”ඔන්න අද අපි මෙහෙම ඉන්න ගමන් බිත්තරේ බිත්තරේ දාන්න ඕනෑ.” වාෂ්ප නාන තැනට ඇතුළු වෙන ගමන් එක් තරුණයෙක් හඬ නඟලා කීවා.
”බැරි වෙන කෙනා අද අපි ඔක්කොගෙම නාන බිල ගෙවන්න ඕනෑ. සියලූ දෙනාම එක හඬින් එකඟ වුණා. නස්රුදිනුත් ඒක පිළිගත්තා.
ටික වේලාවකින් හැමෝම පසු පස සඟවා ගත් බිත්තරේ බැගින් අතට ගෙන පෙන්නුවා. ඊට පස්සෙ ඔවුන් ඇහුවා නස්රුදින්ගෙන් බිත්තරේ ගැන.
”මෙච්චර කිකිළියො ඉන්න තැන අඩු ගානේ එක කුකුළෙක්වත් ඉන්න බාරිද?” නස්රුදින් එකවරම ඇහුවා.
(පර්සි ජයමාන්නගේ ‘නස්රුදින්’ නම් ග‍්‍රන්ථයෙනි. මුද්‍රණය 2001-2010. ISBN 955-21-1152-8)
0 Comments