ඇය ‘හෙද සේවයේ පුරෝගාමී මාතාව’ ‘පහනක් අතින් ගත් කාන්තාව’ යන විරුදාවලියෙන් පුදනු ලැබුවාය. ඒ හෙද සේවයේ වැදගත්කම ලොවට පහදා දීම වෙනුවෙනි. ඒ අන් කිසිවකු නොව
ෆ්ලොරන්ස් නයිටිංගේල් මැතිනියයි. හෙද සේවයට ඇතුළත් වන හැම කෙනකුම දිවුරුම් දෙන්නේ ඇය සිහි කරමිනි. එහෙත් ඇය හෙද සේවයේ යෙදුණේ ඇගේ මුළු ජීවිත කාලය තුළම වසර දෙකක් වැනි කෙටි කාලයක් පමණය. ඇය සාත්තු සේවයේ යෙදුණේ කි‍්‍රමියානු යුද සමයේ දී සොල්දාදුවන් සුවපත් කිරීම පිණිසය. ඇය එම සේවයේ යෙදෙද්දී වැලඳුණු උණ රෝගයක් නිසා දරුණු ලෙස ඔත්පල වූවාය. ඒ නිසාම ඇය ඇගේ ජීවිතයේ අවුරුදු පණහක් පමණ වූ ඉදිරි කාලය ගත කළේ ආබාධිත අයකු ලෙසය.
2 Comments
This comment has been removed by a blog administrator.
ReplyDeleteThank you Anonymous for your comments. Yes, some people say that she died in a different disease. We removed your comment because we can not confirm the truth on it.
ReplyDelete