඉන්ෆ්ලූවෙන්සා කියන නමින්ම තමයි, හැඳින්වෙන්නෙ. හෙම්බිරිස්සාවක් ඉක්මනින් සුව නොවුණොත් ඉන්ෆ්ලූවෙන්සා කියන තත්වයට හැරෙන්න පුළුවන්.


Influenza ඉන්ෆ්ලූවෙන්සා කියන රෝග තත්වයට ඒ නම ලැබුණෙ තාරකාවල හෙවත් ග‍්‍රහයන්ගේ නරක බලපෑම නිසා කියල විශ්වාසයක් ඉස්සර තිබුණු හින්දයි. ඉන්ෆ්ලූවන්ස් influence කියන ඉංගිරිසි වචනෙ තේරුම බලපෑම කියන එකයි. මහාමාරිය වැනි වසංගත ඇති වෙන්නෙත් මේ ග‍්‍රහයන්ගේ නරක බලපෑම නිසා කියලයි ඒ කාලෙ විශ්වාස කළේ.

අදහසක් පළ කරන්න

0 Comments